X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින්

මහනුවර ප‍්‍රදේශයේ තේවත්තක රැකියාව කළ ඇය දුක් මහන්සියෙන් හරිහම්බකරන ළඳකි. ඇය වාසය කරන්නේ කුරුණෑගලට නුදුරු පිටිසර ගමකය. මාසික වැටුප වූ රුපියල් හත්දාහක මුදල සමග නිවසට අවශ්‍ය දේ රැගෙන දුම්රියෙන් යන්නට වූවාය. සෙනඟ අතුරු සිදුරු නැතිව සිටි අතර මුදල් තිබෙන ගමන්මල්ල ගැනද අමතකව ඇතිවා සේය. හැට්ටය අස්සේ සඟවාගෙන තිබූ මුදල එළියට පෙනෙන්නට වූයෙන් තරුණයෙක් මෙය දුටුවේය. ”අම්මගෙ සල්ලි වැටෙයි වගේ මට පේන්නෙ.  ඕක ඔහොම තියාගත්තොත් හිස් අතින් තමයි යන්න වෙන්නෙ. ඒ නිසා මම පරෙස්සමට තියාගන්නම්. බහිනකොට දෙන්නම්”. ඔහුගේ බහට අවනත වූ ඇය රුපියල් හත්දාහ පරෙස්සම් කරන ලෙස දුන්නාය. ඇය ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටි අතර ඇයට බහින තැනද කිට්ටු විය. ”කෝ පුතේ මගෙ සල්ලි ටික උඹට පින්සිද්ධ වෙනව මේක පරෙස්සම් කළාට. මෙන්න අම්මෙ සල්ලි ටික. හැබැයි මෙතනදි  ඕක ගැනල බලන්න එපා. කවුරුහරි ගනීවි. ගෙදර ගිහින්ම බලන්න.” ”හොඳමයි මගෙ පුතේ... මම ගිහින් එන්නම් යැයි කියමින් ඇය දුම්රියෙන් බැස ගියාය. තේ එකක් බීම සඳහා අසල ඇති කඩයකට ගොඩවූ ඇය මුදල් දීම සඳහා සල්ලි මිටිය අතට ගත්තේ ඉමහත් සතුටිනි. එහෙත් එහි වූයේ කඩදාසි කෑලි කීපයකි. අනේ අප්පේ මගෙ සල්ලි ටික කෝ? මදැයි මම පරෙස්සම් කරන්න කියල සල්ලි දීල තියෙන්නෙ හොරෙකුටනෙ.  ඕකට හෙනම ගහන්න  ඕන මේ අපරාදෙට.” දහදුක් විඳිමින් උපයාගත් මුදල නැතිව ඇය අඬා වැළපෙන්නට වූවාය. රැස්ව සිටි පිරිස කම්පාවට පත්වූහ. ”මොනව කරන්නද අම්මෙ දැන් කාලෙ ඔහොම තමයි. පොලිසි ගියත් ඒ පාහරය කොතන කියල හොයන්නද”? කීප දෙනෙකුම එසේ පැවසූ අතර ‘‘මේව අපිට හොඳ පාඩම්” යැයි කියමින් ඇය හිස් අතින්ම නිවසට සේන්දුවිය.



අදහස් (0)

පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින්

නුවන් Saturday, 22 September 2012 09:45 PM

අම්මෙක්ගෙ දුක දන්න කෙනෙක් නම් නෙමෙයි..!(නු)

:       0       0

සමන්ත Friday, 21 September 2012 10:57 PM

මේ හොරාව ගල් ගහලා මරන්න ඕන.. මහා ලොකු ගාණක් නම් කමක් නැහැ මේ අම්මගේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි..!(නු)

:       0       0

දිල්ෂාන් Saturday, 22 September 2012 01:13 AM

මෙහෙම ජරා මිනිසුන්ට කවදාවත් හරියන්නේ නැහැ. (නි)

:       0       0

හිල්මි Saturday, 22 September 2012 02:21 AM

ඔය කොරලා තියෙන්නේ. (නි)

:       0       0

ලාල් ගලබඩ.... Saturday, 22 September 2012 03:23 AM

ඉතාලියෙත් මේ වගේ හොරු ඉන්නවා.....පරිස්සමින් යූරේ ටික.(ස)

:       0       0

රජීව් Saturday, 22 September 2012 11:45 AM

ඒ හොරාටනම් කවදාවත් හොඳක් වෙන්නේ නෑ.(ස)

:       0       0

රාජා Saturday, 22 September 2012 01:15 PM

ඒ අහිංසක අම්මා ගැන කණගාටුයි. අද කාලේ කවුරුවත්ම විශ්වාස කරන්න නරකයි. (නි)

:       0       0

ජයා Saturday, 22 September 2012 01:50 PM

බොරු චාටුව දමා හොරෙන් ‍මගෙ මාසෙම පඩිය අරන් මට දුක් දුන් කොලුගැටයන් යන එන බසයෙන් වැටියන් (ස)

:       0       0

ශෆීක් Saturday, 22 September 2012 02:14 PM

ඒ වගේ අසරණ මවකගෙන් රවටලා සොරාගත් මුදල් මොකටද? බොහොම කැතයි.!(නු)

