ආයතනයක නිලධාරීහු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගි වූහ. පිරිමින් සඳහා පිටරට නිෂ්පාදිත සැරබීමද කාන්තාවන් සඳහා වයින්ද රැගෙන යන ලදී. චාරිකාව නිමා වී නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට පැමිණ ඉතිරිව තිබූ මත්පැන් ගබඩාවට දමා හිස් බෝතල් අයිනක තැබූහ. එක් නිලධාරියෙක් කොළයක ඔතන ලද බෝතලයක් ආරක්‍ෂක නිලධාරියකුට භාර දී ‘‘මේ වයින් බෝතලේ අරන් තියන්න. මම ගමේ ගිහින් ඇවිත් ගන්නම්’’ යැයි පැවසීය. පසුදින නිවාඩු දිනයකි. එදින පැමිණි ස්ථාන භාර නිලධාරියා වයින් බෝතලය දැක එය කාගේදැයි ඇසීය. ‘‘සර් ටි‍්‍රප් එක ගිය මහත්තයෙක් තියලා ගියා.’’ කනිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියා කීය. මත්පැන් රුසියෙක් වූ ස්ථාන භාර නිලධාරියා සට කපට පුද්ගලයකු විය. ‘‘කෝ මෙහාට ගනින් බන් ඔය බෝතලේ’’ කියමින් බෝතලය අතට ගෙන එහි ඇසුරුම පරෙස්සමින් ඉවත් කළ විට දක්නට ලැබුණේ ඉස්තරම්ම වයින් බෝතලයකි. හිස් බෝතල් ඇසිරූ පෙට්ටියෙන් එම වර්ගයේම හිස් බෝතලයක් ඉවතට ගත් ඔහු, වයින් බෝතලය ඔතන ලද කොලයෙන් හිස් බෝතලය ඔතා, ‘‘දැන් අපි වයින් බෝතලේ බොනවා. වෙරි වෙන්නෙත් නැහැනේ. පස්සේ ඔතපු බෝතලේ මේසේ උඩ තියල, බිමට වට්ටනවා. බොසා ආපු දවසට මම උත්තර දෙන්නම්’’ යැයි සිනාසෙමින් කීය. පසුගිය දිනක වයින් බෝතලය රැගෙන යෑමට පැමිණි නිලධාරියා දුටු ස්ථානභාර නිලධාරියා ‘‘හරි වැඩේනේ උනේ සර්. මේසේ උඩ තිබ්බ වයින් බෝතලේ පූසෙක් පැනලා බිම වැටුණා. කුඬේ කුඩු, දුකේ බැහැ සර්’’ ඔහු බිඳුණු බෝතලය පෙන්වමින් පැවසීය ‘‘අපරාදේ මට ඕක ඔයාලට බොන්න කියන්නයි තිබුණේ’’ නිලධාරියා බිඳුණු හඬකින් පිළිතුරු දුන්නේය. මෙය කොළඹ අවටින් වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පරෙස්සමට තැබූ වයින් බෝතලේට කණකොකා හඩලා
වරුණ Tuesday, 04 September 2012 11:13 AM
තිතට මත.. අපේ අයට බෝතලයක් දැක්කම ඉන්න හිටින තැනුත් අමතක වෙනවා..!!(නු)
නිරාන් Tuesday, 04 September 2012 11:34 AM
එයා මේක දැක්කොත් කට්ටියටම දෙයියන්ගෙම පිහිටයි....(ස)
චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 01:53 PM
විස්කි කාගෙවත්ගාව පරිස්සමට තියන්න අමාරුයි...(ස)
සජී Tuesday, 04 September 2012 02:15 PM
ඔය කපටිකම් යහපත් දෙයකට යෙදුවානම් මොනතරම් හොදද?(නු)
Cooray Nawalage Jude Yohan Tuesday, 04 September 2012 08:30 PM
බලන්න අර මහත්තයාගේ හිත හොද කම...!!(නු)
අමිල කටුනායක Tuesday, 04 September 2012 10:37 PM
කොහොමද ටිකිරි මොලේ...(නු)
සේනානායක Tuesday, 04 September 2012 11:00 PM
නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේනේ. (නි)
ප්‍රබුද්ධ Wednesday, 05 September 2012 06:44 AM
ෂික් විතරක්. අරක්කු ටිකට පෙරේත කට්ටිය. මරු ආරක්ෂක නිලධාරින්නේ. (නි)
ශ්‍රිනාත් දයානන්ද Wednesday, 05 September 2012 11:59 AM
මෙයින් අර ගමේ ගිය නිලධාරයාගේ උතුම් "මනුස්සකමත්", අර කපටිකමින් මත්පැන් බිව් පුද්ගලයාගේ "අමනුස්සකමත්" පෙන්නුම් කෙරේ..! නමුත් පුදුම වීමට දෙයක් නොමැත, ඒ මේ...ශ්‍රී ලංකාව නිසාය. (ස)
තරු Wednesday, 05 September 2012 01:59 PM
අයියෝ අපේ කට්ටියට මත්පැන්, විස්කි, වයින් කියන ජාති පෙන්වන්න ඕනෑ. වයින් කියන්නේ මත්පැන් නෙමෙයි. හොඳ වයින් බෝතලයක වටිනාකම විස්කි බෝතල් 10ක විතර ගානක් වෙනවා. මිදී යුෂ වයින් බොන්නේ සුද්දෝ ලස්සන වෙන්නලුනේ. (නි)
අකිල Wednesday, 05 September 2012 07:28 PM
කමක් නැහැ වයින්නේ (දී)
අජිත් Monday, 10 September 2012 06:19 AM
වයින් කියන්නේ මත් වෙන ජාතියක් නෙමෙයි. වයින් වලයි, විස්කි වලයි ගණන දැන ගත්ත ඔය එක්කෙනා වැස්සකටවත් ඉස්කෝලෙකට ගියේ නැද්ද?(නි)