දකුණු පළාතේ ප්‍රධාන නගරයක වූ රාජ්‍ය බැංකුවකි. මැදිවියේ වූවකු දිගු වෙලාවක සිට එහි ආසනයක වාඩි වී වරින්වර නැඟිට දොරටුව අසලට විත් වටපිට බලා ආපසු වාඩිවන ආකාරය ආරක්ෂක නිලධාරියාගේ උකුසු ඇසට ලක්විය. ඔහු ඒ තැනැත්තා අසලට ගොස් කරුණු විමසීය. ”පුතා මගෙ පොතෙන් සල්ලි ටිකක් අරගෙන ගියා. පැය හතරක් විතර වෙනවා” කී ඔහු ”අනේ පුතේ, මේකෙන් කොච්චර අරගෙනද? මගෙ ඇහැ පේන්නෙ නැහැ” කියා ඔහුට බැංකු පොත දුන්නේය. එය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියා ”රුපියල් ලක්ෂ දොළහක් අරගෙන. තව පන්දාස් තුන්සිය හැටපහක් තියෙනවා” කීවේය. ”හත් දෙයියනේ රුපියල් හයදාහක් ගන්නව කීවේ. එහෙනම් ආපහු එන එකක් නෑ පුතේ, මට ඕකෙන් තව රුපියල් දාහක් අරගෙන දෙන්න. මට ගෙදර යන්න” කීවේ දුකෙනි. ආරක්ෂක නිලධාරියා ඔහුත් කැටුව කළමනාකරු අසලට ගියේ ”මෙහෙමත් පුත්තු” කියමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පියාගේ බැංකු පොතෙන් රු. 6000ක් ගන්න ආ පුතා ලක්ෂ 12කට විදලා
මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 09 October 2012 03:58 PM
ප්‍රධාන නගරයක්නම් ගාල්ල වෙන්න ඇති (ස)
දිනේෂ් Monday, 08 October 2012 06:55 PM
මේ වගේ පුතුන් හැදුවට වැඩිය හොදයි ඔය තාත්තා බලු පැටවු ටිකක් හදාගත්ත නම්. (නි)
චමත් Monday, 08 October 2012 08:40 PM
අහිංසක තාත්තාගේ නරක පුත්තු (අ)
සනත් Monday, 08 October 2012 09:09 PM
මේ පුතා වංචනික විදිහට ලක්ෂ 12ක් අරන් තියෙන්නෙ බැංකුවෙ නොසැලකිලිමත් කම නිසා.වෙන කෙනෙක්ගෙ බැංකු පොතක් නිසා නියම හිමිකරු ගෙන් අහන්න තිබුනා.කොහොමත් මේ "පුතා" වැඩිකල් දුවන එකෙක් වෙන්න බෑ. (අ)
නසාර් Tuesday, 09 October 2012 01:07 AM
මැදිවියේ අයට ඇස් පෙනෙන්නේ නැහැ. (නි)
සදරුවන් Tuesday, 09 October 2012 07:13 AM
ශෝක් පුතෙක්. (නි)
සඳා Tuesday, 09 October 2012 08:35 AM
මේ ඔයාගේ පුතාමද ??? (ස)
සලිනි Tuesday, 09 October 2012 08:58 AM
සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු වලට එන්නෙ මේ වගෙ අය හින්දා ඒ ගොල්ලො ගිණුම් හිමියා අත්සන දාලා තියෙනවනම් කවුන්ටරයට නෑවිත් බැංකුවට ඇවිල්ලා ඉන්නවනම් සල්ලි දෙනවා.බැංකුවෙ වරදක් නැහැ.අනික රාජ්‍ය බැංකුවකින් 12,00,000 ගන්න ලොකු වැඩ ගොඩාක් කරන්න ඕනිනෙ,එච්චර වෙනකන් ඒ කෙනාට තේරිලා නැද්ද?????(ස)