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 02:39 PM

ලාල් ඉතාලියෙ විතරක් නෙමෙයි ජපානෙත් දැං හරියට හොරු ඉන්නවා.. ළගින් ගියොත් ඇහැක් නැහැ..!(නු)

:       0       0

රම්‍යා Friday, 21 September 2012 07:25 PM

අයියෝ පවු දෙයියනේ! අසරණ අම්මා කෙනෙක්. (නි)

:       0       0

සංජු Sunday, 23 September 2012 11:58 AM

අපිට හරිම දුකයි. දැන් ඉන්නේ මිනිසුන්මද මන්දා? (නි)

:       0       0

වසන්ත Sunday, 23 September 2012 02:27 PM

ඕවට බැණලා වැඩක් නැහැ. හැමතැනම කෙරෙන්නේ වංචාව, දූෂණය. (නි)

:       0       0

ලාල් ගලබඩ Sunday, 23 September 2012 03:25 PM

මනම්පේරි, ජපානයටත් වෙන්නප්පුවේ මිනිසුන් ඇවිල්ලද? (නි)

:       0       0

නීල් Sunday, 23 September 2012 08:04 PM

මවකගේ කුසින් බිහිවූ කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

ප්‍රේමලාල් Monday, 24 September 2012 01:20 AM

මොළයක් නැද්ද මේ මෝඩ අම්මාට? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 24 September 2012 03:54 PM

මම නම් සල්ලි පරිස්සම් කරන්න වෙන කෙනෙකුට දෙන්නේ නෑ....

:       0       0

විමල් Tuesday, 25 September 2012 12:31 PM

මම මොකුත් නොකියමි

:       0       0

චමිලා Tuesday, 25 September 2012 12:56 PM

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ.. මේ අයටත් හරියනවානේ. පව් ඒ අම්මා මාසයක් දුක් මහන්සියෙන් හම්බ කළ දේ ..(නු)

:       0       0

විශ්ව Tuesday, 25 September 2012 06:52 PM

අයියෝ සල්ලි

:       0       0

මාලක Friday, 21 September 2012 11:55 AM

තරුණ කමට නින්දාවක් (ස)

:       0       0

අමර Friday, 21 September 2012 10:15 AM

ලැජ්ජයි..චික්..(ස)

:       0       0

වරුණ Friday, 21 September 2012 10:12 AM

පේනවනේ රට යන අත. කාගේහරි බෙල්ල කපලා තමන් ගොඩ යන්න තමයි බලන්නේ. (නි)

:       0       0

දිලංකා Friday, 21 September 2012 10:21 AM

‍ඒ මිනිහට මොනවා ‍වුණත් මදි..(ස)

:       0       0

කුරේ නාවලගේ Friday, 21 September 2012 10:29 AM

මෙයා මනුස්ස ජන්මයක් තියෙන කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

සජී Friday, 21 September 2012 10:31 AM

අනේ හොරකම්කරපු මල්ලිත් පව් ගෙවන්න එපැයි..(ස)

:       0       0

සරත් Friday, 21 September 2012 11:02 AM

පොඩි කෙනාටමනේ වෙන්නේ.... (ස)

:       0       0

අමිල කටුනායක Friday, 21 September 2012 11:08 AM

මේකට වැහි නැති හෙණ වැදියන් දෙවියනේ! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 September 2012 11:17 AM

මෙහෙවු සුද්ධවන්තයෝ ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)

:       0       0

ජගත් Friday, 21 September 2012 11:36 AM

අනේ මෙහෙමත් මිනිස්සු...... (නි)

:       0       0

අරෝශ් Friday, 21 September 2012 09:46 AM

කවුරු උනත් කරලා තියෙන්නේ කැත වැඩක්‍‍...(ස)

:       0       0

කුෂාන් Friday, 21 September 2012 12:05 PM

කිරි බීලා හැදුණු එකෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

නිරාන් Friday, 21 September 2012 12:00 PM

නින්දිත ක්‍රියාවක්..(ස)

:       0       0

වරුණ Friday, 21 September 2012 12:55 PM

ඒ අහිංසකයාගේ සල්ලි අරගෙ රජ වෙන්නද? පේනවා නේද රටේ මිනිසුන්ගේ මනුස්සකම පිරිහීගෙන යන හැටි.. මේකද අපි හොයන ආශ්චර්යය?

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 12:56 PM

මනිසත් කම ලැබුනේ අන්තිම වතාවට මේ මසුරන් සමග යන්නේ අපායට (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 12:49 PM

මිනිසත් කම ලැබුණේ අන්තිම වතාවට මේ මසුරන් සමග යන්නේ අපායට (නි)

:       0       0

සමන් Friday, 21 September 2012 12:51 PM

ඔවැනි වැඩ කරන්නන්ට ඕවා මෙලොවදීම සහගහනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 September 2012 01:10 PM

උදේට හොරකමකට එළියට බහින කෙනෙකුට සවස් වෙද්දීත් මොනවත් නැතිවුණොත් තමන්ගේ මවගේ දේ හෝ හොරකම් කරනවා. (නි)

:       0       0

සරසි Friday, 21 September 2012 07:20 PM

මේ අම්මා මෙච්චර මෝඩද? අර මිනිහාට නම් හොදක් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site