සේවිකාවකගේ නැති වූ මාලය හමුවූවත් තිබූ තැන කියන්නට නොහැකිව අසරණ වූ කතාවක් අසන්නට ලැබේ.
එය කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ කාර්යාලයකි. මහජනයා නිතර පැමිණි කාර්යාලයක් නිසාම පිරිමි හා ගැහැණු සේවක සේවිකාවෝ ඉතා සැලකිලිමත් ලෙස ඇඳුම් පැළඳුම් හා ආභරණ පැළඳ සිටියහ.
හදිසියේ ප්‍රධාන ලිපිකාරිණියගේ ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ අතුරුදන් වීම නිසා ඈ තරමක කනස්සල්ලෙන් එය කාර්යාලය පුරා සොයන්නට විය. අනෙක් සේවක සේවිකාවෝ ද තම රාජකාරිය අතරතුර ද මේ ගැන විපරම් කළහ. කිසිම හෝඩුවාවක් නොතිබිණි.
ගෙදර බැරි වුණාද “අද දමාගෙන” ආ බව හොඳටම මතකද? කීයක් වටිනවාද? ආදි විවිධ ප්‍රශ්න මැද රන් දම්වැළ නැතිවීම නිසා ඇය විවිධ අය සැක කළාය. කාර්යාලයේ සියලු දෙනාගේම එදින එකම මාතෘකාව එයම විය. එදින හැඬූ කඳුළින් ගත කළ ඇය කාර්යාලය අහවර වී නිවෙස වෙත ගියාය. කාමරයට ගොස් ඇඳුම් ගලවනවාත් සමග උඩු කය යට ඇඳුමට හිරවී තිබුණු රන් මාලය බිම වැටුණි.
“කොහේද අනේ මාලෙ තිබුණෙ” පසුදා යෙහෙළියන් හා යාළුවන් අහද්දී ඇය නිහඬ වුණේ කියන්නට බැරි නිසාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැතිවූ මාලය කිව නොහැකි තැනක තිබී හමුවෙලා
රූපවතී Friday, 27 May 2016 05:21 AM
මගේ අතේ දමන වළලු 5 න් තුනක් නිවසින් අතුරුදහන් වී ගෙදර සියලු අඟලක් පුරාම සෙව්වත් නැහැ. නිවසේ තීන්ත ආලේප කිරීමට කම්පැනියකින් මේ ළඟදී ආ මිනිසුන් ගැන සැකයි. නමුත් අපිට ඔප්පු කිරීමට හැකියාවක් නොමත. හිතට හරිම දුකයි. මම ආසාවෙන් විශේෂ ගමනකට දැමු වළලු 5. මට හරිම දුකයි. (නි)
නසාර් Wednesday, 25 May 2016 11:03 AM
කිරි අම්මා ආරක්ෂා කරගෙන ම්නිබිරිගේ මාලේ (බ)
බමුණු Wednesday, 25 May 2016 01:01 PM
කව්රුහරි හොයල දෙන්න ගියානම් තමයි වැඩේ (බ)
ෆසීර් Wednesday, 25 May 2016 02:10 PM
තංගල්ලේ බැංකුවේ උකස් කරලා. (බ)
ලක්විදු Wednesday, 25 May 2016 04:48 PM
මම හිතුවේ කාගේ හරි නිදන කාමරයක තියෙන්න ඈති කියල. (බ)
උපතිස්ස Thursday, 26 May 2016 01:29 AM
කොහොමහරි මාලේ හම්බවුණ එකම මදැයි (නි)
සුජිත් Thursday, 26 May 2016 03:59 AM
මාලේ වැටුනලු කැටේට. කැටේ ගලවනකොට හම්බ වුනාලු (බ)
දිලුම් තිලකරත්න Thursday, 26 May 2016 02:58 PM
තංගල්ලේ බැංකුවේ දාලා (බ)
සුනිල් ගිකියනගේ Friday, 27 May 2016 04:05 AM
රන්හුයකට වුවද මඳ... අවසරයක් නොදෙන ලෙද... එකිනෙක ගැටෙන තද... පියයුරන් මැද විසුවෙ කෙලෙසද... (නි)
රත්න Wednesday, 25 May 2016 09:53 AM
ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ? (බ)
ධම්ම Friday, 27 May 2016 05:54 AM
නිවසේ ආලේප කළ තීන්ත වර්ගය හා පාට කිව හැකි නම් රුපවතීගේ නැතිවූ වළලු තුන සොයා දිය හැක. (බ)
බමුණුසිංහ Friday, 27 May 2016 08:32 AM
රූපවතී, අනෙක් අතේ තිබෙනවද කියලා බැලුවද? නැත්නම් මහත්තයා වෙන කාටහරි දුන්නද කියා සොයා බැලුවද? මොකද මහත්වරු විශ්වාස නැහැ. මම නොදන්නවයැ (නි)
