X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දෙපා පණ නැති යාචකයා අන්තිම බසය අල්ලන්න දුවලා

(කලවාන උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)

ඉතා අමාරුවෙන් නගරයේ සිඟමන් යැදි පුද්ගලයකු හවස බස් රථය අල්ලන්න දිවගිය පුවතක් නගරාසන්න ප‍්‍රදේශයකින් වාර්තා වේ.

සිදුවීම මෙසේය.

ඔහු උදෑසන සිට හවස්වන තෙක් නගරයට පැමිණෙන ජනතාවගෙන් හිඟමන් යැද ඇත්තේ තම දෙපා පණ නැති බව පවසමින්ය. කිහිළිකරු දෙකකින් ඉතා අමාරුවෙන් බස්රථවලට ගොඩ වෙමින් තම දෙපා වාරු නොමැතිකම නිසා රැකියාවක් කිරීමට නොහැකි බවත් ඒ හෙයින් තමන්ට කුසට ආහාරයක් ලබා ගැනීමට මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

අනුකම්පා සහගත ජනතාව මොහු වෙත මිල මුදල් මෙන්ම ආහාර පාන ද පරිත්‍යාග කර තිබේ. සිඟමන් යැදීම හවස්වන විට අවසන් වී ඇති අතර ඔහු යාමට නියමිත අවසන් බස් රථය ද නික්ම ගොස් තිබුණේ පොදු වැසිකිළිය පිටුපස අඩියක් ගැසීමට ගොස් සිටි අතරය. ත‍්‍රිරෝද රථයක් ගෙන බස් රථය පසුපස හඹාගිය ඔහු බස් රථයට පිටුපසින් ත‍්‍රිරෝද රිය නවතා මුදල් ගෙවා බස් රථය පිටත්වනු දුටුවනම කිහිළිකරු දෙක අතට ගෙන දිවගොස් බස් රථයේ එල්ලී තිබුණේ ත‍්‍රිරෝද රථ රියැදුරු ද අන්ද මන්ද කරමිනි.



අදහස් (3)

දෙපා පණ නැති යාචකයා අන්තිම බසය අල්ලන්න දුවලා

arschfikaa Tuesday, 04 April 2017 02:14 PM

ලංකාවේ ඉන්න හිඟමනේ යෙදෙන හැම කෙනාම බොරුවට අන්ධ පාට හෝ මූවගේ කොරපාට් දාගෙන,ජනයා රවටල සල්ලි හම්බකොරති,මේවා කොරන්නේ ඔක්කොම සුරුට්ටු සිංහලයන් කියල කව්රුත් දනී.

:       741       107

තුශාර Wednesday, 05 April 2017 08:38 AM

අවුරුදු 14ට අඩු ලමයි සමග පාරෙ සිගමන් යෙදීම තහනම් කල යුතුයි, වෙනත් අයගෙ දරුවන් කුලියට ගෙන මත් බෙහෙත් පොවා මහ වැස්සෙයි, මහ අව්වෙයි පාර දෙපස සහ බස් වල සිගා කනව අනන්තවත් දැක ඇති. මහ සද්ද බද්ද අස්සෙ මෙ දරුවන් උරහිසෙ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්නව දැක තියෙනවද?

:       0       230

Gayan randika Tuesday, 11 April 2017 05:06 PM

ඔය මනුස්සය ඉන්නේ ජා ඇල ප්‍රදේශයේ කලින් හිඟා කෑවේ මීගමුවේ ස්ථිර පදිංචිය සීදුව අම්බලම්මුල්ල ළමයින්ට හොඳටගෙවල් දොරවල් හදල දුන්නෙත් ඔය රස්සාවෙන්ම තමයි . මම දැකල තියනවා රූට් එකට පාන්දර එනවා 244 ගම්පහ බස් එකක් ස්ටෑන්ඩ් එකට එක එන්නේ කොටුගොඩ ඉඳල ඔය කියන ඇවිදින්න බැරි මිනිහා අම්බලම්මුල්ලේ ඉඳල පින් සීදුව හන්දියට ඇවිත් ඔය කියන බස් එකට එල්ලෙනවා එතන ඉඳන් ඔය කියන බස් එක හොරෙන් පාරේ ඉන්න මිනිස්සුන්ව මීගමුවට ගෙන එනවා ඔය එන අතරේ ඇවිදින්න බැරි මිනිහ තමයි කොන්දොස්තර වැඩේ කරන්නේ ඇවිත් මිගමුව බෞද්ධ මන්දිරය ඉස්සරහ ඉදගන්නවා ෂර්ට් එක ගලවලා .ඕක මීගමුවට දැන් චාටර් එ නිසා දැන් ජා ඇල kFC ඉස්සරහ දැන් ඉන්නවා දකිනවා

:       0       14

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site