X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පැමිණිල්ලක් විභාගයට ගිය රාලහාමි නියම තොප්පියක් දාගෙන

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු) 
පැමිණිලි විභාගයක් සඳහා ගිය පොලිස් රාලහාමි කෙනෙකු නිවසක තනි පංගලමේ සිටි තරුණ ළදක් වැළද ගෙන කළ අනඟ රැගුමක් සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව මූදුකරයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය.


 තම නිවස ආසන්නයේ ජීවත්වන පුද්ගලයකු නිතර බීමතින් පැමිණ තම දරුවන් පාඩම් කරන අවස්ථාව බලා ඔහුගේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය ගමටම ඇසෙන්න දැමීම ගොඩින් බේරා ගැනීමට නොහැකිවූ තරුණ දෙදරු මාතාව තම වසමේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර පිහිට පතා ඇත.


ඒ අනුව පොලිස් නිලධාරියෙක් සිංහ ලීලාවෙන් වගඋත්තර පාර්ශවයේ නිවසට ගොස් මද වේලාවකින් පැමිණිලි පාර්ශවයේ නිවසට ගොස් ඇත. ඒ වන විට පැමිණිලිකාරිය පමණක් තනිවම නිවසේ සිට ඇත. සැමියා 
රැකියාවට ගොස් තිබුණි. 


නිවසට ඇතුළුවූ රාළහාමි කිසිවක් නොකියා ඉස්තෝප්පුවේ වූ පුටුවක අසුන්ගෙන කෝ මහත්තයා යි විමසා ඇත. මහත්තයා වැඩට ගිහින් ඇය කීවාය. එයා එන්නේ නැද්දයි විමසූ විට ඇය කියා ඇත්තේ දිවා ආහාරයට එන බවයි. ඒ අතර නැගිට සිටි රාලහාමි මට බොන්න වතුර වීදුරුවක් දෙන්නකෝ යි කියා ඇත. 


ඇය මුළුතැන් ගෙට ගොස් වතුර වීදුරුවක් ගෙනෙන විට රාලහාමි සාලයට පැමිණ සිටියේය. සාලයේ බිත්තිවල තිබූ පිංතුර බලමින් කවුද මේවා ඇන්දේ යැයි ඇගෙන් විමසා ඇත.


ඒ මගේ දරුවන් යි ඇය කියන විටහ ශා... හරි ලස්සනයි කියමින් වතුර වීදුරුව අසල මේසයක් මත තියා එක වරටම පැන කාන්තාව දැඩිව බදාගෙන ඇත. 


චිකේ රාළහාමි මේ මොනවාද කරන්නේ. යි කියමින් ඇය ඔහු තල්ලු කර මිදුලට පැන ඇත. 


හරි  හරි කලබල කරන්න එපා. කාටවත් මේ ගැන කියන්නත් එපා. මම අරූට පාඩමක් උගන්වන්නම් කියමින් නිවසින් පිටව ගොස් ඇත.


පසුව සිද්ධියෙන් දැඩි ලෙස බියට පත් කාන්තාව සිද්ධිය වහාම දුරකතනයෙන් සැමියාට දන්වා පසුව මේ බව උසස් පොලිස් නිලධාරීන්ටද දන්වා ඇත. 


දැන් මේ ගැන පරීක්ෂණයක් සිදුවේ. 


මෙම පොලිස් ස්ථානයේම වෙනත් පොලිස් රාලහාමිකෙනකුද පැමිණිලි විභාගයකට ගොස් කාන්තාවකට අතවර කිරීමට තැත්කිරීම නිසා ගමේ කොලු රැල ඔහු අල්ලා හොඳ සංග්‍රහයක් කර පොලිසියට බාරදුන් බවද වාර්තා විය.

 



අදහස් (1)

පැමිණිල්ලක් විභාගයට ගිය රාලහාමි නියම තොප්පියක් දාගෙන

sampath Friday, 16 August 2019 09:53 AM

එකක් කඩතොළු වසාගන්නට ගොසින් මට වූ කාරියට දෙකක් කඩතොළු හදාදුන්නේ ඉඳුරුවේ ආචාරියායි..

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site