X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


පළමු ශ්‍රේණියට ළමයා දාන්න වළකින් අයැදුම්පතක් ඇවිත්

දෙවසරකට ඉහතදී කඩා ඉවත් කෙරුණු නිවසක තමන් පදිංචි බව කියා දරුවා පාසලට ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ නගරයක ප‍්‍රසිද්ධ පාසලකින් වාර්තාවේ.

තරගකාරී පාසලකි. නිල ඇඳුම් අඳින පියෙක් එම පාසලට තම දරුවා ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කරනු ලැබීය. පසුගියදා එම පාසලේදී දරුවන් ඇතුළත් කරගැනීමට සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි.

ඔහු ඉදිරිපත් කළ ලියවිලි අතර පදිංචි නිවසේ බදු ඔප්පුවද විය. පරීක්ෂක මණ්ඩලයේ නිලධාරියෙක් බදු ඔප්පුව දැඩි පරීක්ෂාවට ලක් කළේය. පස්වසරකට පෙර නිවස බදුගෙන ඇති බව එහි සඳහන් විය. මහත්මයා දැනට පදිංචියත් මෙම නිවසේමද? පරීක්ෂක නිලධාරියා පියාගෙන් විමසුවේය.
ඔව්. ඔව්. අපි ඉන්නේ මේ ගෙයි තමයි පියා පිළිතුරු දුන්නේය.

හොඳයි කමක් නැහැ. මේ ගේ කඩා ඉවත් කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. දැන් එතන ලොකු වළක් තියෙනවා. එතන පස් පුරවන්නේත් මහත්තමයාමදැයි පරීක්ෂක නිලධාරියා පවසද්දී දැඩි අසීරුතාවකට පත් පියා කිසිත් නොදොඩා නැගිට ගියේය.

 



අදහස් (0)

පළමු ශ්‍රේණියට ළමයා දාන්න වළකින් අයැදුම්පතක් ඇවිත්

මාලි Monday, 06 October 2014 04:05 AM

කොච්චර ලොකු කතා කිව්වත් සමහර පළාත් වලට හරි හමන් ඉස්කෝලයක් නැහැ. අම්මල තාත්තල මාර ගේමක් දෙන්නේ ළමයින්ට හොඳ ඉස්කෝලයක් අරන් දෙන්න. රජයකට ඉස්කෝල අතර පරතරය නැති කරන්න බැහැ. ගුරුවරුනගේ පඩි ඇරුනම වෙන දෙයක් ඉස්කෝලෙකට හම්බවෙන්නේ කලාතුරකින්. ලයිට් බිල ගෙවන්නෙත් ආදී ශිෂ්‍ය සංගම්. ඉතින් නගරයෙන් පිට පදිංචි මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස් ද? (නදී)

:       0       0

සම්පත් Monday, 06 October 2014 04:11 AM

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමේ චක්‍රලේකනයේ අඩුපාඩු ගොඩක් තියෙනවා දෙමාපියන් අසරණයි. ඔප්පුවක් නැතිම කෙනෙක්ට ළමයා දාන්න විදියක් නැද්ද ? අද බලන්නේ ලයිට් බිල, වතුර බිල, ඔප්පුව බැංකු පොත් මේවා බැලුවා නම් අපිට කවදාවත් පාසලකට යන්න බැරිවෙනවා. මම ඉංජිනේරුවෙක් උනේ ඔය කිසිම දෙයක් අපිට තිබුනේ නැතුව. මේ චක්‍රලේකනය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉදිරිපත් කිරීම පරිපාලන නීතියට පටහැනියි. මේක විෂය බාර ඇමතිවරයයි ඉදිරිපත් කල යුතු. මේකට සරත් නන්ද සිල්වා මහතා ඉන්දැද්දී නඩුවක් දැම්මා මාතර සුජාත විද්‍යාලය සම්බන්දව. කොහොම උනත් මේක සම්බන්දව ලොකු සංවාදයක් කතිකාවතක් අවශ්‍යයි (නදී)

:       0       0

නාලි Monday, 06 October 2014 04:51 AM

අද රටේ සිද්දවෙන දේවල් බලපුවහම මේක හරිම අනුකම්පා සහගත සිදුවීමක්. තම දරුවාගේ ජීවිතය ආරම්භයේදීම දෙමාපියන්ට බොරුවෙන් පටන් ගන්න වෙලා තියනවා. නිල ඇදුම් අදින පියෙක් මෙම තත්වයට පත් උනහම කොච්චර කනගාටුදායකද.? ලොකු පගාවක් දෙන්න හෝ පාසල කිට්ටුව නිවසකට මුදල් වැය කරන්න හෝ මෙම තාත්තට සල්ලි තිබුනා නම් මෙම කතා පුවත මෙසේ අවසන් නොවන්නට ඉඩ තිබුනා. අද කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල් වලට යන්නේ සියයට හැටකට වඩා පිට පලාත්වල දරුවෝ. සල්ලි තියන ධනවත්තු කොළඹින් ගෙවල් අරගන්නේ තමන්ගේ දරුවෝ උපදින්නටත් කලින්. ඔය අගනුවර ප්‍රධාන පාසල් ඇරෙන වෙලාවට ගිහින් බලන්න පිටපළාත් වලට ළමයි අදින වාහන සංක්‍යාව. තදබදේ . ඉතින් බලධාරියනි , පාලකයනි , ඔය සියලුම පාසල් පිරී පවතින දරුවෝ විසිතිස් දහස් ගණන් සියල්ලෝම නියමිත පාසල් සීමාව අසල පදිංචි කරුවෝද ? ඔය අහිංසක දරුවන් සියල්ලන්ටම අපි යහපත් අනාගතයක් පතමු. එහෙත් , අහෝ මිතුරනේ , ආශ්චර්ය මෙයද ? (නදී)