නිම්මි Friday, 27 May 2016 05:01 PM
නසාර් කිවුවා හරියටම හරි (නි)
මෙරිල් Saturday, 28 May 2016 01:57 AM
මදැයි කරගත් දේ! (නි)
තුෂාරී Saturday, 28 May 2016 07:05 AM
ඔන්න වළලු නැතිවුණාට අහගත්ත දේ. මගෙත් පවුම් තුනක රත්තරං මාලෙයි ඊට ගැළපෙන කරාබු ජෝඩුවයි අතුරුදහන් වෙලා. සේප්පුවේ ගිහින් තියන්නයි අරන් තිබ්බේ. ගේ හැමතැනම හෙව්වා. තවමත් හොයනවා. මම නම් කාවවත් සැක කරන්නේ නැහැ. අමතකවීමකින් කොහේහරි බැරිවන්න ඇති කියලා හිත හදා ගන්නවා. (නි)
යසන්ත Saturday, 28 May 2016 09:25 AM
හිනාවෙන්න කියාපු විහිළුව! (නි)
මලික් Sunday, 29 May 2016 02:08 AM
එකත් එකටම රූපවතිගේ වළලුත් මෙලහකට හමුවෙලා ඇති. (නි)
අජිත් Tuesday, 24 May 2016 12:32 PM
හ්ම් කොහේ හරි තිබිල හමුවුණානේ. මම මේ තවමත් කල්පනා කරන්නේ ඒ කොහෙද කියල.(බ)
නසාර් Wednesday, 25 May 2016 09:45 AM
හෘදය දැනගෙන සිටියා තියන තැන (බ)
පිටබැද්දර ජයා Wednesday, 25 May 2016 09:35 AM
මොනා වුනත් ලජ්ජාවට බයට හැදුන වැදගත් කාන්තාවක් (බ)
ඩිලාන් Wednesday, 25 May 2016 08:59 AM
අයියෝ මෙහෙමත් වැඩ! (නි)
සංජීව Wednesday, 25 May 2016 06:44 AM
රන් දම්වැලක් තිබිලත් තේරුනේ නැති එකයි පුදුමේ (නි)
ශාන සෞදි Wednesday, 25 May 2016 05:18 AM
පුදුමයි නොදැක්ක එක. දැන් ගොඩක් ගැහැණු අය අඳින්නේ ඔතනින් බාගයක් එළියට පෙන්නගෙනනේ (නි)
විපුල Wednesday, 25 May 2016 05:02 AM
ඒක තිබිලා තියන්නේ තංගල්ලේ බැංකුවේ
නිල්හාන් Wednesday, 25 May 2016 04:30 AM
නියම වැඩේ තමයි ඒකත් (නි)
නිමාලි Wednesday, 25 May 2016 04:32 AM
මෙහෙමත් සිහියක් නැති ගැහැණු! (නි)
ටිකිරි Wednesday, 25 May 2016 01:13 AM
ඔතනට වහළයේ ඉඳලා සර්පයෙක්, පත්තෑයෙක් එහෙම වැටුනා නම්? (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 24 May 2016 11:11 PM
වෙන බවලත්තු නම් රන්මාල බඳින්නේ බෙල්ලේ මෙයා මොකොටද ඒක තනපටේ බැන්දේ ? මේ ලිපිකාරිණිය ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ වැඩට යන්න බඳිනවා නම් මගුල් ගෙදරකට එහෙම යන්න කෝටියක මාලයක් එල්ලන් යනවා ඇති නේද ? අනේ මෙහෙමත් ගැණු (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 24 May 2016 11:06 PM
අපට ලැබුන ආරංචි අනුව ඒක තන්ගල්ල පැත්තෙලු වැටිලා තිබුනේ. වෙන පැත්තකදී ඒක නැති වුනා නම් එයාට ඉතින් මුළු ජීවිතේම අඬ අඬ ඉන්න තිබුන..(බ)
රිතික් Tuesday, 24 May 2016 04:26 PM
දඹුල්ලට නොදුරු කිඹිස්ස කියන ප්‍රදේශයේ තිබිලා තමයි හම්බ වෙලා තියෙන්නේ (ම)
ඩොනල්ඩ් වික්‍රමතන්ත්‍රි Tuesday, 24 May 2016 02:57 PM
ඒක තණමල්විල තිබිල හම්බ වුණා අනේ ! (බ)
සුජිත Tuesday, 24 May 2016 01:48 PM
ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක්ද?(හේ)
බමුණු Tuesday, 24 May 2016 12:40 PM
කන්නාඩි කුට්ටම නළලේ තියාගෙන සොයාගෙන කන්නාඩි කුට්ටම හොයන අපිට් ඕකත් වැඩක්ද? (බ)