(දේවහූව ප්‍රසාද් ජයකොඩි)
තම නැන්දම්මා මිත්‍යා අදහස් විශ්වාස කරන නිතර නිතර දේවාල ගානේ යෑම පුරුද්දක් කරගෙන සිටින කෙනෙකු නිසා තමාගේ සැමියාට අයිති ඉඩම ලියා ගැනීම සඳහා නැන්දම්මා බිය කර ගැනීමට යක්ෂ බැල්මක් තමන්ට මෑතක සිට වැළඳී ඇතැයි රෝහල් ගත වූ ලේලියක පිළිබඳ පුවතක් පල්ලේපොල ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය.
මෙම කාන්තාව වසර කිහිපයක ප්‍රේම සම්බන්ධතාවකින් පසු විවාහ වී ස්වාමිපුරුෂයාට අයත් ඉඩමක කුඩා නිවසක් ඉදිකර එහි පදිංචි වී ඇති අතර, එම ඉඩමේ ස්ථිර බෝගද ඇය වවා ඇති බැවින් ඇයට එම ඉඩම හා සරුවට වැඩුණු වගාව පිළිබඳව දැඩි ආශාවක් හටගෙන ඇත.
සැමියාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු සිටින බැවින් ඔවුන්ගෙන් කාට හෝ ඉඩම නැන්දම්මා ලියා දෙනු ඇතැයි සැක කළ ඇය නිතර කල්පනා කර ඇත්තේ ඉඩම ලියාගැනීමට ආශාවක් තිබුණද එය නැන්දම්මාට කෙළින් කියා සිටීමට තමන්ට හැකියාවක් නොමැති නිසා ස්වාමියාට මේ පිළිබඳව කොතෙකුත් ඇවිටිලි කළද ඔහු එයට උනන්දුවක් නොවූයෙන් ඔවුන් සියලුම දෙනා බිය කර ඉඩම තමන්ට ලියවා ගැනීමට හොඳ උප්පරවැට්ටියක් දමන්නම් කියා සිතූ ඇය අසනීපයක් ගෙන ඇයගේ මහ ගෙදරට ගියාය.
ඇය අසනීපව දින කිහිපයක් තම මවගේ නිවසේ සිටියදී සැමියාගේ මව තවත් දෙදෙනකු සමග ලේලිය බැලීමට එහි ගොස් ඇත්තේ ලේලිය කෑමට කැමති කැවිලි වර්ග සහ ආහාර පානද රැගෙනය.
ලේලියගේ හිතේ යටපත් කරගෙන තිබෙන අරමුණු කිසිවක් නොදන්නා නැන්දම්මා ලේලිය ළඟට ගොස් ඉතාමත් ආදරයෙන් තමන් විසින් හැදූ ආහාර හා රස කැවිලි ඇයට ලබා දී ඇත. ඒවා රැගෙන පොළවේ ගැසූ ලේලිය නැන්දම්මාගේ මූණ දෙස ඇස්පිල්ලන් නොගසා විනාඩි කිහිපයක් බලා සිට එකවරම පැන ඇගේ බෙල්ලෙන් අල්ලා තරමක් දුරට මිරිකා කියා ඇත්තේ තම පුතු පදිංචි නිවසේ ඉඩම පුතුගේ නමට ලියන ලෙසත්, මිය ගිය ප්‍රාණකාරයෙක් එම ඉඩමට අරක්ගෙන සිටින බවත්ය.
කෙම්මුර දින කිහිපයක් ඇතුළත ලියා නොදුන්නොත් තමන්ට ආරූඪ වී ඇති යක්ෂයා විසින් නැන්දම්මාට දඬුවම් දිය හැකි බවත් සමහර විටක ජීවිතයෙන් පවා ඇයට වන්දි ගෙවීමට සිදුවන බව ලේලිය භූත වෙසින් කීවාය.
ලේලියට ආරෑඪ වූ යක්ෂයාට බිය වී දින තුනක් පමණ රෝහල් ගතවී ප්‍රතිකාර ලබා සුව වූ නැන්දම්මා රෝහලෙන් නිවසට යෑමට පෙර ඉඩම් රේජිස්ට්‍රාර් මහතෙකු හමු වී ඉඩම පුතුගේ නමට ලියා පසුව නිවසට ගොස් ඇත.
වසර කිහිපයක් ගත වනවිට ලේලියගේ බොරු ආරූඪය කවුරුත් දන්නා රහසක් විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැන්දම්මාගේ ඉඩමට කොටන්න ලේලිය භූතයෙක් වෙලා