X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


දුරකතන පෙම මෝදුවී මාලයෙනුත් වන්දි ගෙවලා

(අම්බලන්තොට සනත් ගමගේ) 
දුරකතන පෙමක පැටලුණු උසස් පෙළ සිසුවියකට ඇගේ ගෙල බැඳි රන්මාලයෙන් පෙම්වතාට වන්දි ගෙවීමට සිදුවූ පුවතක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වේ. 


දුරකතනයෙන් දැන හඳුනාගත් මෙම පෙම්වතුන් දෙදෙනාගේ කතාබස්වලට අනුව අම්බලන්තොට ප්‍රදේශයේ බස් නැවතුම අසල දී හමුවිය යුතු බවට යෝජනා කරගෙන තිබුණි. පෙම්වතා නගරයේ ත්‍රිරෝද රථයකින් පැමිණ සිය දුරකථනයෙන් පෙම්වතියට ලබා දුන් සංඥා මත හඳුනාගැනීමෙන් පසු ත්‍රි රෝද රථයේ නැග ගමන් ආරම්භ කර තිබේ. 


දෙදෙනා නිවෙසකට ගොස් පෙම්වතියට යම් යම් යෝජනා කර ඇති අතර කෙසේ හෝ ඉන් මිදීමට පෙම්වතිය උත්සාහ කළද පෙම්වතා ඊට ඉඩ නොදීමෙන් දෙදෙනා අතර මත භේදයක් ඇති වී සිය පෙම්වතියගේ ගෙල බැඳි රන්මාලය කඩා ගත් පෙම්වතා තවත් ත්‍රීරෝද රථයකින් පෙම්වතිය නගරයට රැගෙන ගොස් බස්සවා පෙම්වතා පලා ගොස් ඇත. 


දුරකතන පෙමේ පල විපාක විඳි උසස් පෙළ සිසුවිය සුපුරුදු පරිදි උපකාරක පන්ති නිමවා ගෙදර ගොස් කිසිම සිදුවීමක් නොවූ ගානට නිවෙසේ  කාලය ගත කරමින් සිටින අතර සිය පියා දියණියගේ ගෙල බැඳි රන්මාලය නොදුටු හෙයින් මාලය කොයිදැයි විමසා ඇත. තරමක් පැකිලුණු දියණිය සිය පියාට සිද්ධිය පැවැසීමෙන් පසු දියණියද කැටුව අම්බලන්තොට පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇත. 


සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ලබාගත් තොරතුරු මත සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ. පෙම්වතියගේ ගෙලබැඳි රන්මාලය කඩා ගැනීමේ දී මාලය දෙකඩ වී එය අම්බලන්තොට රන්බඩු වෙළෙඳසලකින් සකසා උකස් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් උකස්කර රුපියල් 20000 ක් ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. අදාළ කුවිතාන්සිය සැකකරුගේ සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. සැකකාර තරුණයා මත් කුඩුවලට ඇබ්බැහි වූ අයකු බවත් පොලිසිය කියයි. 

 



අදහස් (0)

දුරකතන පෙම මෝදුවී මාලයෙනුත් වන්දි ගෙවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site