ලලිත් - කටාර් Tuesday, 09 October 2012 09:27 AM
හරි පුදුමයි. මම දන්න විදියට බැංකු පොතකින් සල්ලි ගන්නකොට අයිති කෙනා හරි, එයාගේ අත්සන හරි, හැදුනුම්පත හරි නැතුව සල්ලි ගන්න බැහැ. හැබැයි කාඩ් එකෙන් නම් සල්ලි ගන්න පුලුවන් රහස් අංකය දන්නවා නම්. (නි)
සමන් Tuesday, 09 October 2012 09:48 AM
පුතෙක් නෙවෙයි ................ (ස)
රාජා Tuesday, 09 October 2012 11:08 AM
ලක්ෂ 12ක් ගෙවන්න පෙර බැංකුවට මීටවඩා සැලකිලිමත් වෙන්න තිබුණා.(ස)
පත්මිනිගේ කොල්ලා Tuesday, 09 October 2012 12:07 PM
පත්මිනි ,, ඔව් ඔව් ගේන්න එපා (ස)
තිසර Tuesday, 09 October 2012 02:13 PM
බැංකුව මෙහෙම අනිත් අයට වෙන කෙනෙකුගේ ගිණුමකින් සල්ලි ගන්න දෙනවාද?(නු)
මිරිස්ස Tuesday, 09 October 2012 02:13 PM
මේක වරද සම්පූර්ණයෙන්ම බැංකුවෙ..!(නු)
උෂාන් Tuesday, 09 October 2012 02:13 PM
මෙතනදි බැංකුව වැරදියි.. සාමාන්‍ය ගිණුම් හිමිකරුගේ අවසරයකින් තොරව වෙනත් අයෙකුට තවත් අයෙකුගේ ගිණුමකින් මුදල් ලබාගත නොහැක.. ඒක බැංකු පණතේ පවා සදහන් වෙනවා.. එබැවින් මෙම පුතාට සේම අදාල බැංකුවටත් එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතුය..! යළිත් මෙවැනි දෑ සිදුවීමට පෙර බැංකු මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයය..!(නු)
පනාගොඩ Monday, 08 October 2012 06:53 PM
ෂුවර් එකටම තාත්තා ඉතාලියේ හිටපු වෙන්නප්පුවේ කෙනෙක්. (නි)
කුමාර Tuesday, 09 October 2012 04:44 PM
උශාන් හරි අනිවාර්යයෙන්ම බැංකුවට සහ පුතාට එරෙහිව දඩුවම් කළ යුතුයි..!(නු)
ප්‍රසන්න Tuesday, 09 October 2012 05:02 PM
පියා ගාල්ලේ කෙනෙක්ද? (නි)
ජයනාත් Tuesday, 09 October 2012 08:44 PM
මෙහෙම වෙන්න පුලුවන්කමක් නැහැ. (නි)
ලලිත් Tuesday, 09 October 2012 10:06 PM
වහාම පුතා අත්අඩංගුවට ගත යුතුයි. මේක වංචාවක් නොවේ. මහා දවල් හොරකමක්. පරීක්ෂණයක් පවත්වා පියාට නැවත මුදල් ලබාදීමට කටයුතු කිරීම බැංකුවෙත් පොලිසියේත් යුතුකමකි. (නි)
ලලිත් Wednesday, 10 October 2012 12:56 AM
එයා ඇමති පුතෙක්ද? (නි)
රාජා Wednesday, 10 October 2012 11:06 AM
ලලිත්, ඇමති පුතෙක්නන් තාත්ත දිවුරුම් පෙත්සමකින් කියයි ඔව් ඔව් මම එයාට ගන්න කිව්ව කියල. ඊ ලගට පෙරකදෝරුව කියයි මෙයා ලංකාවේ අනාගත මුදල් ඇමති වෙන්ඩ පුලුවන් කියල.
