X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


දේශපාලකයෙක් ගැබිනි මාතාවන්ගේ දානයට බලෙන් ඇවිත් කාලා ගිහින්


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගැබිනි මව්වරුන් සඳහා පැවැත්වුණු දානමය පිංකමකට අනාරාධිතව එක්වූ දේශපාලනඥයකු ගැබිනියන් සඳහා සූදානම් කර තිබූ ආහාර ඔවුන් කිහිපදෙනකුට බෙදා දී තමන් ද සප්පායම් වී හස්ත සංඥාවෙන් යන බව කියා පිටව ගිය පුවතක් පසුගියදා මීගමුවට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා විය.

ගමේ තරුණ පිරිසක් අසල්වාසීන්ගේ ද දායකත්වය ඇතිව මෙම ගැබිනි මව් සත්කාර වැඩසටහන සංවිධාන කරනු ලැබ තිබිණි. ගමේ මෙන්ම අසල්වාසී ගම්මානවල ද වෙසෙන ගැබිනියන් සොයා මෙම දානයට එක්වන ලෙසට ආරාධනා කරනු ලැබීය.

ගැබිනියන්ට රිසි දේ රිසි පරිදි ලබා ගැනීම පහසුවන පරිදි ආහාර බෙදා ගැනීමට සලසා තිබුණේ බුෆේ ක‍්‍රමයටය. දිවා ආහාරයට පෙර කෙටි දම් දෙසුමකින් ගැබිනියන්ගේ සිත් පහන් කරනු ලැබීය. අනතුරුව දානයට ආරාධනා කෙරිණි.

ඒ සමඟම නවීන පන්නයේ රියක් පැමිණ ඒ අසල නතර කෙරිණි. වැඩි ප‍්‍රසිද්ධියක් නැති දේශපාලනඥයකු ඉන් බැස්සේ දෑත් ඔසවා පිරිසට ආචාර කරමිනි. සංවිධායක පිරිස මුහුණෙන් මුහුණ බලමින් මෙයට ආරාධනා කළේ කවුදැයි විමසීය. අපි කවුරුවත් කාටවත් ආරාධනා කළේ නැහැ. ඔවුන්ගේ පිළිතුර විය. මේ දේශපාලනඥයා හා දානමය පිංකමේ සංවිධායකයන් අතර සම්බන්ධයක් ද නොවීය.

පිරිසට ආචාර කරමින්ම කෑම මේසය අසලට ගිය මේ දේශපාලනඥයා එන්න එන්න කියා ගැබිනියන් කැඳවා කිහිපදෙනකු අතට කෑම බෙදන්නට විය. මේ නිසා සමහර ගැබිනියන්ට තමන් අකමැති ආහාර පානයන් ද ලැබිණි.

කිහිපදෙනෙක් අතින් වසා ඒවා එපා කියද්දී මේ දේශපාලනඥයා කළේ පිඟානක් බෙදාගෙන පැත්තකට වී රස බැලීමය. අනතුරුව නැගී සිටි ඔහු යළිත් දෑත් ඔසවා ආචාර කර රියට නැග ඉගිල ගියේ වෙන කිසිවක් නොදොඩමිනි.



අදහස් (10)

දේශපාලකයෙක් ගැබිනි මාතාවන්ගේ දානයට බලෙන් ඇවිත් කාලා ගිහින්

sachith Thursday, 23 November 2017 04:47 AM

ජන්දේ ලගයිනෙ, මේවගේ නාට්‍ය බලාපොරොත්තු වෙන්න පුළුවන්.

:       0       83

Chandralal Fernando Thursday, 23 November 2017 08:53 AM

ඒගොල්ලෝ හැමදාම කන්නේ අනුන්ගේ ඒවා නේන්නන්

:       0       110

manavi Thursday, 23 November 2017 11:18 AM

බලෙන් තමයි හැමදේම ලබා ගන්නේ.

:       0       69

himal Friday, 24 November 2017 03:53 AM

දේශපාලුවෙක්නේ, කෑමනේ, බඩත් ලොකුනේ, ඒ නිසා ආවනේ

:       0       18

Bamunuarachchi Saturday, 25 November 2017 01:14 AM

සමහරු කොන්ෆ්ලෙක් දැක්කෙත්, කෑමට පෙර සුප් එකක් බීවේත්, සැලඩ් එකක් කෑවේත් පාර්ලිමේන්තු බෝජනාගාරයෙන්...

:       0       190

රාජුන් Saturday, 25 November 2017 03:03 AM

කවුරු වුණත් කමක් නෑ. දේශපාළුවාගේ නම හරි, කවුද කියලා අපිට හිතා ගන්න මොකක් හරි හෝඩුවාවක් දෙන්නකෝ...

:       0       106

indika Saturday, 25 November 2017 03:48 AM

මොකද නම කියන්න බය. විස්තරේ හරිනම් නම කියන්න බය වෙන්නේ මොකටද? වැරදි විස්තරයක් නම් නම කිව්වොත් උසාවි ගෙනියන්න පුළුවන් චරිතය ඝාතනය කළා කියලා...

:       7       110

රවින් Saturday, 25 November 2017 09:03 AM

ඉන්දික මහතාණනි, දේශපාලකයන්ට චරිතයක් කියලා දෙයක් තියනවද?

:       0       40

Raveendra Saturday, 25 November 2017 09:36 AM

අපි සෑමවිටම කියන්නේ දේශපාලකයා යනු අනුන්ගේ මුදලින් " පිනටම ගිලින්න සහ පිනටම ජීවත්වෙන්න " හදන අයවලුන් බව... මෙය එයට හොඳම උදාහරණයකි.

:       0       51

pakeer Sunday, 26 November 2017 01:13 PM

මේ දේශපාලකයා එහෙම කරන්න ඇත්තේ, මේ දන්සල කළේ එයා කියලා එ්ත්තු ගන්නන්න වෙන්නත් පුළුවන් !!!

:       0       12

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site