මෙයට දශක ගණනාවකට පෙර අද මෙන් මංමාවත් තබා රථවාහන වලින් ගමන් පහසුවක් ද තිබුණේ නැත. තිරික්කල හා බරකරත්ත තිබුණත් වැඩිදෙනා තම ගමනක් බිමන් පා ගමනින්ම යාමට පුරුදු වී සිටියහ. දිනක් තමාගේ හදිසි කටයුත්තක් සඳහා සැතපුම් ගණනාවක් ඈත නගරය කරා යෑමට අවශ්‍ය වූ තෙපානිස් එදින පාන්දරින්ම අවදිවී නගරය කරා යෑමට පිටත්විය. ඔහු නගරයට සේන්දු වෙන විට මධ්‍යහ්නය ද ඉක්ම ගොස් තිබුණි. ලහි ලහියේ තම වැඩකටයුතු කර ගත් තෙපානිස් ආපසු තම ගම්බිම් කරා එන විට අතරමඟදීම බිම් කළුවර වැටුනෙන් තමා දන්නා හඳුනන අයෙකු වූ මාටින් අයියාගේ නිවසෙහි එදින රාත්‍රියේ ලැගුම් ගත්තේය. ඔහුගෙන් ආගන්තුක සත්කාර ලබා තෙපානිස් නින්දට වැටුනත් තමාට නුහුරු නුපුරුදු තැනක් වූ බැවින් නින්ද ඔහු අහලකටවත් පැමිණියේ නැත. එබැවින් බලා ඉඳීමෙන් කිසිම තේරුමක් නැති බව වැටහුන තෙපානිස් තම මිතුරාගේ කොරටුවෙන් සනීපෙට වැඩුන කුකුල් නාම්බෙක් අල්ලාගෙන දෙපා ගැටගසා තම මල්ලට දා ගැනීමට ද අමතක කළේ නැත. කලබලේට ලක ලැහැස්ති වූ තෙපානිස්ගේ සද්ද බද්ද වලට හදිසියේ ඇහැරුන මාටින් අයියාගේ මායියා තෙපානිස්ගේ කඩිමුඩිය හා මල්ලේ දමා සිටි කුකුලා දැක කෝපයට පත්වී, ”ඈ බං තොපානිස්, උඹට ඉන්න හිටින්න උපකාර කරලත් මේ කුකුලව අරන් යන්නේ අහවල් එකටදැ”යි විමසුවාය. ‘‘වෙලාවක් දන්නෙ නැහැනෙ හාමිනේ ඒකයි කුකුලා ගෙනියන්නේ, ඌ මගදි හඬලයි! යනුවෙන් කීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාන්දරට වෙලාව බලාගන්න කුකුළා මල්ලේ දාගෙන යන්න හදලා
varuna Saturday, 21 July 2012 12:11 PM
කුකුල උස්සල හොරා වෙනවට වඩා මාටින්ගේ නෝනත් ඇහැරුණු එකේ ළඟට වෙලා ඉන්න කීවානම් ඉවරයිනේ ආයුබෝවන් (අ)
භාතිය Saturday, 21 July 2012 12:15 PM
රුපියල හරි මගට වැටුණා - අපි මහා මගට වැටුන වගේ දෙයක් තමයි දාන්න තිබුනෙ. මොකද ඒක අහපු ගමන් දෙයියෝ සාක්කි කියල කිය වෙනවනේ.. (ස.වි)
ගාලු කොලුවා Saturday, 21 July 2012 12:39 PM
එතකොට කවුද මෙතන කුකුලා ???????? (ස.වි)
ඡයී Saturday, 21 July 2012 01:35 PM
මේ කිතුලට නැග්ග තෙපානිස්ද? (ස.වි)
වරුණ Saturday, 21 July 2012 02:22 PM
කතාව හරියට හරි භාතිය. (අ)
රුවන් Saturday, 21 July 2012 02:29 PM
හරිම කම්මැලියි.....අලුත් දේවල් මොනවද තියෙන්නේ........(සවි)
අලිබබා Saturday, 21 July 2012 02:49 PM
තව දවසක් තෙපානිස්ට ඔය වාගේ වැඩක් වුනා. තෙපානිස් පාන්දර අවදීවෙලා දෙමංහන්දිය නමැති ගමේ ඉදලා තම රැකියාව සදහා මීගමු නගරයට යන්නේ පයින්මයි.ඒ දවස්වල බස් හුගක් අඩුයි. ඒයාගේ පුරැද්දක් තිබුනා යන ගමන් සුරැටිටුවක් පත්තුකර ඒය උරමින් යෑමට.මෙදිනද තම සුරැටිටුව පත්තුකලත් සුලග නිසා ඒය පත්තුකිරීමට අපහසු විය. ඔහු ගමන් කරපු දිසාවට නොව විරැද්ධදිසාවට හැරී සුරැටිටුව පත්තුකර නැවත ගමන ආරමිභ කලාලු. දෙයියෝ සාක්කි ඒයා ආපසු ඇවිදින් තියෙන්නෙ තමාගේ ෙග් ලගටමයි. බැලින්නමි ෙමාකද වෙලා තිෙයන්ෙන් කලුවර නිසාත් නගරයට යෑමටගිය ගමන ආපසු හැරී සුරැටිටුව පත්තුකල නිසාත් ඔහුට මග වැරදී අැත. පසුව ඒ අවට කාඅතරත් මෙය ප්‍රසිද්ධවිය. ගමේ උදවිය තෙපානිස් මීගමු යනවාදැයි ඇසූවිට හොද දෙයක් අහගන්න පුලුවන්ලු. (නු)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 21 July 2012 10:31 PM
ජෝන් මාමේ . හෙට වහිනවලු නේද (දී)
ජෝන් මාමේ . Saturday, 21 July 2012 10:38 PM
"ජෝන් මාමේ . හෙට වහිනවලු නේද (දී)" ----------------------------- මගේ පුතාට කුකුලද කියුවේ (දී)
සේනානායක Saturday, 21 July 2012 11:07 PM
තෙපානිස් ගොයියෝ, ඔයාටත් හොද ගම් කුකුලෙක් හොයල දෙන්නද (දී)
ලලිත් Sunday, 22 July 2012 03:27 AM
මම හිතුවේ "දෙය්යෝ සාක්කිවල" දමන්නේ ඇත්තට සිදුවුන සිදුවීම් විතරය් කියල...මේක පැරණි විහිළුවක් නේ....????! (නු)
කසුන් Sunday, 22 July 2012 08:36 AM
අලිබබා , මෝඩ විහිලු කරන්න එපා (දී)
චරිත් Monday, 23 July 2012 04:04 PM
දෑන් ඉන්න කුකුලොත් නෑගිටින්නේ එලාම් එක තියල ....ඈහිල නෑද්ද බෑට්‍රි බෑහෑපු එලාම් තියපු කුකුලෝ දවල් වෙලා නෑගිටල උදේ 8.30ට විතර හඩලනවා...(ස)