X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


දැනුම මිනුම තරගයෙන් දිනූ වියපත් මවකට කවකටු පෙට්ටියක් තෑගි දීලා

වේගවත්ව දියුණුවට ලක්වන දකුණු පළාතේ ගම්මානයක වූ සිවිල් ආරක්‍ෂක කමිටු රැස්වීමකි. එහි විශේෂයක් වූයේ ගමේ දරු දැරියන් අතර ගම පිළිබඳ දැනුම මිනුම තරගයක් ද පැවැත්වීමයි.

දරුවන්ට පිළිතුරු දීමට නොහැකි වූ ප‍්‍රශ්න සභාවට යොමු කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙන අයට ද ත්‍යාග හිමිවිය.

ගම් සබා ක‍්‍රමය පැවති අවදියේ ගමේ නියෝජිතයා වූයේ කවුදැයි අසන ලද ප‍්‍රශ්නයට දරුවන් විවිධ නම් කීවත් ඒවා පිළිගැණුනේ නැත. අවසානයේ එය සභාවට යොමු කෙරිණ.

සභාවේ සිටි වියපත් මවක් ”මැම්බර මහත්තයා”යි කීවාය.

පිළිතුර නිවැරදි වූයෙන් ඇයට ද සභා රැුස්වීම අවසානයේ ත්‍යාගයකට හිමිකම ලැබිණ. අත්පොළසන් හඬ මැද ඉදිරියට ගිය ඇයට ලැබුණේ කවකටු පෙට්ටියකි. අන්දමන්ද වූ ඇය ”මේ හත් ඉලව්වෙන් මට ඇති වැඬේ මොකක්ද”යැයි සංවිධායකවරයාට කී විට ත්‍යාග සඳහා ගෙනැවින් තිබූ සුදු රෙද්දකට කවකටු පෙට්ටිය මරු කළා ලූ.



අදහස් (0)

දැනුම මිනුම තරගයෙන් දිනූ වියපත් මවකට කවකටු පෙට්ටියක් තෑගි දීලා

සමීර - සල්මියා Friday, 10 May 2013 03:50 PM

වියපත් අම්මට තිබුනේ කවකටු පෙට්ටියේ තියන අඩි රූල් බාගෙ පෙන්නලා ඒකෙන් ගෙදර ඉඩ කඩම් සහ කුබුරු ටික මැනල දෙන්න කියන ඉල්ලීම කරන්න (ත)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 13 May 2013 12:10 PM

සරසි ගේ ප්‍රතිචාරය වයසක අයෙකුට කරන හිත් රිදීමක් විය හැකි නේද? (නි)

:       0       0

ජයතිස්ස Monday, 13 May 2013 08:52 AM

මේ අම්මට උචිත තෑග්ගක් දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)

:       0       0

ලලිත් Monday, 13 May 2013 08:08 AM

ආච්චිට ඒක දීලා තියෙන්නේ සංවිධායකයන්ගේ දැනුම මැනලා බලන්න නේද? (නි)

:       0       0

දිසානායක Monday, 13 May 2013 01:16 AM

මැම්බර් මහත්තයාගේ ගෙම්බර් තවම මතක අත්තම්මට නේද? (නදී)

:       0       0

අමර Sunday, 12 May 2013 11:30 AM

ආච්චිට දෙන්න හරි තෑග්ගක් නැත්නම් මොන පිස්සුවටද ආච්චිව අමාරුවට දාන්නේ. අනේ මේ සංවිධායක වරුන්ටත් පොඩ්ඩක් හිතල ආච්චිට ඇරයුම් කරන්න තිබුනා. කීයක් හරි පොඩි ගානක් මුදල් ත්‍යාග කරා නම් ඉවරයි නේද?(නදී)

:       0       0

සරත් Sunday, 12 May 2013 10:21 AM

ආච්චිට හොදට තවමත් මෙම්බර් මහත්තයා මතක තියෙන්නේ. ඒ කාලේ හොඳයි නේද? (නදී)

:       0       0

සරසි Sunday, 12 May 2013 09:49 AM

ආච්චට දීපු තෑග්ග කවකටු වෙනුවට මිනී කියලා තිබුනා නම් දෙයියෝ සාක්කි වලට දාන්න තිබුනා.(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 May 2013 09:49 PM

පළමුදේ ඉවසීමයි, දෙවෙනිදේ කරුණාවයි, තමන් සතුදේ දීමයි, ලැබෙනදේ සැනසීමයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 10 May 2013 09:38 AM

තරඟය සංවිධානය කරලා තියෙන්නේ දරු දැරියන් උදෙසා.දරුවන්ට උචිත ත්‍යාග තමයි සුදානම් කරලා තියෙන්නේ. දෙයියනේ, තෑග්ගකට අල්පෙනිත්තක් දුන්නත් බාරගන්න මොලයක් නැති අම්මලානේ අපේ රටේ ඉන්නේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 10 May 2013 03:03 PM

ජයා, මට කියන්න තියෙන්නේ ඔබටත් තියෙන්නේ කවකටු පෙට්ටි අම්මගේ මොලයම තමා. මේක අවුරුදු උත්සවයක්ද? දරු ,දැරියන්ගේ දෙනුම මිනුම තරඟයක්ද? අවුරුදු උත්සවයක නම් ස්ත්‍රී,පුරුෂ,වයස් අනුව තෑගි වෙන් කරනවා. මේයාට සුදු රෙද්දට වඩා වටින්නේ නව ගුණ වැලක්.(නදී)

:       0       0

අසාද් Friday, 10 May 2013 01:54 PM

පිස්සු.

:       0       0

ප්‍රදීපා Friday, 10 May 2013 01:13 PM

දරුවන් සඳහා සූදානම් කල තෑගිනේ තියෙන්න ඇත්තේ. ඒ අත්තම්මා ඒක අරගෙන සුදුසු දරුවෙකුට දුන්නනම් ඉවරයිනේ. (ස)

:       0       0

චානක Friday, 10 May 2013 12:30 PM

වරුනගේ කතාව හරි. බොරුවට කෑගහන්න ඕන නැහැනේ. (ස)

:       0       0

හේරත් Friday, 10 May 2013 11:53 AM

මෙම්බෙර් මහත්තයා ගෙම්බර් නොදා නම්බර් එකට ප්‍රොබ්ලම් එක ෂේප් කළා. ස්තූතියි (නි)

:       0       0

වරුණ Friday, 10 May 2013 10:54 AM

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඥාති දරුවෙකුට හරි ඕක තෑගි දෙන්න තිබ්බ නේද?(නදී)

:       0       0

ඡායා Friday, 10 May 2013 10:31 AM

ගාමිණී කියන්නේ ඔයාගේ අම්මටත් මොලයක් නැහැ කියලද? වියපත් අම්මට කවකටු පෙට්ටියෙන් වැඩක් නැහැනේ. අම්මා ඒක කාට හරි දෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site