බ...ල්...ලා... ගෙදර, බ...ල්...ලා... ගෙදර පවසමින් විදුහල්පතිනිය පන්ති පුරා සිනහවෙමින් පවසමින් සිටියදී රුපියල් දහසක් ගෙවා දිනකට පෙර පිටමං කළ බල්ලා නඟුට වනමින් ඇයගේ දෙපා අසලට පැමිණීමේ පුවතක් පානදුර පාසලකින් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය, වසර ගණනාවක් පුරා කාටත් කරදරයක් හිරිහැරයක් නොකර පාසල් භූමියේ එහෙ මෙහෙ ඇවිදිමින් කාගෙ කාගේත් ආදරය කරුණාව ලබමින් සිටියත් එම බල්ලාව නාවා පිරිසුදු කිරීමට කාට කාටත් අවශ්‍යතාවයක් නොවීය. පසුගිය දිනවල ඇද හැලූණු අධික වර්ෂාවෙන් බල්ලා හොඳටම තෙමී තිබිණි. එයින් බල්ලාගෙන් වහනය වූයේ අධික දුර්ගන්ධයකි. ඌ උණුසුම් තැනක් සොයා පන්ති කාමර පුරා ඒ මේ අත ගියේය. නාස්පුඩු අතින් වසා සිසුවියෝ මෙන්ම ගුරුභවතුන් දැඩි අපහසුතාවයකට පත්වූහ. එයින් එදිනෙදා අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල විය. විදුහල්පතිනියට කනින් කොනින් බල්ලා නිසා සිදුවී ඇති අපහසුතාවය දැන ගන්නට ලැබී ඇත. මෙයට ගතයුතු එකම පියවර බල්ලා පාසල් භූමියෙන් පිටකිරීම බව අනෙකුත් ගුරුවරු එක හඬින් විදුහල්පතිනියට පැවසූහ. ඇය එයට එකඟ වී දන්නා හඳුනන අයකු මාර්ගයෙන් පුද්ගලයකු ගෙන්වා කළ යුතු දෙය දන්වා රුපියල් දහසක්ද අත මිට මෙලවීය. ගතවූයේ සුළු මොහොතකි. බල්ලාගේ කරට ලණුවක් දමා පාසලෙන් පිටතට ගෙන යාමට පැමිණි පුද්ගලයා ක‍්‍රියා කළේය. පසුදින සිරිත් පරිදි විදුහල්පතිනිය පන්ති කාමරවල නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් දැන් බලූ කරදරෙත් ඉවරයි. බල්ලා... ගෙදර... බල්ලා ගෙදර යනුවෙන් පවසමින් සිටියදීම පිටමං කළ බල්ලා නැවත පැමිණීමෙන් විදුහල්පතිනිය ගුරුවරු හා සිසුහු මුහුණට මුුහුණ බලා ගත්හ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාසලෙන් පිටමං කළ බල්ලා යළි විදුහල්පතිනිය සොයා ඇවිල්ලා
රන්ජනී Friday, 19 October 2012 07:22 PM
බල්ලා විදුහල්පති මොළේ පරදවයි..(නු)
තුසිත Tuesday, 27 November 2012 01:57 PM
මේක මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්න දෙයකුත් නෙමෙයි නේද?(නු)
අමිල Monday, 22 October 2012 11:17 AM
ඕකත් මහ දෙයක්ද ?? (ස)
ජුවාන් Monday, 22 October 2012 02:33 AM
සුමංගලය කාන්තා පාසලක් නේද? (නි)
හිල්මි Monday, 22 October 2012 02:05 AM
ගුරුතුමියට ඌ සෑහෙන්න හිතවත් ඇති (නි)
චමින්ද Sunday, 21 October 2012 04:41 PM
මෙරට බොහෝ පාසල් අද බල්ලාට ගොසිනි. (ස)
රිස්වාන් - සවුදි Sunday, 21 October 2012 03:10 PM
අලුත් එකක් පළ කරන්න. (නි)
සන්ද්‍යා Sunday, 21 October 2012 02:54 PM
ඒ බල්ලා හැමෝටම ආදරෙයි.(නදී)
