X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


නැතිවූ වැස්සියන් දෙදෙනා කොළයක ඔතා යටලීයක ගහලාලූ

එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගය ඇතිව රට වැස්සියන් දෙදෙනකු ලබාගත් විමලාවතී සතුන් දෙදෙනා බලාකියා ගත්තේ පණ වගේය. වැස්සියන් දෙදෙනාට පැටවුන් ලැබෙන තෙක් ඇයට ඉවසුමක් නොමැති වූයේ පවතින අගහිඟකම්වලට, කිරි විකුණා ලැබෙන ආදායම රුකුලක් වන නිසාය.

නමුත් හදිසියේම, ඊට පෙර සොරකු විසින් වැස්සියන් දෙදෙනා රැගෙන යාමෙන් ඇය පත්වූයේ දැඩි වේදනාවකටය. ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවූයෙන් ඇය ශාස්ත‍්‍රකරුවකුගේ පිහිට සොයා ගියේ හොරා අල්ලා ගැනීමටය.

සියලූ පූජා සහ ගුරු පඬුරු ලබාදීමෙන් පසු ශාස්ත‍්‍ර කරු පේනයක් බලමින් විස්තර කියන්න පටන් ගත්තේය.

‘‘මේ ඇත්තිගෙ වස්තුව අරගෙන ගිහින් තියෙන්නෙ අසල්වැසි නිවසක පුද්ගලයකුගේද සහය ඇතුවයි....මේ වෙද්දි ඒක කොලයක ඔතල යටලීයක් පල්ලෙ ගහල තිබෙන බවට පෙන්නුම් කෙරෙනව’’ මෙය ඇසීමෙන් විමලාවතීගේ කේන්තිය ඉහවහා ගියේය.

‘‘මනුස්සයෝ...මගේ නැතිවුණේ කේප්ප වැස්සියො දෙන්නෙක් මිසක් මී පැටව් දෙන්නෙක් නෙවෙයි’’ මෙයට අමතරව තමන් ශුද්ධ සිංහල වචන ටිකක්ද කියාගෙන ඇය එතැනින් බැහැර වී ගියාය.



අදහස් (0)

නැතිවූ වැස්සියන් දෙදෙනා කොළයක ඔතා යටලීයක ගහලාලූ

චින්තා Wednesday, 02 April 2014 02:19 AM

ඔය හරක් හොරකම් කරලා මොකද කරන්නේ (දී)

:       0       0

අබේසිංහ Saturday, 05 April 2014 01:18 PM

සමහර ඒවා ඇත්ත ඒවත් තියෙනවා බොරු කරන අයත් ඉන්නවා (දී)

:       0       0

ශාන්ති Wednesday, 02 April 2014 11:32 PM

කට්ටියම ළඟදී යමුද චන්දිලගේ ගෙදර මී හරක් ඔලුව බලන්න? (නි)

:       0       0

චන්දි Wednesday, 02 April 2014 02:11 PM

ගුනවර්දන අයියේ ඔලුව ගැන ලියල අපේ මහත්තය මගේ ඔලුව වහලේ ගහන්න හදනවා. මීට පස්සේ මම කිසි දෙයක් ඔයාලට කියන්නේ නැහැ ඔයාලට හැම දේම විහිළු ඔය ඔළුවට අපේ මහත්තයා හැම කෙම්මුර දවසකටම පහනක් පත්තු කරනවා . සමහර විට මොකක් හරි බලයක් තියන බව මටත් දැනෙනවා. හිටපුගමන් ලා නිල් පාටට එළියක් විහිදෙනවා.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 02 April 2014 01:50 PM

මොකක්ද ? චන්දි නංගි, කියන්නකෝ තව විස්තර ටිකක් හරක් ඔලුව ගැන (නි)

:       0       0

ශාන්ති Wednesday, 02 April 2014 11:33 AM

ඇත්ත ෆාරුක්, ඒකේ දුක උහුලන කෙනා තමයි ඒක දන්නේ.අපේ චන්දි ඇත්තටම ලංකාවට ගිහින්ද? (ස)

:       0       0

ඉඳුනිල් Wednesday, 02 April 2014 08:30 AM

වහලේ එල්ලන්න ඕනේ සාස්තර කාරයව. (නදී)

:       0       0

රණවක Wednesday, 02 April 2014 02:29 AM

හරක් දෙන්නෙක් වහලේ එල්ලලා තිබ්බොත් වහලේ කඩන වැටෙයි (දී)

:       0       0

අරෝෂ Wednesday, 02 April 2014 02:19 AM

හරි ඉහින් ඒ සාත්තර කාරයා මොනවා කරන්නද , පේනයෙන් දැකපු දේ තමයි කියුවේ (දී)

:       0       0

පිටිගල Tuesday, 01 April 2014 01:33 PM

මිනිස්සු තවමත් මේවා පස්සේ යන්නේ ඇයි? එකකින් දෙකකින් පාඩමක් ඉගෙන නොගෙන? (නදී)

:       0       0

ෆාරුක් Wednesday, 02 April 2014 12:17 AM

නැති වෙච්ච සතාගේ දුක දන්නේ නැති වෙච්ච මනුස්සයා (දී)

:       0       0

කුමාරි Tuesday, 01 April 2014 06:52 PM

මම කල්පනා කළේ වැස්සියෝ දෙන්නා මස් කරලා හම වහලේ ගහලා තිබ්බාවත්ද කියලයි. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 01 April 2014 04:30 PM

මේවට නාට්‍යයත් වග කියන්න ඕනේ.බලන්න දැන් ගොඩක් ටෙලි නාට්‍ය වල ඔය දේවල් ගැබ් වෙලා තියනවා.අපේ පැරණි මුතුන් මුත්තන් ඒ දේ හරි හැටි ඉගෙනගෙන ඉතා බලගතු ලෙස ඔවැනි දේ කළා තමා.ඒත් දැන් මෙලෝ දෙයක් නොදැන මනුෂයින් සුරා කා ඔවුන්ගේ බඩ වියත රැක ගන්න කරන කූට ක්‍රමයක් වෙලා. (ස)

:       0       0

සජී Tuesday, 01 April 2014 02:56 PM

ආනේ! ඇත්තද චන්දි අක්කේ. මාර වැඩේ නේද? ඔය මී හරකා කෑගහන්නේ දවල්ටද රෑටද අක්කේ ? මට මෙහෙම බය හිතෙනවා නම් අක්කට කොහොම ඇතිද කියල මට හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

ක්‍රිස් Tuesday, 01 April 2014 02:39 PM

චන්දි, මි හරක් ඔලුව කියල ඔයාගේ මහත්තයට අපහස කරන්න එපා. (ස)

:       0       0

චන්දි Tuesday, 01 April 2014 02:00 PM

පිටිගල එහෙම කියන්න එපා ඕව හරියට හරි .මගේ නම් ලොකු විශ්වාසයක් බයක් තියෙනවා .අපේ ගෙදර තියෙනවා මී හරක් ඔලුවක්. ඕකෙන් සමහර දාට මී හරකෙක් කෑගහන සද්දේ ඇහෙනවා. (ස)

:       0       0

චමින්ද Tuesday, 01 April 2014 01:50 PM

අසරණ වුනාම මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා ඒවගේ මිනිස්සුන්ව හුරගෙන කාල බඩ වියත රැකගන්න හදන හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න තරම් අපි බුද්ධිමත් වියයුතුයි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site