X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


දුරකථනය බෝඩිමේ දමා චාජරය අරන් ආ සිසුවියට තරු පෙනිලා


කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා සමග ගෙදර එන ලෙස දන්වමිනි.
තම ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේ දී එහි බැටරිය අක‍්‍රියවී තිබීම නිසා එය සක‍්‍රිය කරගෙන යා යුතු හෙයින් ඇය චාජරයක් සවි කොට විදුලියට සම්බන්ධ කළාය. සක‍්‍රිය වූ පසු එය ගලවා බෑගයේ දමා ගත්තාය.
කොළඹ ප‍්‍රධාන බස් නැවතුම්පොළට ගොස් සොහොයුරාට දුරකථන ඇමතුමක් දීමට බෑගය විවෘත කොට ජංගම දුරකථනය සෙවූ ඇයට දෙවියන් සිහි වූයේ දුරකථනය කාමරයේ තිබිය දී ඇය චාජරය බෑගයේ දමා ගෙන පැමිණ ඇති බවයි.
කෙසේ හෝ සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් දුරකථන ඇමතුමක් දී සොහොයුරා සමග ගෙදර ගොස් ආපසු ආවත් යෙහෙළියන් ”කෝල් එකක් ගන්න චාජරය දීපන්” කියු විට දැන් ඇය යක්‍ෂාරූඪ වෙනවාලූ.



අදහස් (0)

දුරකථනය බෝඩිමේ දමා චාජරය අරන් ආ සිසුවියට තරු පෙනිලා

රන්දි Monday, 10 June 2013 04:20 PM

ජේ.වී.පී කාලේ 80 ගණන්වල? අපිත් රෑවෙනකොට ලොකු අම්මලාගේ ගෙදරට යනවා නිදාගන්න අම්මත් සමග, මැදියම් රෑ, සේරමලා තේ බොන්න කතාඋනා , කවුරුත් බයයි නිවසින් පිට තියන කුස්සියට යන්න. අවසානේ අපේ අම්ම වතුර ලිප තියලා ලොකු අම්මගේ දුවට කෙත්ලෙට තේ කොළ ටික දාගෙන එන්න කීවිට ඒ අක්ක අත්ලට තේ කුඩුටික අරන් අම්ම කපන හකුරු කැලි ටිකෙන් එකක් අරන් බයේ බයේ කුස්සියට ගිහින් කේතලේ පියන අරිනකොටම අල්ලපු මුර වත්තේ ටකරම් වහලෙට වේලිච්ච පොල් අත්තක් වැටුනා සරාස් ගාල පහලට වැටුන වෙඩිලි සබ්දයෙන්. අනේ අර අක්ක හිතුවේ ජීවිපි එකෙන් ඇවිත් අපිට වෙඩි තියනවා තමා කියලා. කම්පනයට කන්න ගත්තු හකුරු කෑල්ල මුට්ටියට දාලා තේ කුඩු ටික කටේ දමාගෙන ගේ ඇතුලට දුවගෙන ආවා. කතා කරගන්නත් බැහැ නහයෙන් , කටින් තේ කුඩු පෙරාගෙන .....? මම ගොඩක් චුටීයි , එදා මම ලාම්පු එලියට ඒ අක්කව දැක්කේ ? එයට කව්රුහරි එලියට ගියාට පස්සේ වෙඩි තියල කියලයි ...? අදත් අපිට හිනා ඒ සිදුවීමට ...?(නදී)

:       0       0

ගංගානි Monday, 17 June 2013 11:39 AM

තරු නොපෙනී තිබුනොත් තමයි පුදුමේ

:       0       0

ජයරුවන් Monday, 17 June 2013 11:31 AM

දෙයියෝ සාක්කි

:       0       0

සුමූ Monday, 17 June 2013 12:00 AM

නිලූ , බොරු කියන්න එපා... (නි)

:       0       0

කෙලුම් Friday, 14 June 2013 10:41 PM

නිලූ , බොරු කියන්න එපා... (නි)

:       0       0

මංජු Friday, 14 June 2013 04:58 PM

අම්මා ගහයි.(නදී)

:       0       0

මධුක Wednesday, 12 June 2013 11:58 PM

කටත් අතපසුවීම් වෙනවා. මේ ලෝකේ කවුරුවත් නැතුව ඇති එහෙම නොවෙච්ච.එහෙම කියලා ඒ තරුණියට විහිළු කරන එක අනුමත කරන්නේ නැහැ.අපි කවුරුත් මිනිස්සු.ලුණු කියලා හිතලා මාත් බත් එකට සිනි දැම්මා මේ ලඟකදී. හිතේ ප්‍රශ්න,කලබල පරිසරයක් තුල ජිවත් වීමේදී අපට මේවා වෙනවා. විටෙක ඒ වගේ සිදුවීම් පසුකලෙක සුන්දර මතකයක් වෙනවා........ (නි)

:       0       0

නිලූ Wednesday, 12 June 2013 10:59 AM

ආකිමිඩිස් **ගුරුත්වජ ත්වරණය** හොයාගත්ත වෙලේ ඇදුම් නෑ කියල ඔහුට අමතක වෙලා හෙළුවෙන් දිව්වා කියල බොලාට අමතක උනාද? (ස)

:       0       0

රංජනී Tuesday, 11 June 2013 03:19 PM

මේක හිනාවට කාරනයක්ද?(නදී)

:       0       0

ලලිත් Tuesday, 11 June 2013 03:11 PM

පොලවේ පය ගහල ඉන්න සාමාන්‍ය කාන්තාවක්. ඕවා සාමාන්‍ය දේවල්.(ස)

