(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මවට කොරෝනා වසංගතය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ සිට කෑම උයා පිහාගෙන කිලෝමීටර් හතරක් ඈතින් පිහිටි නිවසට දිනපතා පා ගමනින් ගොස් කෑම පර්සල් දෙක බැගින් නිරෝධායනය වෙමින් සිටි සිය පෙම්වතාට දී ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට ආසන්න ගමකි. මෙම ගම්මානයේ පදිංචි සිව් දෙනෙකුගෙන් යුත් පවුලක පියා වසර තුනක පමණ කාලයක සිට විදේශ රටක රැකියාවක් කරයි. මව වරකාපොළ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක තත්ව පාලිකාවක් ලෙස සේවය කරන අතර වැඩිමල් දියණිය විවාහ වී කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. මෙම නිවසේ සිට ඇත්තේ ඇගළුම් සේවිකාවත් ඇගේ 24 හැවිරිදි පිරිමි දරුවත් පමණි. ඔහු රැකියාවක් අපේක්ෂාවෙන් නිවසට වී සිටියි.
මෙම 24 හැවිරිදි තරුණයා පාසල් යන එන අවදියේදී සිට කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින ශිෂ්‍යාවක සමග සම්බන්ධකමක් ඇති කර ගත්තේය. මෙම සම්බන්ධතාවය පිළිබඳ තරුණියගේ මව්පියන් දැන ගත්ත ද ඊට විරුද්ධතාව ප්‍රකාශ කර නැත්තේ පවුලේ එකම පිරිමි දරුවා නිසාත් යමක් කමක් ඇති පවුලක් නිසාය. තරුණයාගේ මව්පියන් මේ සම්බන්ධතාවය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව වාර්තා වෙයි.
තරුණයාගේ මවට ඇගළුම් ආයතනයෙන් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඉකුත්දා කොරෝනා වසංගතය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි. පසුව ඇගළුම් සේවිකාව නේවාසිකව ප්‍රතිකාර සදහා කෑගල්ලේ පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත සෞඛ්‍ය බලධාරීන් විසින් යොමු කෙරිණ.
සිය මවට කොරෝනා වසංගතය ආසාදනය වී ඇති බවත් ඇය කෑගල්ලේ පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවත් ඇගළුම් ආයතනයේ බලධාරීන් ඇගළුම් සේවිකාවගේ නිවසේ පදිංචිව සිටින 23 හැවිරිදි පිරිමි දරුවාට දැන්වීය. පසුව සෞඛ්‍ය සේවකයෝ ඇගළුම් සේවිකාවගේ නිවසට ගොස් 23 හැවිරිදි තරුණයා ද සති දෙකක කාලයක් නිරෝධායනයට යොමු කෙරිණ.
පසුව තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිට කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින පෙම්වතියට දුරකථනයෙන් ඇමතුමක් ගෙන කීවේය. පසුව තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ ‘‘හා කමක් නෑ මොනවා කරන්න ද බය වෙන්න එපා හෙට ඉදලා මම උයාගෙන ඔයාට බත් පාර්සල් දෙකක් ගෙනත් ගේට්ටුවේ එල්ලලා යන්නම් ඒක කාලා පරෙස්සමින් ඉන්න’’ යැයි ප්‍රකාශ කළාය.
තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන්ට දැන්වූවාය. ඔවුන් ද අනුකම්පා කළේය. එහිදී තරුණියගේ වැඩිමල් සහෝදරයා කියා සිටියේ ‘‘නංගි ඔයා හෙට උදේ උයලා දෙන්න මම බයික් එකෙන් ගිහිල්ලා ඉක්මනටම දීලා එන්නම්” තරුණිය ඒ අවස්ථාවේ ඊට එකඟ වූවාය.
පසු දා තරුණිය උදේ නැගිට කෑම උයා පිහාගෙන කෙසෙල් කොළ දෙකක ඔතා මේසයේ කොණක තබා පෙම්වතාට රැගෙන යාමේ අරමුණින් අසල ළිදෙන් මූණ කට සෝදාගෙන ද පැමිණියාය. වැඩිමල් සහෝදරයා යතුරු පැදියෙන් කෑම පාර්සල් දෙක ගිහින් දීමට ඉල්ලා සිටියත් තරුණිය ඊට එකඟ නොවූවාය. ‘‘නංගි එහෙනම් අපි දෙන්නාම බයික් එකේ ගිහිල්ලා දීලා එමු” යැයි යෝජනා කළ ද එය ද ප්‍රතික්ෂේප කළ තරුණිය කුඩයක් අරගෙන පයින් කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින පෙම්වතාගේ නිවසට ගොස් ගෙට්ටුවේ කෑම පාර්සල් දෙක එල්ලා දුරකථන ඇමතුමක් දී යළි කිලෝමීටර් හතරක් නිවසට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
මෙලෙස තරුණයාගේ මව සුව වී නිවසට පැමිණෙන තුරු සති දෙකක කාලයක් තරුණිය සිය පෙම්වතාට කෑම පාර්සල් දෙක බැගින් ගිහින් දී ආපසු නිවසට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිරෝධායන මවට හොරෙන් පෙම්වතිය පුතාට සප්පායමේ
Shen Monday, 05 July 2021 07:47 AM
මට මගේ පාසල් කාලය සිහි විය. හරිම සුන්දරයි. සුබ අනාගතයක්...
sampath Friday, 09 July 2021 03:52 PM
හොඳ පෙම්වතියක්... සුබ අනාගතයක්..!!!