X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පත්තෑයෙක් යතුරුපැදියක් පෙරළයි

පසුගිය දා උදේ පාන්දරම නිට්ටඹුව නගරයේ පදික වේදිකාව අසලවූ කාණුවකට යතුරු පැදියක් පෙරලීම නිසා අසරණ වූ පුද්ගලයකුට එහි පැමිණි පිරිසක් උදව් කළහ. ඔහුගේ එක් පාදයක් බරපතළ ලෙස තුවාල වී තිබුණත් සිහිසුන් නොවූ ඔහු සිටියේ මහත් මානසික වියවුලකය.

සිදුවූයේ කුමක්දැයි වට පිටාවේ සිටි අය විමසුවත් ඔහු පිළිතුරු දුන්නේ නැත. මොහොතකින් ඔහු අමාරුවෙන් කීවේ තමා ඇද සිටින ජැකට්ටුව ගලවන ලෙසටය.
එය ගලවන විට ඒ තුළ සිටි ගරුඬ පත්තෑයෙක් පසෙකට විසිවිය නිසා වට පිටාවේ සිටි අයද කලබලයට පත්වූහ.

ජැකට්ටුව තුළට රිංගාගෙන සිටි මෙම පැත්තෑය තම ගෙල පෙදෙස පුපුරු ගෑම නිසා ඔහුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වූ බව පසුව අනාවරණය වූ අතර එක්වූ පිරිස පත්තෑයා එළොවටත් තුවාල කරු රෝහලටත් යැවුහ.



අදහස් (0)

පත්තෑයෙක් යතුරුපැදියක් පෙරළයි

රූපවති Wednesday, 31 July 2013 09:40 PM

චන්දි නංගියෝ .. ඒ අපි ගමේ ..වැඩිහිටි අයට කතාකළ ආකාරයයි ...?(අ)

:       0       0

සරත් Friday, 02 August 2013 12:47 AM

ඔන්න බළල්ලු දෙන්නම එලියට පැන්නා! එතකොට තිලායි දුවගෙන ඩිස්පෙන්සරියට ඇවිල්ලා තියෙන්නේ. සදලුතලේට වෙලා ඔලුව පීර පීරා පාර දිහා බලාගෙන හිටපු රූපවතී අක්කයි පහලට දුවලා ගිහින් තිලාව බේරාගෙන තියෙන්නේ (නි)

:       0       0

රූපවතී Thursday, 01 August 2013 07:09 PM

ෂෙරිෆ්ලා වගේ පත්තෑයෝ ලංකාව් බස්වල යනකම් අපි ගමනක් යනවිට සීට් එකක ඉදගෙනමයි යන්නේ (නි)

:       0       0

රූපවතී Thursday, 01 August 2013 05:38 PM

තිලා, මේ අපි සේරමලා ඕපාදූප තමයි. අපි හැමදාම උදේ ඉදන් රෑ වෙනකම් කරන්නේ අනුන්ගේ දේවල්ම කියාපාන එකමනේ. මම දන්නවා රහස, ඔයාට ලැජ්ජා හිතුනා නේද ? ඔයා නේද දොස්තර මහත්තයා හොයාගෙන ආවේ නොන්ඩි පැන පැන? දැන් ඔන්න එසැණ සියල්ලෝම දන්නවා (නි)

:       0       0

කසුන් Thursday, 01 August 2013 05:32 PM

මේවා කාගේත් හොදට දාලා තියෙන්නේ හිතලා වැඩ කරන්න (නි)

:       0       0

තිලා Thursday, 01 August 2013 10:35 AM

රූපවති යනු ඕපාදුප හා බයිලා සාගරයක්, රස ආකරයක් (නි)

:       0       0

සරත් Thursday, 01 August 2013 09:48 AM

රුපවති අක්කේ, උඩ තට්ටුවේ, බස්වල, ඉදල බලල තියෙන දේවල්. (ස)

:       0       0

කුමාර් Thursday, 01 August 2013 08:42 AM

අනේ මෙහෙමත් මිනිස්සු. (ස)

:       0       0

සිද්දික් Thursday, 01 August 2013 03:15 AM

රුපවතී,මීට පස්සේ බස්වල යනකොට බලාගෙනයි... (නි)

:       0       0

හේරත් Thursday, 01 August 2013 02:13 AM

සරත් අයියා පුදුම යෝජනානේ ගෙනෙන්නේ... පත්තෑයෝ විසයි... අත නම් කෑවත් ඉවසන්න පුළුවන්...ඒත් ..... (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 31 July 2013 11:30 PM

නොකියත් බැහැ මේවා. රූපවතී අක්කලා වගේ අය සෙනග පිරී බසයේ කව්ළු තුලින් මහ මග නරඹමින් යනකොට බස් එක ඇතුලේ ඉන්න පත්තෑයෝ ගැන අවධානය නැතිවෙනවා. රූපවතී අක්කට ඕවා ගානක් නැහැ වගේ. (නි)

:       0       0

හේරත් Wednesday, 31 July 2013 11:15 PM

මේ පත්තෑයෙක් හැම තැනම රිංගල නොවැ.... දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

සරත් Wednesday, 31 July 2013 09:53 PM

රූපවතී අක්කේ, ඔයාට තිබුනේ ඉක්මනට පහළට ගිහින් ඒ මනුස්සයව ඒකෙන් ගළවාගන්න පොඩි උදව්වක් දෙන්නනේ! (නි)

