X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


පියාගේ බේබදුකම මට්ටු කරන්න අම්මයි දුවයි උප්පරවැට්ටියක් දාලා

වයඹ පළාතේ ප‍්‍රවාහන කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ එක්දරු පියෙකි. තම බිරියටත් දියණියටත් දැඩි සේ ආදරය කළ ඔහුගේ ලොකුම අඩු පාඩුවක් වූයේ හැම දිනකම සවස මත්වතුර තොල ගාගෙන අවසිහියෙන් ගෙදර ඒමයි. ඒත් ගෙදර ආ විගසම දියණියගේ අධ්‍යාපන කටයුතු සෙවීම ඔහුගේ සිරිත විය.

පසුගියදාත් සවස්වරුවේ ගෙදර ආ සැණින් දියණිය ළඟට ඇද ගත්තේ පොත් ටිකකුත් සමඟ ඉගෙනීම සොයා බැලීමටය. ”අද ටීචර් ෂෝක් පාඩමක් කියල දුන්නා තාත්තේ ඒකට සම්බන්ධ පොටෝ තියෙන පති‍්‍රකාවකුත් දුන්නා” කී දියණිය ඔහු අත තැබුවේ මත් වතුරේ ආදීනව දැක්වෙන සටහනකි. පති‍්‍රකාව ද ඔහු අත තැබුවාය. එය කියවමින් ගෙට ගිය පියා නැවත එළියට ආවේ නැත.

වැඩි කතාබහක් නැතිව පසුවදා වැඩට ගිය ඔහු ආපසු ආවේ පරණ සිරිත අතහැර දමාලූ.

මෙම සටහන සහ පති‍්‍රකාව ගුරුතුමියගේ එකක් නොව අම්මා සහ දුව එක්වී සකස්කළ එකක් බව ඔහු තවමත් දන්නේ නැතිලූ.



අදහස් (0)

පියාගේ බේබදුකම මට්ටු කරන්න අම්මයි දුවයි උප්පරවැට්ටියක් දාලා

චන්දි Sunday, 09 March 2014 05:01 PM

කැනඩාවේ අය බොන්නේ විස්කි හින්දා වෙන්න ඇති ඇඟට ගුණ. අපේ රටේ කසියා හරි ගල් කාලක් හැමදාම ගහන මිනිහෙක් ගෝරි නොදා ගත්තත් ඉක්මනට මැරිලා යනවා. (නදී)

:       0       0

සුජා Tuesday, 25 March 2014 04:15 PM

මොලේ ඇති අම්මයි දුවයි.(නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 12 March 2014 12:54 AM

වැඩ ඇරිලා ඇවිල්ල නාගත්තට පස්සේ පොඩ්ඩක් ගන්නවා. ඒත් මට චරු චුරුව ,ඇඟට පතට හරි අමාරුයි අනේ දුවයි අම්මයි බන කියනවා අනේ.(නදී)

:       0       0

චන්දි Tuesday, 11 March 2014 07:47 PM

හුග දවසකින් අදයි පත්තරේ බැලුවේ...!! හොද අම්මෙකුයි, දුවෙකුයි වගේම හොද පියෙක් , පුංචි පවුල රත්තරන් කියනවනේ ...නේද ....? (දී)

:       0       0

ටානියා Tuesday, 11 March 2014 03:53 PM

විහිළුවක් විදිහට අපි දැක්කාට පවුලේ සමගිය වෙනුවෙන් කල වැඩක් (දී)

:       0       0

කේ.එච්.ආර්.කේ දිසානායක Tuesday, 11 March 2014 10:27 AM

ඔය ලෙබනන් රටේ ඉන්න ලංකාවේ ගැහැනුත් හරියට බොනවා කියල දැන ගන්න තියනවා.(නදී)

:       0       0

චන්දන Tuesday, 11 March 2014 06:43 AM

ජයවේවා ඔබට මහත්මයාණනි ඔබ,නුබ උසස් පුද්ගලයෙක්, අම්මටයි දුවටයි අපේ උත්තමාචාරය.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 11 March 2014 05:25 AM

මේක පත්තරේ දාපුවාම වැඩේ කණපිට හැරෙනවනේ. තාත්තා දැන් වැඩේ දැනගෙන අම්මාට සහ දුවට වෙන අනතුර ගැන ඕනෑම මෝඩයෙකුට හිතා ගන්න බැරිද? (නදී)

:       0       0

නනිදසිරි Tuesday, 11 March 2014 02:12 AM

හොඳ අදහසක් ඒවගේම තාත්ත හොඳ නිසා නවත්වල තියෙන්නේ නැත්නම් බොන මිනිහ මොනවා කිව්වත් බොනවා සමහරු මරෙනකල්ම අතාරින්නෙ නැහැ (අ)

:       0       0

නමස්ක Monday, 10 March 2014 10:55 PM

ඒ වගේම තාත්තද නුවණක්කාර කෙනෙකි (අ)