:       0       0

ධම්ම Monday, 06 October 2014 07:04 AM

ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදියට දකින්න බැරි අයට මේවාට විසඳුම් හොයන්න බැහැ. (නි)

:       0       0

විරාජ් Monday, 06 October 2014 07:16 AM

ඕකෙන් පෙනෙන්නේ මොකක්ද?තමන්ගේ දරුොට පාසලක් හොයාගන්න විඳින දුක නේද?දැන් දෙමව්පියෝ දරුවා කුසට එනකොට වෙන වෙන ලිපින දාලා ගෙවල් ගන්නවා.මේ රටේ උපදින දරුවන් කොපමණ අසරණද කියලා නෙමෙයිද මේවායින් පෙනෙන්නේ? දේශපාලුවන්ගේ දරුවෝ ජාත්‍යන්තර පාසල්වල, පිටරට වල. ලංකාවේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවා ඉගෙනගන්න ඉල්ලීම් දිනාගන්න ජල ප්‍රහාර කමින් අරගල වල (නි)

:       0       0

ජයසුන්දර Monday, 06 October 2014 07:32 AM

කෙනෙක් මෙය බලා හිනාවෙන්නට ඇතිමුත් මට නම් ලොකු කණගාටුවක් තමයි දැනුනේ, තාත්තා කෙනෙක් හැටියට (නි)

:       0       0

චාන්දනී Monday, 06 October 2014 07:46 AM

සම්පත් දන්නවද , ඔබ කිවූ පාසලට කිට්ටු පාසලකට ළමයෙකු දමා ගැනීමට ඒ අසළ තිබු අපේ ඉඩමකට හොර ඔප්පුවක් ලියා කෙනෙකු අසුවුණා. මගේ මියගිය පියාට අයත් ඒ ඉඩමේ අපි කොළඹ නිසා නිතර යාම් ඊම් සිදු වුණේ නැහැ. මේ පුද්ගලයා කොහොමහරි අල්ලපු ගෙදර උදවියගෙන් දැනගෙන අයිතිකරුවන් කොළඹ බවත් ඇතැම් විට අවුරුද්දකට පාරක්‍වත් එහි නොඑන බවත්. හොරය අහුවුණේ ගුරුවරියකගේ තියුණු විමර්ශන බුද්ධිය නිසා. අපි උඩ ගිහින් බිම වැටුනා මේ ආරංචිය ලැබුනාම. (නි)

:       0       0

ජනක Monday, 06 October 2014 07:55 AM

දරුවන් ගේ අනාගත සුභ සිද්ධිය බොරුවෙන් තමයි පටන් ගන්නේ. (නදී)

:       0       0

රාමන් Monday, 06 October 2014 08:11 AM

වැරදිකරු දෙමාපියෝමයි. කවුරුත් තමන්ගේ ළමයා නගරයට දානකොට ගමේ පාසල් ඉබේම බංකොලොත් වෙනවා. කවදාවත් ළමයි නැතුව පාසලක් හදන්න බැහැ. (නි)

:       0       0

විල්සන් Monday, 06 October 2014 08:15 AM

ඒකට තමයි ජනක කියන්නේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කියලා. මොකද අපේ රටේ හරි ක්‍රමයකට ගිහිල්ලා වැඩක් කරගන්න පුලුවන්ද මේ කපේට? (නි)

:       0       0

අසෝකා Monday, 06 October 2014 08:41 AM

මම නම් හිතන්නේ මේ සේරටම මුල පාසල් වර්ග කිරීම! හැම ළමයෙකුටම දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයම නම් හැම පාසලකටම ඉගැන්වීම එක සමාන විය යුතුයි. එහෙම වුණා නම් ඔයවගේ ප්‍රශ්න එනවා අඩුයි! (නි)

:       0       0

සරත් Monday, 06 October 2014 11:44 AM

"ඒදඬු මං බැඳ, සක්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා" මගේ කාලේ. (නි)

:       0       0

සදුන් Monday, 06 October 2014 02:34 PM

කවුරු මොනදේ කළත්, ලෝකෙම යන්නේ නරක අතට. අදට වඩා හෙට කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මොන අධ්‍යාපන ක්‍රමය ආවත් වැඩක් වෙන්නේ නැහැ.මිනිස්සු වැරදි දේ කරනවා, පාලකයෝ වැරදි දේ කරනවා. නිවැරදි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් අය , අලුත් ක්‍රම ගැන හිතන්නේ නැතුව තමන් හරි දේ කරන්න. (නි)

:       0       0

රංග Monday, 06 October 2014 04:02 PM

ඒ තාත්තා සාධාරණයි. අද තියෙන තරඟකාරිත්වය නිසයි එයා එහෙම කළේ (නි)

:       0       0

මේනක Tuesday, 07 October 2014 01:04 AM

පවතින සමාජ ක්‍රමය නිසා කිය කියා දෙමාපියන් දරුවන් ඉදිරියේ බොරුවෙන් ජීවත් වෙනකොට දරුවාද බොරු කාරයෙක් වෙනවා. පාසලෙන් පටන් ගෙන ඊළඟට විභාගය, රැකියාවක් ලබා ගැනීම පමණක් නොව විවාහයේදී පවා බොරුවම තමයි. කියන්නේ දැන් කාලේ හැටියට මේවා නොකර බැහැ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site