නිරෝ Wednesday, 10 October 2012 10:46 PM
බැංකුවක ක්‍රියා පටිපාටි ගැන නොදන්නා අය මෝඩ අදහස් ප්‍රකාශ කරලා තියෙන එක ගැන නම් දුකයි, රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 12 ගන්න එහෙම නිකම් බැහැ. නිලධාරීන් දෙන්නෙක්ගේ , එක්කෙනෙක් මැනේජර් හෝ දෙවෙනියා විය යුතුයි , අත්සන් ඕනෑ ඒකට. එයාලා අත්සන් කරන්නේ නැහැ හොයන්නේ බලන්නේ නැතුව , අනික මේ මනුස්සයා පුතත් එක්කම ඉන්න ඇති. (නි)
මනම්පේරි Friday, 12 October 2012 09:43 AM
සීනි නෙමෙයි මේ වගේ අයට අසූචි දාල වෙඩි තියන්න ඕනි. මෙහෙමත් සුනඛයින් (ස)
සජිත් Friday, 12 October 2012 10:28 AM
"අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනවලු" (ස)
මංගල Friday, 12 October 2012 10:24 AM
අන්න පුත්තු
රංජන් Friday, 12 October 2012 10:49 AM
ලක්ෂ 12 ගන්න එහෙම නිකම් බැහැ. නිලධාරීන් දෙන්නෙක්ගේ , එක්කෙනෙක් මැනේජර් හෝ දෙවෙනියා විය යුතුයි , අත්සන් ඕනෑ ඒකට. එයාලා අත්සන් කරන්නේ නැහැ (ස)
ස්වර්ණා Friday, 12 October 2012 11:37 AM
දෙපාරක් හිතන්න ඕනි මෙවැනි වැඩ ගැන (ස)
අකිල Friday, 07 December 2012 08:03 PM
මෙයාට හොදක් නම් වෙන්න එපා. (නි)
කිත්සිරි Monday, 08 October 2012 02:05 PM
මේ පුත්තුන්ට බැන බැන ඉඳල වැඩක් නැහැ... අපේ ළමයින්ට හොඳ නරක කියල දීල ගුණවත්ව හදන්න ඕන... අද අම්මල තාත්තල කොච්චර ඉන්නවද අනෙක් ළමයි කපල තමන්ගේ ළමයි බෑන්ඩ් එකට, ක්‍රීඩා කණඩායම් වලට දාන... කාට හෙණ ගැහුනත් තමන්ගේ වැඩේ කරගන්න පුරුදු කරනවා. ඒ ළමයි ලොකුවෙනකොට දෙමවුපියන් ට මේවගේ වැඩ නොකර ඉඳීද? ,(ස)
වරුණ Monday, 08 October 2012 10:07 AM
මම හැමදාම කියන්න වගේ රටේ මිනිස්සු මෙතරම් පිරිහිගෙන යන කාලයක් තවත් නෑ. අම්මා, තාත්තගෙ දෙයක් හරි හොරේන් අරගෙන හරි ජීවත්වෙන යුගයක් උදාවෙලා තියෙන්නෙ. (ස)
රාජු Monday, 08 October 2012 10:25 AM
මෙන්න මිනිසුනේ අපරාධ(ස)
උදිත් Monday, 08 October 2012 10:34 AM
ඔය පුතාටත් මේ වගේ දුකක් ලැබේවි ...(ස)
උදිත් Monday, 08 October 2012 10:28 AM
ඔය පුතාටත් මේ වගේම දුකක් ලැබේවා ....(ස)
පද්මි Monday, 08 October 2012 10:40 AM
බෙන්තර ගඟෙන් එහාද ඕක උනේ (ස)
දයා, සෞදියේ සිට Monday, 08 October 2012 10:59 AM
කරදඩු උස්මහත් වෙනකම් කවලා පොවලා උස් මහත් කරලා හදපු මව් පියන්ට මෙහෙම කැත වැඩ කරන දරුවෝ කියන මරුවොන්ට යන්න ලෝකයක් නෑ එලොවට (ස)
