X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නිඹුල්ලු-කනවැන්දුම් පැටලී ජොබ් එකට තොප්පියක්

(ගල්ගමුව - නිහාල් ජයවීර)
ගොඩනැගිලිවල කොන්ක්‍රීට් වැඩ කොන්ත්‍රාත් ගෙන කරන කණ්ඩායමක කම්කරුවකුට ‘නිඹුල්ලු’ හා ‘කනවැන්දුම්’ වචන දෙක පැටලීමෙන් නිවැසියගේ දැඩි වාග් ප්‍රහාරයකට ලක් වීමට හා වෙනදා ලැබුණ දිවා ආහාරය ද නොලැබීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ඈත ගමකින් දැන ගැනීමට ලැබෙයි.


නිවාස ඇතුළු ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඉදිකිරීම් කුලී පදනමට කොන්ත්‍රාත් ගෙන සිදුකර දෙන කුඩා ව්‍යාපාරයක් එගම පුද්ගලයෙක් පවත්වා ගෙන යයි. ඔහු යටතේ කුලී කම්කරුවෝ හත් අට දෙනෙක් දිනපතා සේවය කරති. වැඩ අධික කාලයට සිය ගමෙන්ම තවත් කම්කරුවන් දෙතුන් දෙනකු සේවයට එක්කර ගනියි. ප්‍රදේශයේ මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සඳහා ඔවුහු යති. 


එසේ දුර බැහැර ප්‍රදේශයක නිවසක ස්ලැබ් එකක් දැමීමට ගිය දිනක කණ්ඩායමට තාවකාලිකව එක් කර ගත් කම්කරුවකුට ඒ නිවසේ එක හා සමාන රූප සොබාවකින් යුත් තරුණියන් දෙදෙනකු දැක ගැනීමට ලැබී තිබේ.


“අක්කා මේ දෙන්නම කන්වැන්දුම් ද?” යි කුලී කම්කරුවා නිවැසි කාන්තාවගෙන් විමසා තිබේ. කුලී කම්කරුවා දෙස නොරිස්සුම් බැල්මක් හෙලූ ඇය නිවස තුළට යාමට සූදානම් වී තිබේ. ඇයට නෑසෙන්නට ඇතැයි සිතූ කම්කරුවා තවත් ටිකක් ඇය වෙත ළං වී පෙර ප්‍රශ්නයම අසා ඇත.


සිය නිවුන් දියණියන්ට කරන මේ අපහාසය තවත් ඉවසා සිටිය නොහැකි තැන ඇය කම්කරුවාට නොසරුප් වචන ද ඇතුළුකොට බැණ වදින්නට පටන් ගත්තාය. පාත් වූ හෙණ ගෙඩිය කුමක්දැයි නොදැන අන්දුන් කුන්දුන් වූ කම්කරුවා ගල් ගැසී බලා සිටින්නට විය.


මේ කලබලය ඇසී කොන්ත්‍රාත්කරු ඇතුළු කම්කරුවන් කීපදෙනකු ඒ ස්ථානයට පැමිණ විට වැඩේ නතරකොට වහාම නිවසින් පිටව යන ලෙස ඇය ඔවුන්ට දැනුම් දී තිබේ. ඊට හේතුව ද ඇය ඔවුන්ට පහදා දුන්නාය. කාරණාව අවබෝධ කොට ගත් ඔවුන් කම්කරුවාගේ දැන උගත් අයකු නොවන බවත් වාචාලකමක් ගැන ඇයට කරුණු කියා තිබේ.


මඳක් සන්සුන් වූ නිවැසියා ගෙට ගොස් ඇති අතර පිරිස සිය කාර්යයේ නිරත වූහ. එහෙත් වෙනදා උදේට ලැබුණ තේ පැන් සංග්‍රහයද දිවා ආහාරයද කණ්ඩායමට නොලැබිණි. හවස හතරට පමණ නිරාහාරවම ඔවුහු ඉදිකිරීම අවසන් කළහ.


ආපසු එන ගමනේදී පිරිසම එක් වී කම්කරුවාට දෙස්දෙවොල් තබන්නට වූහ. “ඉතිං යකෝ එ්කිලා දෙන්නම එක වගේ හින්දනේ මං ඇහුවේ කනවැන්දුම් ද කියලා. ඒකට ඔච්චර පුපුරන්න ඕන ද?” යැයි කම්කරුවා එවිට ඔවුන්ට පවසා තිබේ. “කනවැන්දුම් නෙවෙයි මිනිහෝ නිඹුල්ලු...” යි පිරිසේ කෙනෙක් පහදා දී තිබේ. “ආහ් මට පැටලිලා නේද” කම්කරුවාට කියැවිණ.



අදහස් (0)

නිඹුල්ලු-කනවැන්දුම් පැටලී ජොබ් එකට තොප්පියක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site