දිනය ඉකුත් සෙනසුරාදාය. ස්ථානය මැද රටේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. පසුදා පැවැත්වෙන පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන් සමග මවුවරු මෙන්ම පියවරුද පුදපූජා පැවැත්වීම සඳහා එහි පැමිණ සිටියහ. ඔවුන් ගත කළේ දැඩි අවිවේකී කාලයකි. පස්වරු තුන හමාරට පමණ පියෙක් තම පුතු සමග එහි ආවේය. විශාල ප්‍රමාණයෙන් සැකසූ පූජා වට්ටියක් ඔහු අත තිබිණි. එහි විශේෂිත වර්ගයේ පලතුරු ආදිය ද දක්නට ලැබිණි. ඒ සඳහා රුපියල් තුන් හාරදහසක් පමණ වැය කරන්නට ඇති බව පෙනී ගියේය. මේ පූජා වට්ටිය මේසයක් මත තැබූ පියා පුතුට ඒ අසලින් ඉන්නටැයි කියා වෙනතක ගියේ හඳුන්කූරු පැකට්ටුවක් ගෙන ඒම අමතක වූ නිසාය. අවට සිටි මවුපියවරුන් අතරින් කෙනෙකු අන්න ලස්සන පූජා වට්ටියක් තියනවා කීයේ මහ හඬ නගමිනි. පිරිස ඒ වටා රොක් වූහ. එක් එක් කෙනා එහි පලතුරු එකින් එක අතට ගනිමින් රස බලන්නට වූයේ සතුටු සිතිනි. මේ වැඬේ ගැන තේරුමක් නැති පුංචි පුතා මේ දෙස සතුටු සිතින් බලමින් ඔහු ද ඇපල් ගෙඩියක රස බලන්නට වූයේය. හඳුන්කූරු ගෙනෙන්නට ගිය පියා එහි එන විට පලතුරු වට්ටියේ තිබුණේ යටට ඇතිරූ බුලත් කොළ ටික පමණි ”අයියෝ මගේ දරුවාගේ පූජා වට්ටිය” කියූ පියා දෑතින් පපුවට ගසා ගනිද්දී එහි රස බැලූ පිරිසට සිදුවූ අකරතැබ්බය පිළිබඳව හැඟී ගියත් කරන්නට දෙයක් නොවීය. පූජා වට්ටියක් සකසන්නට තරමේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නට තැනක් ද ඒ අසලක නොවූයෙන් පුතු සමග පුද බිම පුරා සැරි සරමින් තම දුක කියූ පියා ආපසු ගියේ කඳුළු වගුරවමිනි. එහෙත් පුංචි පුතු සිටියේ සතුටින් බව පෙනුනි. ඔහු පසුදා එම සතුටු සිතින්ම විභාගයට පෙනී සිටින්නට ඇතත් පියා සිටියේ මහත් කනස්සල්ලෙනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පියකු කඬේට ගිය අතරේ මවුවරුන් එකතුවී ශිෂ්‍යත්ව පූජා වට්ටිය කාලා
ප්‍රවීන් - මැනිලා Wednesday, 29 August 2012 03:22 PM
ඔවු ඔවු. ඔය අම්මණ්ඩිලා දුන්න දානයම ඇති පුතාට විභාගය සමත් වෙන්න. (නි)
සුරේනි Tuesday, 28 August 2012 05:38 PM
කොහොමද ඉරිසියාව
හේමසිරි Tuesday, 28 August 2012 07:49 PM
ඒ පූජා වට්ටිය විතරමයි දෙවියන් භාර ගත්තේ. පොඩි එකා විභාගයෙන් සමත් වෙනවාමයි. (නි)
සනත් Tuesday, 28 August 2012 07:53 PM
මේ පෙරේත තටු දානයේ ආනිසංසයෙන් ඒ පොඩි පුතුට ඉහළ සාමාර්ථයක් ලැබේවා කියා පතමි. (නි)
සිල්වා Wednesday, 29 August 2012 05:39 AM
දෙවියන් උදහස් වුවහොත්, පූජාවට්ටියේ පලතුරු කාපු අයට වමාරන්න වෙයි. (ත)
සජිත් Wednesday, 29 August 2012 09:13 AM
ලැජ්ජයි
බණ්ඩාර Wednesday, 29 August 2012 12:32 PM
අයියෝ සල්ලි
ලලිත් - කටාර් Wednesday, 29 August 2012 01:38 PM
මවාපෑම හුගක් වැඩියි. (නි)
චන්ද්‍ර Wednesday, 29 August 2012 01:54 PM
හලෝ, ගෑණු කියලම කියන්න ඇයි? ලිපියෙ තියෙන්නේ මවුපියවරුන් කියලා. එතකොට පාර්ශව දෙකම අයිතිය. ඒකවත් තේරිලා නැතිව ඔහේ කියෝනවා. (නි)
බමුණුසිංහ Tuesday, 28 August 2012 05:14 PM
අනුන්ගේ දේවල්ම කාලා පුරුදු ගැහැණු ටිකක් වෙන්න ඇති. (නි)
රුවන් Wednesday, 29 August 2012 06:39 PM
ගර්භණී මවුවරුන් ටිකක් වෙන්න ඇති. (නි)
කණිෂ්ක Wednesday, 29 August 2012 08:40 PM
පුතුගේ විභාගය ඉහලින්ම සමත් වේවා! (නි)
බුද්ධි Thursday, 30 August 2012 01:44 AM
දෙවියන්ට පුලුවන්ද ළමයින්ව විභාගේ පාස් කරවන්න? (නි)
