X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දුවගේ අනියම් පෙමට මැදිවුණ තාත්තා බෑනාට තඩිබාලා

වියලු‍ව වාර්තාකරු 
 අනියම් පෙමක පැටලී සිටි සිය දියණියගේ පැත්ත ගත් පියෙකු බෑනාට පහර දී දියණිය ආපසු සිය නිවස වෙත කැඳවාගෙන ගිය බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය.


ඔහු වියලුව ප්‍රදේශයේ ගම්මානයක තරුණයෙකි. ගොවි මහතෙකි. ඇය ‍ප්‍රදේශයට බොහෝ දුර බැහැරින් පිහිටි නගරබද ප්‍රදේශයක තරුණියකි. වසර ගණනක්  ඔවුන් අතර පැවති පෙම් සබඳතාව අවසන් වූයේ දෙපාර්ශවයේ ඥාතීන්ගේ ආශිර්වාද මැද  සිදුකෙරුණු විවාහයකිනි.


 අග හිඟ කම් කොතෙක් තිබුණද වසර කීපයක් තිස්සේ එකිනෙකාට ආදරයෙන් ගෙවුණු විවාහ දිවිය දෙදරා යන්නට පටන් ගත්තේ ඔවුන් දෙදෙනා අතරට තෙවන පාර්ශවකරුවකු පැමිණීමෙනි.


තම සුරූපී බිරිය සම්බන්ධයෙන් පැතිර ගිය කට කතා එතරම් හොඳ නොවූවත්  සිද්ධිය අතට අසු වන තුරුම ඔහු නිහඬව සිටියේ රට්ටු කියන කතා එතරම් ගණන් ගත යුතු නැතැයි තමාටම කියා ගනිමිනි.


 පසුගිය දිනෙක ඔහු සිය කුඹුරට ගියේ එහි  ගොවිතැන් කටයුතුවල තත්ත්වය දැක බලා ගන්නටය.


 සිය දුරකථනය අමතකව ගිය ඔහු යළි පැමිණියේ එය රැගෙන නැවත කුඹුරට යාමටය.


මුළුමනින්ම ආරෝපණය කර තිබූ (චාර්ජ්) දුරකතනය ඒ වන විටත් අක්‍රියව තිබීම නිසා ඔහුට සැකයක් ඇතිවිය.


දුරකතනය පරීක්ෂා කරද්දී ඔහුට දැක ගන්නට ලැබුණේ  පණිවිඩ හුවමාරු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ඇය කිසිවකු සමග බොහෝ වේලාවක් කතා කර තිබූ බවකි.


සැකය තහවුරු කරගෙන ඒ පිළිබඳව සිය බිරියගෙන් විමසූ ඔහුට ඇයගෙන් අසන්නට ලැබුණේ මහා ගෝරනාඩුවකි.
එතෙකින් නොනැවතුණු ඇය සිය පියාටද ඇමැතුමක් දී සිද්ධිය කියා සිටියේ කඳුළු වගුරුවමිනි.


 හෝරා කීපයක් ගතවෙද්දී  තවත් පිරිසක් ද සමග නිවසට පැමිණි ඇයගේ පියා සිය බෑණාට හොඳ හැටි පහරදී දියණියත් රැගෙන ආපසු ගියේ  ඔවුන්ගේ ආදර කැදැල්ල ආරක්ෂා කර දීම වෙනුවට එය කඩා ඉහිරවමිනි.


අවසානයේ අසරණ වූ තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළේ  තමුන්ගේ මතු ආරක්ෂාව වෙනුවෙනි.

 



අදහස් (0)

දුවගේ අනියම් පෙමට මැදිවුණ තාත්තා බෑනාට තඩිබාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site