සදී Monday, 08 October 2012 11:12 AM
මේ වගේ පුතාලට සීනි දාලා වෙඩි තියන්න ඕනි කූඹි කාලා මැරෙන්න (ස)
අනුපම Monday, 08 October 2012 11:16 AM
පද්මිගේ ගෙදරත් ගඟෙන් ඒහාද.....? (ස)
සශීමාල් Monday, 08 October 2012 11:34 AM
පුතාට කල කම් පල දේවි (ස)
චින්තක Monday, 08 October 2012 11:41 AM
අද කාලේ පුතාලත් මෙහෙමනම් ..(ස)
පිටිගල Monday, 08 October 2012 11:46 AM
මෙයා මාර පුතෙක්නේ (ස)
චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:48 PM
රස්සාවක් කරන්නේ නැති නිකමෙක් වෙන්න ඇති (ස)
ජයී තිසර Monday, 08 October 2012 01:15 PM
මෙය හොඳ පාඩමට ගන්න නිලධාරින්ටත් කියන්න බැංකු පොතෙන් මුදල් ගන්න සීමාවක් දමා ගන්න ,(ස)
සිල්වා Monday, 08 October 2012 01:32 PM
අහුවෙන බව දන්නේ නැද්ද
සරත් Monday, 08 October 2012 10:04 AM
අද කාලේ ගුණ යහපත් ළමයි හරිම අඩුයි (ස)
රංජිත් Monday, 08 October 2012 02:08 PM
නියම පුතෙක් ,(ස)
යොහාන් Monday, 08 October 2012 02:44 PM
ලක්ෂ 12 ට වඩා තාත්තා වටින්නේ නැද්ද ළමයෝ ,(ස)
ලලිත් Monday, 08 October 2012 02:52 PM
තාත්තගේ පුතෙක් නේ... (ස)
නිරාන් Monday, 08 October 2012 02:56 PM
කොයි කාලෙත් මෙහෙම පුතුන් හිටියා. මතක නැද්ද අජාසත්ත කතාව? (නි)
දිනේෂ් Monday, 08 October 2012 03:00 PM
තමන්ගේ දෙමවුපියන්ට බොරු කරන වංචාකාරයෝ.... (නි)
සිල්වා Monday, 08 October 2012 03:08 PM
දැක්කානේ ලෝභ කම
දිලීප Monday, 08 October 2012 03:08 PM
බැංකුව ඉතාම වැරදි වැඩක් කරලා තියෙන්නේ. කෙනෙක් ගේ ගිණුමක සල්ලි වෙන කෙනෙකුට දීලා. මේකට අනිවාර්යෙන්ම බැංකුව වග කියන්න ඕන. (ස)
දයා, සෞදියේ සිට Monday, 08 October 2012 03:17 PM
කොයා කගෙත් පුත්තු එකයි....සුනඛ වැඩමනේ කරන්නේ (ස)
ජයලත් Monday, 08 October 2012 03:28 PM
මේ නම් පුතෙක් නෙමෙයි සතෙක් ,(ස)
පද්මි Monday, 08 October 2012 04:16 PM
අනේ මම නම් බළල් පැටියෙක්වත් ගේන්නේ නැහැ. (නි)
පනාගොඩ Monday, 08 October 2012 04:29 PM
පුතා- පියාණෙනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා , ඔබේම පුතු වේවා පියා- ඔබ නම් පුතේ නැවත උපදින කෙනෙක් නෙමෙයි අපායටම යයි.. (නි)
යොහාන් Monday, 08 October 2012 04:47 PM
සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ... (නි)
අනුපම Monday, 08 October 2012 06:16 PM
එතකොට පද්මිගෙ බළල් පැටියා ගෙනාවෙ කොහෙන් ද? (නි)