ඩිංගිරි අම්මා විවාහ වී සිටි කලුබංඩා වසර කිපයකට පෙර වල් අලියකු විසින් මරණයට පත්කළ අතර ඩිංගිරි අම්මාගේ දුව මුතුමැණිකා මහගෙදර සිට අම්මාගේ කටයුතු බලාකියාගෙන සිටි අතර ඇගේ යෙහෙළියකගේ මාර්ගයෙන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවක් සඳහා පිටත්ව ගියත් නිවසේ තනිවූ අම්මා පිළිබඳ නිරන්තරව සොයා බැලුවාය. සේවයට ගොස් මාසයක් දෙකක් අතරතුර නිතරම පාහේ නිවසට පැමිණ අම්මාගේ සැපදුක් සොයා බැලුවාය.
ගම හැරගිය මුතුමැණිකාටද නාගරික විසූකදස්සන සමාජීය ඇසුර නිරතුරුව ලැබුණ හෙයින් ඇගේ අභ්‍යන්තර, බාහිර ස්වරූපය වෙනස්විය. විශේෂයෙන්ම චීත්තයකින් සහ හැට්ටයකින් යුතු ඇඳුමකට පුරුදුව සිටි ඇය දැන් දිගු කලිසමකින් සැරසෙන්නීය. ඇයගේ භාෂා ව්‍යවහාරයෙන්ද වෙනස් විය. ඇයද ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතයට හුරුවිය.
නිවසින් බැහැරව සිට අවුරුද්දකින් පමණ තම මෑණියන් බැලීමට දවසක් ඇය තම නිවසට පැමිණෙන්නේ තවත් යෙහෙළියන් දෙදෙනකුද සමගය. නිවසට ගොඩවනවාත් සමගම සාලයේ පැදුරක වාඩිවී අතුල්පතක් වියමින් සිටි තම මව දුටු මුතුමැණිකා “අම්මේ මට නිතරම එන්න ටයිම් එකක් නෑ. අදත් මේ ආවේ මෙඩිකල් එකක් අරගෙන” යනුවෙන් තරමක සැරෙන් කීවාය. එසේ කී ඇය දෙස අම්මා බැලුවේ ඉතා අහිංසක සහ බියගුලු ස්වරූපයකිනි.
“හැමදාම එන්න ඕන්නෑ දුවේ” කියා ඩිංගිරි අම්මා තේ වතුර ටිකක් දුවට සහ අනෙකුත් දෙදෙනාට දීම පිණිස කුස්සියට ගොස් වතුර මුට්ටියක් ලිපේ තැබුවාය.
ඒ අතරතුර මුතුමැණිකා තම යෙහෙළියන්ද සමග අසළ ළිඳකට ගියේ මූණකට සෝදාගනු පිණිසය. ඒ අතරතුර ඩිංගිරි අම්මා දුව විසින් ගෙනෙන ලද පාර්සලය විවරකර බැලීමේදී ඇය දුටුවේ කේක් ගෙඩියකි. ඩිංගිරි අම්මා එය පෙති කීපයකට කපා ඇය පාවිච්චි කරන බෙලෙක් පිඟානක තබා මේසයක් මත තැබුවාය. ඩිංගිරි අම්මා තේවතුර සකස් කරන අතර මුතුමැණිකා සහ ඇගේ යෙහෙළියෝ දෙදෙනාද නිවසට ගොඩ වූහ. ඩිංගිරි අම්මා තම දුව ළඟට පැමිණ දුවේ අර මෙඩිකල් එක මම කැපුවා උඹලා මෙඩිකල් කෑල්ලක් කාලා මේ තේ වතුර ටික බීපල්ලා කියා කීවාය.
ඩිංගිරි අම්මාගේ එම ප්‍රකාශයෙන් ඇගේ දුව මුතුමැණිකා මෙන්ම ඇගේ අනෙකුත් යෙහෙළියෝ දෙදෙනාද මවිතයට හා විශ්මයට පත්වූහ. මුතුමැණිකා අම්මා ළඟට ගොස් “අම්මේ මොකක්ද කීවේ” කියා ඇසුවාය.
“එවිට අම්මා කීවේ ඇයි දුවේ උඹ කීවේ මෙඩිකල් එකක් අරගෙන ආවේ කියලා නේද? මම ඒක උඹේ බෑග් එකෙන් අරගෙන කැපුවා.”
එවිට අම්මාගේ කතාවේ තේරුම තිදෙනාටම වැටහිණි. අම්මා එහිදී හැසිරී ඇත්තේ රැවටී වැඩ කළේ මෙඩිකල් එක කියන්නේ කේක් එකට කියා සිතමිනි.
යෙහෙළියන් දෙදෙනා මුතුමැණිකාට කීවේ අම්මාට තේරෙන භාෂාවෙන් මෙය තේරුම් කරලා දුන්න නම් ඒ අම්මා මෙවැනි දෙයන් නොකියන බවයි. මුතුමැණිකා විලියෙන් ඇඹරී ගෙට යන අතර තම සිතට ගත්තේ ඇය නැවත එහෙම වචන අහුලාගෙන නොකියා සිටීමටය.
එස්.එම්. සිරිවර්ධන
මහව.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුවේ මෙඩිකල් කෑල්ලක් කාලා කහට බීලා හිටපන්