රොහාන් Thursday, 30 August 2012 07:37 AM
ඒක තමයි ගෑණු කියන්නේ. (නි)
රුවන් Thursday, 30 August 2012 01:08 PM
පුජා වට්ටි අරන් විභාග සමත් වෙන්න දඟලන මෝඩයන්ට යස පාඩම. පුතා තමයි හරි. හැමෝම එක්ක බෙදාගෙන කාලා සතුටු වුණා. බුද්ධිමත් දරුවෙක්. (නි)
අසිත Thursday, 30 August 2012 08:15 PM
අන්ධ විශ්වාසයන්. (නි)
කුමාර Thursday, 30 August 2012 09:46 PM
මේ පෙරේත තටු දානයේ ආනිසංසයෙන් ඒ පොඩි පුතුට ඉහළ සාමාර්ථයක් ලැබේවා! පියාටත් ගොඩක් පින් ලැබේවා! (නි)
ජූඩ් යොහාන් Tuesday, 28 August 2012 01:04 PM
කිසි දෙයකට බය වෙන්න එපා. තාත්තා පුතා අනිවාර්යයෙන්ම සමත් වෙනවා. දෙවියන් ළඟට යන්න කලින් ඔබේ පූජාව කලින් සිදු වුණ ස්තූති කරලා පුතා පාස් කියලා ස්ථීරවම හිතන්න. (ස)
ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 10:22 AM
හදවෙත් භක්තියෙන් පූජා කරන්නට ගෙනා පළතුරු වට්ටියට කළ දේ නම් බොහොම නරකයි . සියලු දෙවි පිහිටෙන් පුතුගේ විභාගය ඉහලින්ම සමත් වේවා (ස)
වරුණ Tuesday, 28 August 2012 10:51 AM
මේ ගෑනු කට්ටියට තිබ්බ දොලදුක නිවුණු නිසා දෙවියන්ට පූජා කරාට වඩා ආනිසන්ස ලැබේවි..(ස)
සජී Tuesday, 28 August 2012 11:14 AM
ඔච්චර සිහි කල්පනාව නැති වෙන්න ගුලි කාලද ඉඳලා තියෙන්නේ මේ ගැහැණු ටික..(ස)
අජිත් Tuesday, 28 August 2012 11:35 AM
ගෑනු අම්මන්ඩිලා ඔහොමමයි ,ඕප දූප කතාකරකර පලතුරු වට්ටියම දෙසාබාන්න ඇති ..(ස)
දයා සෞදි Tuesday, 28 August 2012 11:37 AM
මෙවැනි පුද පූජා පවත්වන දේවස්ථානයකදී ඔය අම්මලාට ටිකක් හිතන්න බැරිද? පූජාවට්ටිය දිහා බැලුවාම ඕනම කෙනෙකුට තේරෙනවා මේක පූජාවකට තියෙන්න කියලා.. වැඩේ කැතයි..!!(නු)
අරුණ ශාලිත නාමල් Tuesday, 28 August 2012 11:40 AM
මේවා පත්තරේ දාන්න ඕන නැහැනේ. රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?
සිසිර Tuesday, 28 August 2012 12:04 PM
අපෝ මෙහෙමත් අම්මාවරු ?කෙසේ වෙතත් පුතා විභාගය සමත්වෙන්න කියලා මම පතමි.(ස)
හර්ශන Tuesday, 28 August 2012 12:33 PM
මෙයාලට අම්මලා කියලා කියන්නත් වටින්නේ නෑනේ...(ස)
හේමන්ත Tuesday, 28 August 2012 10:09 AM
කකුල් දෙකේ සත්තු , චික් විතරක් ..බඩ ජහරි කම (ස)
නාලිකා Tuesday, 28 August 2012 01:16 PM
සමහරු සමහර ස්ථාන වලදී පූජා කරපු වට්ටිය කන්නේ සත්තු රැලක් වගේ.. .... කොහොම වෙතත් නොදන්නා නොපෙනෙන දෙවියන්ට ඉහලම පලතුරු පූජා කරන සමහර ඇත්තෝ අහිංසක හිගන්නෙකුට හරි තවත් මනුස්සයෙකුට හරි බත් මිටක් දෙන්නේ නැහැ... දෙයියෝ ඔය හැම තැනම ඉන්නවා.. පුළුවන් නම් දෙවියන්ව තමන්ගේ හිත් වල වැඩ හිඳුවා ගන්න... කොන්ක්‍රීට් බිල්ඩින් වල ගල් පිළිමවල නැතුව.. (ස)
මාල් Tuesday, 28 August 2012 01:19 PM
දානයක් දුන්නා කියලා හිතා ගන්න...(ස)
අකිල Tuesday, 28 August 2012 01:36 PM
අද කාලේ මිනිස්සු හැසිරෙන්නේ සත්තු වගේ .මේක මහ පෙරේත වැඩක්...(ස)
අමිල කටුනායක Tuesday, 28 August 2012 01:42 PM
කෑමක් ගැන ඔච්චර හිතන්න ඕන නෑ..දරුවා විභාගේ සමත් වේවි හොඳට ලිව්වනම්..(ස)
චන්ද්‍රසිරි Tuesday, 28 August 2012 02:40 PM
අම්මාවරුනේ.....අම්මාවරුනේ.....(ස)
ලක්ෂ්මන් Tuesday, 28 August 2012 03:04 PM
ඔච්චර දෙයක් පුතාට නොතේරුණ එකත් පුදුමයක්..අනේ මන්දා..(ස)
නිශ්ෂංක Tuesday, 28 August 2012 04:04 PM
නැහැදිච්ච ගෑනු ටිකක් .අනුන්ගේ ඒවා කන්නමයි බලන්නේ..(ස)