X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


පස් කපන්නෙක් සොයන්න ගිහින් එළිවෙනතුරු පොලිස් කූඩුවේ

නිවසේ අත්තිවාරමට පස් දැමීමට අවශ්‍ය වූ තරුණයෙක් තමා හඳුනන පස් කපන පුද්ගලයකු සොයා ඔහුගේ නිවෙසට ගියේය. නිවැසියන් පැවසුවේ ඔහු ගම්මැද්දට ගිය බවය. ඉදිරියට ගිය තරුණයාට, මිනිසුන් රාශියක් වටවී සිටින තැනක ඔහුද සිටිනු දැක ගත හැකි විය. තරුණයා දුටු පස් කපන්නා “පොඞ්ඩක් ඉන්නැයි” පැවසීය.

එතැන මුදල් ඔට්ටුවට කුකුළන් කොටවන ස්ථානයකි. පස් කපන්නා පැමිණෙන තුරු තරුණයා අයිනට වී බලා සිටියේය. එකනෙහිම තරුණයන් කිහිප දෙනකු යතුරපැදිවලින් පැමිණි අතර කුකුළන් කෙට වූ පිරිස හතර අතේ දුවන්නට වූහ. එතැන ඉතිරි වූයේ අප තරුණයාත් වයෝවෘද්ධ අයෙකුත් පමණි. පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ය. තරුණයා තදින් අල්වාගත් අයකුගෙන් “ඔයාලා කවුදැයි” හෙතෙම විමසීය.

“අපි පොලිසියෙන්. කුකුළන් කොටවන්න තහනම් කියලා දන්නැද්ද? නිලධාරියා ප්‍රශ්න කළේය. “සර් මම පස් කපන මිනිහෙක් එක්කරගෙන යන්න ආවේ. බලද්දි එයා මෙතැන. මම එයා එනකන් හිටියා.” තරුණයාගේ පිළිතුර විය. එවිට පොලිස් නිලධාරිහූ, “කුකුළන් කෙටෙව්වත් වැරදියි. බලන් හිටියත් වැරදියි” පවසා පොලිසියට රැගෙන ගොස් ඔහු පොලිස් කූඩුවේ දැමූහ. නීතිමය කටයුතු සඳහා පසුදින ඉදිරිපත් කරන තුරු දෙදෙනාටම පොලිස් කූඩුවට වී නිදි මරමින් මදුරුවෝ තලමින් සිටීමට සිදුවිය.



අදහස් (0)

පස් කපන්නෙක් සොයන්න ගිහින් එළිවෙනතුරු පොලිස් කූඩුවේ

ධම්මි Monday, 14 March 2016 07:46 AM

අනාචරයේ හැසිරැනත් වැරදියි, අනාචාරයේ යෙදීමට අවශ්‍ය භාණ්ඩ ලඟ තබාගත්තත් වැරදියි ඒක නිසා මෙි පොලිස්කාරයො ටිකත් කූඩුවට දාන්න ඕන (බ)

:       0       0

අබේරත්න Monday, 14 March 2016 10:19 AM

සිවිල් ජනතාවගේ සාමය ආරක්ෂා කිරීමට නම් මුළු මහත් පොලිසියම හිරේ දමා අලුතෙන් පොලිසියක් නිර්මාණය කළයුතු විය. (බ)

:       0       0

ජයරත්න Monday, 14 March 2016 01:35 PM

ඇයි මේ ලිපිය කියවන අය පොලිස් නිලධාරීන්ට දොස් කියන්නෙ. ඔය වගේ තැනක් වැටලුවහම එතන ඉදල අහුවෙන හැමෝවම පොලීසියට ගෙනියනව තමයි. මේ තරුනයාට සාමාන්‍ය දැනීම නැද්ද. එහෙම නැත්නම් රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නැද්ද. මේ ලිපිය කියවන අයත් ආදර්ශයට ගන්න බූරු පොලවල්, හොර අරක්කු පොලවල්, ගනිකා මඩම් වගේ තැන් වල නිකන් හිටියත් අමාරුවෙ වැටෙනවා. (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 March 2016 08:59 PM

නීතියේ එහෙම තිබුනත් බුද්ධිමත් නිලධාරියෙක් හිටියා නම් කතාව සහසුද්දෙන් දැනගෙන මේ අහිංසකයව ගෙදර යවන්න තිබුනා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 15 March 2016 01:47 AM

තරුණයාට තිබුනේ "එහෙනම් මම පස්සේ ඇවිත් හමුවෙන්නම් "කියලා ගෙදර යන්න. අනික ඔය මිනිසුන්ට අහිංසක සතුන් කොටවලා සල්ලි හොයනවට වැඩිය නරකද රැකියාවක් හොයාගෙන හම්බ කරලා ජීවත්වුණා නම් (නි)

:       0       0

පිටිගල Tuesday, 15 March 2016 04:49 AM

ඒ තරුණයා නොදැනුවත් කමින් හෝ කර ඇත්තේ වරදක්. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ.ඔහු එතන රැඳී සිටීම නොකළ යුතුව තිබුනා. (බ)

:       0       0

ඕපාත Tuesday, 15 March 2016 07:11 AM

ඇත්තම කතාව නම් අපේ පොලිසිය මුලින්ම අල්ලගන්නේ අහිංසකයෝ. පස්සේ තමයි නියම හොරු අල්ලන්නේ (නි)

:       0       0

සුජීව Tuesday, 15 March 2016 09:28 AM

චතුරට, චන්ද්‍රිකාට, මෛත්‍රීට අර හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න අපේ රට අසමත් රටක් වෙලා. පොලීසියටත් වැඩක් තියෙන්න එපැයි. ඉතින් මොකද වෙන්නේ.පොලිසිය තියෙන්නේ අහිංසකයන්ව හිරේ දාන්න (බ).

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 17 March 2016 04:36 PM

පොලිසියට උවමනා නඩුවකට අවශ්‍ය චූදිතයින්වයි. වැරදි කරපු කට්ටිය පැනලා ගිය නිසා මේ දෙන්නා නඩුවට හොඳටම ඇති. මොනවද මේ කතා අපේ පොලිසියනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site