:       0       0

sumeda Monday, 10 June 2013 09:42 PM

ලංකාවේ වෙන ප්‍රවෘත්ති ඇත්තෙම නැද්ද? (අ)

:       0       0

රෙඩ්සන් Monday, 10 June 2013 08:49 PM

මේකත් ලොකු ප්‍රශ්නයක්ද?(නදී)

:       0       0

දම්මිකා Monday, 10 June 2013 05:53 PM

ඕවත් ප්‍රශ්නද අනේ? (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 10 June 2013 02:24 AM

පව් තම පියා බලවත්ව රෝගී වූ හෙයින් ඇයට සිහිය විකල් වෙන්න ඇති.(නදී)

:       0       0

චතූ Monday, 10 June 2013 03:57 PM

අයියෝ පහන් ඕක ඔක්කොම කණපිට ෆිල්ම් එකේ කෑල්ලක්නේ. (ස)

:       0       0

Monday, 10 June 2013 11:46 AM

අමතක වීම මටත් තිබුන දවසක් පාසල් යනකොට යට කලිසම පිටින් පාරට බැස්ස පස්සේ මතක් උනේ දුවල ආවා ගෙදරට.(නදී)

:       0       0

රාජෝ Monday, 10 June 2013 11:42 AM

සමහර කට්ටිය ගෙදර කට්ටිය මග හරින්න ඔහොම කරනවා. යාලුවා එක්ක රවුම් ගහන්න. (නි)

:       0       0

වානි Monday, 10 June 2013 10:52 AM

මමත් ඒ කලේ අම්ම වැඩට ගියාම ගෙදර උයනවා. එතකොට මගේ වයස එඋරුදු 10යි. එක දවසක් අම්ම මට දීල ගියා රු.2 න් බඩු ගෙනත් උයන්න කියලා. මම මගේ වයසේම යාලුවෙක් අක්ක කතා කර කර ලිප පත්තු කරන ගමන් පොල්ලෙලි අගුරට රු.2 තියල ලිප පත්තු කරලා. හාල්වලට වතුර ලිපේ තියල කඩේට යන්න සල්ලි හෙව්වා. අම්ම ආවට පස්සේ මන් කීවා සල්ලි නැතිවෙලා කියලා. අම්ම පාන් රාත්තලක් නයට ගෙනත් අපි 8 දෙනාටම කපල දුන්නා අමුවෙන්ම. ඒ එදා එත් අද අපි අපි සතුටින් ඉන්නවා.(නදී)

:       0       0

පහන් Monday, 10 June 2013 10:26 AM

මිනිහෙක් ඇවිල්ලා කිව්වලු මරුවා සමග වාසේ අම්මා බුදුවේවා කියලා පච්චයක් කොටන්න කියලා.පච්ච කොටන හාදයා බීලා ඉදලා තියෙන්නේ. මිනිහ කෙටුවලු අම්මා සමග වාසේ මරුවා බුදුවේවා කියලා .(පරණ කතාවක් ) (නි)

:       0       0

සරත් Monday, 10 June 2013 10:16 AM

වරුණ ෂුවර් එකටම ඔයවැඩේ කරන්න ඇත්තේ රංජනී වෙන්න ඕනේ! රන්ජනීත් බස්වල යනකොට ඔයිට වඩා ඒවා කරනවා! (ස)

:       0       0

ඉෂාර Monday, 10 June 2013 09:04 AM

හොඳටම ලෙඩ වුන තාත්තව බලන්න දුවද්දි ඔහොම හරි සිහියක් තිබ්බ එක ගැන සතුටුයි.(නදී)

:       0       0

හේරත් Monday, 10 June 2013 08:09 AM

චඃ ....බලාගෙන ගියාම මේක එකම විකාර ලෝකයක්නේ. (නි)

:       0       0

වරුන Monday, 10 June 2013 08:07 AM

මම දන්නා කෙනෙක්ටත් ඔහොම වැඩක් උනා ට්‍රිප් එකක් යන ගමන් කොල්ලෝ කෙල්ලන්ට දෙන්න ටෙලිපොන් නොම්මර කොලකෑලි වල ලියන් ගිහින් එක තැනකදී කලබලේට වාහනේ යන ගමන් කොළ කෑල්ල කියල අතේ තිබ්බ සල්ලිටික විසිකරලා.(නදී)

:       0       0

අමිළ කටුනායක Monday, 10 June 2013 08:03 AM

ගනන් ගන්න එපා ඕවා කාටත් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

අසාම් Monday, 10 June 2013 06:49 AM

නල්ලුරේ දී සුරුට්ටු බොන පුරුද්ද ඇති කෙනෙක් වෙලේ ගිරව් පන්නන ගිහින් රතිංඤා කරලකට ගිනි අවුලලා කටේ තියාගත්තලු.(නදී)

:       0       0

උපාලි Monday, 10 June 2013 05:38 AM

වේයන්ගොඩ දිය ඇල්ලේ ඔයේ වෙඩි දාලා මාළු අල්ලන මනුස්සයෙකුට ඔය වගේ දෙයක් වුනා දැනට අවුරුදු 50 කට විතර කලින්. මිනිහා හොඳටම බීලා ඉඳලා තියෙන්නේ. ඔය අයිනේ හොඳ මාළු වලක් තෝරාගෙන, වෙඩිල්ල පත්තු කරලා කෝට් සාක්කුවට දාගෙන ගිනි පෙට්ටිය විසි කළා මාළු වලට. හොඳ වෙලාවට සෙල් පෝන් චාජර් පුපුරන්නේ නැත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site