(හොරොව්පොතාන පැතුම් දර්ශන)
ප්‍රියම්බිකාව සහ ප්‍රියංගිකා පැටලීමෙන් දීග මඟුල් ද අත්හැරීමට ගොස් අනූනවයෙන් බේරුණ කතාවකි මේ.
දෙදෙනාම පාසල් වයසේ යහළුවන් ය. එම මිතුදම විවාහ වුවද අත්හැරියේ නැත. අඩුම තරමේ මසකට වතාවක් හෝ දෙදෙනා හමුවී කතාබස් කළ ද බිරින්දෑවරුන් දෙදෙනා නම් කිසි දිනෙක හමුවී තිබුණේ නැත. දෙදෙනාම පදිංචිව සිටියේ ආසන්නතම ප්‍රධාන නගර දෙකකය. ඊයේ පෙරේදා දිනක එක් මිතුරකු අනෙක් මිතුරාගේ නිවසට ආවේ හදිසියේමය. කලකින් ආ නිසාදෝ හිස් අතින් නොපැමිණි ඔහු හොඳවයින් ඉදුණු ගස්ලබු ගෙඩි පහක් ද රැගෙන ආවේය.
” මෙන්න මම උඹලගෙ ගෙදර එනවා කියලා කිව්වම උඹ කාලෙකින් ඒ පැත්තෙ ආවෙත් නෑ කියලා ප්‍රියම්බිකාව උඹට දෙන්න කියලා ගස්ලබු ගෙඩි ටිකක් දුන්නා” යැයි පවසමින් මේසය මත තැබුවේය.
නිවසට ආ යහළුවා ආගිය තොරතුරු කතා බහ කොට තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳ ආපසු ගිය තැන් පටන් බිරිඳගෙ වෙනදා නොමැති වෙනසකි. කතා කරන්නේ නැත. බලාගත් අත බලාගෙනය. විටෙක මුහුණේ කඳුළුය. පළමු දින ද ගත වුව ද එන්න එන්නම තත්ත්වය බරපතළ විය. සිදුවූයේ කුමක්දැයි අන්දුන්කුන්දුන් වී සිටි ඔහු බැරිම තැන බිරිඳගේ දුකට හේතු විමසා ඇති අතර ඇය හඬමින් මෙසේ කීවාලු.
” මම දැනගෙන හිටියා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. අතටම අල්ලගන්න හිටියේ. දැන් හරිනේ මගේ කනටම ඇහුනා. කාලෙකින් ආවෙ නෑ කියලා ප්‍රියංගිකා ලස්සනට ගස් ලබු ටික එවලා තිබුණේ.”
දෙලෝ රත් විය. කෝපය සේම සිනහව ද මැද ” අයියෝ ගෑනියේ මොන ප්‍රියංගිකා ද යකෝ. අර මනුස්සය කිව්වෙ ප්‍රියම්බිකාව දුන්නා කියලා. ප්‍රියම්බිකාව කියන්නේ ගෑනිට. මිනිහගෙ ගෑනී දුන්න කියල තමයි ගස්ලබු දුන්නෙ. අනෙ මට වෙච්ච දෙයක් ”
යැයි කියමින් කෑ මොර දුන් බව දැනගන්නට ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්‍රියම්බිකාව-ප්‍රියංගිකා පටලවාගන බ්රිය පරලවෙලා