:       0       0

සරත් Wednesday, 31 July 2013 09:48 PM

රූපවතී අක්කේ ඔය කියල තියෙන පළමුවන සිද්දියේදී! ඔය සීන් එක බල බල ඉන්න සෙනග පිරුන බස් එක ඉතින් නතරකරගෙනම හිටියද? (අ)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 31 July 2013 10:16 AM

ඇඳුම් අඳිනකොට ගසලා අඳින්න පුරුදු වෙන්න ඕනෑ. මටත් ඔය වගේම වැඩක් වුණා. වැලේ තිබුන කොට කලිසමක් ඇඳගෙන නාන්න ගිහින් තව පොඩ්ඩෙන් ඔය සතාම කනවා. වාසනාවට බේරුනේ. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 31 July 2013 08:19 PM

මටත් ඔයවගේ දෙයක් සිද්ධ වුණා නිවාඩුවකට ලංකාවට ගිහින් ඉන්න අවස්ථාවකදී. වැලෙහි වනා තිබුණු යට ඇඳුමක් ඉක්මනට ඇඳගෙන කලිසමත් ඊට උඩින් දාගෙන එළියට බැස්සා.නමුත් මීටර් පනහක් විතර යනකොට මගේ ඇග කන්න පටන් ගත්තා. මම නැවත ගෙදරටම දිව්වා. බැලුවහම තෙල් කුඹි ගොඩක්. ඉතින් අමිලගේ කතාව හරි. (නි)

:       0       0

චන්දි Wednesday, 31 July 2013 08:02 PM

රුපවති ,අක්කට හරියට මාමලා ,නැන්දලා ඉන්නවා වගේ නේ (අ)

:       0       0

රූපවතී Wednesday, 31 July 2013 05:34 PM

දවසක් මගේ නිවස අසල ඩිස්පෙන්සරියට මාමා කෙනෙක් පණ එපා කියල දුවගෙන ආවා කලිසම පිටින්. පිටිපස්සෙනුත් නැන්දා කෙනෙක් දුවගෙන ආවා. තවත් කීප දෙනෙක් රංචුව පිටින් දුවගෙන ආවා. මමත් ඉහල මහලේ ඉදලා බලා හිටියා වෙනදේ මොකද්ද කියලා. පස්සේ දැන ගන්න ලැබුණා පණ එපා කියල දොස්තර මහත්තයා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. හදිසියට කලිසමේ සිපර් එකට අර මාමාට පොඩි වින්නැහියක් වෙලාලු. (නි)

:       0       0

පිටිගල Wednesday, 31 July 2013 05:17 PM

ඇත්තටම දෙයියෝ සාක්කි. භයානක සිදුවීමක්. විමසිලිමත් වීම මදි වෙලා. (නි)

:       0       0

රූපවතී Wednesday, 31 July 2013 05:17 PM

පසුගිය අවුරුද්දෙ මම දවසක් ලංකාවේ දී සෙනග පිරී බසයේ කව්ළු තුලින් මහ මග නරඹමින් යනවිට එක්තරා නිවැසියෙක් තම මිදුලේ සිමෙන්ති පොලවේ යට ඇදුම පිටින්, එක සපත්තුවක් කකුලේ දමාගෙන, හැද සිටි දිග කලිසම බිම දමාගෙන,අතින් සෙරෙප්පුවක් අමෝරාගෙන සිටියා. ඔහු දැකීමෙන් සිනහව පාලනය කරගත්තේ මා සිටි තැනසේම ජේමිස් අයියට වුණු හදියම ඔහුටත් සිදුවෙන්න ඇතියැයි මට අවබෝධ වීම නිසාවෙනි (නි)

:       0       0

ඉසුරු Wednesday, 31 July 2013 04:22 PM

මටත් ඔහොම වැඩක් උනා.(ස)

:       0       0

ජේම්ස් Wednesday, 31 July 2013 11:55 AM

මට ඔය වගේ වැඩක් වුණා. වැලේ දාලා තිබුණු කලිසමක් අදින්න ගියා, මෙන්න බොලේ ලොකු කටුස්සෙක් (නි)

:       0       0

සමන්ත Wednesday, 31 July 2013 11:27 AM

මම ඉස්සර රෑට නිදා ගන්නේ තාත්තා ළඟ. දවසක් ඔය වැඩේම වුණා මටත්. මම නැගිට්ටේ තාත්තටත් දෙකක් දීගෙනම තමයි. බුදු අම්මෝ මතක් කරනකොටත් බයයි (නි)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 11:20 AM

මීට කලිනුත් මහවිල පැත්තේ ගරුඩෙක් ඔය වගේ විනාශයක් කළා. රියදුරු මහත්තයාගේ සපත්තුව ඇතුලේ ඉදලා තාප්පත් කඩලා වාහනෙත් පොඩි පට්ටම් වුණා (නි)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 10:51 AM

අමිල, ඉතින් ඒකා කලන්තේ හැදිලා බිමට වැටුනාමද දැක්කේ? ඔයා කියනවා වගේ උගේ වාසනාවට තමයි ඔය තරමින් ඌ බේරුනේ. (අ)

:       0       0

සරත් Wednesday, 31 July 2013 10:44 AM

ඔය සතා බෙල්ලේ යනකොට ඔහොම නොවුණා නම් තමයි පුදුමේ. ඇයි කකුල්ම කීයක්ද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 31 July 2013 10:33 AM

මට මතකයි වරුණට මේක වුණා රියදුරු කෙනෙක් වෙලා ඉන්න කාලේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site