ලලිත්-සෞදි Sunday, 21 October 2012 02:08 PM
රුපියල් 1000 ගන්න ඇත්තෙත් බල්ලෙක්.(නදී)
හිල්මි Sunday, 21 October 2012 01:47 AM
බල්ලා නැවත පාසලට එන්න ඇත්තේ ගුරුතුමියට පාඩමක් උගන්වන්න වෙන්න ඇති..!(නු)
රාජා Saturday, 20 October 2012 03:53 PM
රුපියල් දාහ බල්ලට දැම්ම කියල හිතාගන්න වෙන මොනව කරන්නද?.(ස)
අනුර Saturday, 20 October 2012 11:26 AM
ඔය රුපියල් දාහ බල්ලට දුන්නනම් ඉවරයි.. (ස)
මුතුකුඩ Saturday, 20 October 2012 12:25 AM
බල්ලා හොද බව ඇත්ත නමුත් බල්ලොත් එක්ක නිදියාගත්තොත් නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්කනේ..!(නු)
සමීර Friday, 19 October 2012 09:31 PM
බල්ලාව විදුහල්පතිතුමියගේ පරණ ඥාතියෙක් වෙන්න ඇති....(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 19 October 2012 11:00 AM
මේ පුවත ඊයෙ තිබුණෙ විදුහල්පති තුමා කියලා..!(නු)
ජයසිංහ Friday, 19 October 2012 07:17 PM
මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා!(නු)
චමත් Friday, 19 October 2012 07:03 PM
ඔය රුපියල් දාහ දීලා බල්ලව නාවලා ගත්තානම් ඉවරයි.. පාසලටත් හොදයි ආරක්ෂාවට..!(නු)
නන්දලාල් Friday, 19 October 2012 06:58 PM
ඔය බල්ලව නාවලා පිරිසිදු කරලා තියාගන්න ආරක්ෂාවටත් හොදයිනේ..!(නු)
කුරේ නාවලගේ Friday, 19 October 2012 04:16 PM
මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා (අ)
සෝමදාස Friday, 19 October 2012 03:15 PM
මේක මීට කලින් තැනක ප්‍රවෘත්තියක් විදියට තිබුනාණේ. (අ)
විජේ Friday, 19 October 2012 02:08 PM
බල්ලට හොදට නාවලා කන්න ටිකක් දුන්නම් මේ විදියට මුදල් වියදම් කරගන්න ඕනෙත් නැහැ.. (නු)
නයනජිත් Friday, 19 October 2012 02:07 PM
බල්ලන්ට හොදට හීලෑ උනොත් ඕන දුරක් හොයාගෙන එනවා... ඒවගේම වාහන හඩින් අදුනා ගැනීමටත් මිනිසුන් ගොඩක් අතරින් ඕන කෙනෙක් අදුනා ගැනීමටත් බල්ලන්ට පුළුවං..!(නු)
දිල්හාර Friday, 19 October 2012 01:37 PM
හරි නරකයි. (නි)
තුවාන් ෂෙරිෆ් Friday, 19 October 2012 01:17 PM
අර පැත්තෙ විදුල්පතිලු.. මේ පැත්තෙ විදුහල් පතිනියලු.. ගමත් පානදුරලු කෝකද හරි...!
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:55 PM
බල්ලා ගිය ආත්මයේ විදුහල්පති කෙනෙක්වද්ද? (නි)
ලලිත් කටාර් Friday, 19 October 2012 12:32 PM
ලංකාවෙ දැං ඉන්න බල්ලොයි කුකුලොයි කිසිම හැදිච්ච කමක් පෙනෙන්න නැහැ වගේ.. එයාලත් කරදර කරන්නෙ ගැහැණුන්ටමයි..!(නු)
කෝසල ගාල්ල Friday, 19 October 2012 11:53 AM
බල්ලා තුල මිනිසුන් තුල නැති ගුණ අති බව මෙයින් ගත හැකි දෙයයි..!(නු)