:       0       0

භාරත Monday, 10 March 2014 10:55 PM

නියම වැඩක් නුවණක්කාර වැඩක් (අ)

:       0       0

සමීර සම්පත් Monday, 10 March 2014 05:22 PM

හොද තාත්ත කෙනෙක්. (දී)

:       0       0

මලිති හඳපාන්ගොඩ Monday, 10 March 2014 04:33 PM

ගොඩක් හොද දෙයක් කරලා තියෙන්නේ ඒ අම්මයි දුවයි (දිල්)

:       0       0

ආරියසේන Monday, 10 March 2014 07:21 AM

කොහොම වුනත් මව සහ දුවගේ නුවනින් පියාගේ බේබදු කම නැති කරා.(දිල්)

:       0       0

නිලූ විතානගේ Monday, 10 March 2014 05:01 AM

නිලූ විදානගේ සෞදි අරාබිය, ඔයා දිරිය කතක්, (අ)

:       0       0

විනීත Sunday, 09 March 2014 07:32 PM

අනිත් අයත් මේක බලල මේ වගේ උපක්‍රම කල්පනා කරලා හරි බීම නවත්තමු. මොකද මතට තිත තියන කාලයක් නම් පෙන තෙක් මානෙක නැ. මොලේ පාවිච්චි කලොත් මුළු රටේම බීම නවත්තන්න පුළුවන් (දී)

:       0       0

සේන Friday, 07 March 2014 09:22 AM

බොහොම හොදා.....නුවනක්කාර මව්..(නදී)

:       0       0

ලක්ෂාන් ජයවර්ධන Sunday, 09 March 2014 01:34 PM

බොන්න විදිහක් නැති දුකට බීලා එයිද දන්නේ නෑ නේද? (දී)

:       0       0

සමන් Sunday, 09 March 2014 02:15 AM

මත්පැන් බීම හොඳයි කියලා ලියලා තියෙන අයට පිස්සු හැදිලා (දී)

:       0       0

දිසානායක Saturday, 08 March 2014 02:15 PM

නිලූ නංගි හරි, බීලා කැ ගහලා ගෝරි දාගන්නවනම් තමයි නරක. කැනඩාවේ හවසට ඕන කෙනෙක් කාලක් දාගෙන ඉන්නේ (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 08 March 2014 01:47 PM

මගේ නමින් ඔය මානසික ලෙඩා අදහස් දැම්මට මම අදහස් දමන එක නතර කරන්නේ නැහැ.(නදී)

:       0       0

අසාද් Saturday, 08 March 2014 01:38 PM

මතට තිත තාම නැද්ද? (නදී)

:       0       0

නිලූ විදානගේ, සෞදි අරාබිය Saturday, 08 March 2014 11:55 AM

මට නම් පෙන්නේ මේ තත්තා පොඩ්ඩක් බිවුවට කමක් නැහැ, මොකද එයා බීල කරදර කරන්නේ නැහැ, පොඩි කෙළියි, අම්මයි කට ගැස්මක් හදලා දෙන්න.(නදී)

:       0       0

සජී Friday, 07 March 2014 04:30 PM

පියා පත්තරේ බැලුවොත් රහස එලි වෙනවා (අ)

:       0       0

පිටිගල Friday, 07 March 2014 03:10 PM

මොහමඩ් කියපු එකම මටත් හිතුනා. එහෙම උනොත් නම් ආයෙත් නැවත්වීම බොරු.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 07 March 2014 01:43 PM

සතුටුදායක ආරංචියක්. එක් කෙනෙක් හරිමගට ගන්න පුවතක් දැනගන්න ලැබුනා. මේ පවුලට ජය සහ සතුට පතමි. (නදී)

:       0       0

අසෝකා Friday, 07 March 2014 01:08 PM

දැන් ඉතින් රහසක් වෙන්නේ කොහොමද? මේක බලපු කෙනෙක් නිකමට හරි කිව්වොත් කලින් ටත් වඩා බීගෙන ගෙදර එයි.(නදී)

:       0       0

ලලිත් Friday, 07 March 2014 11:53 AM

බිරිද දරුවන් කියන දේ අහන තාත්තලත් තම ඉන්නවා එහෙනම්. හොද පව්ලක්. (අ)

:       0       0

හේමන්ත Friday, 07 March 2014 10:23 AM

දැන් රහස රැකිලද? එහෙනම් පත්තරයට ආවේ කොහොමද? (අ)

:       0       0

මොහොමඩ් - බේරැවල Friday, 07 March 2014 09:42 AM

එයා රැවටුනා කියලා මේ පුවත දැකලා ආයිත් බොයිද දන්නේ...? එහෙම වුනොත් ඒකත් දෙයියෝ සාක්කි වලම දාන්න... (නදී)

:       0       0

කුමාරි Friday, 07 March 2014 09:36 AM

කොහොම හරි කමක් නැහැ අම්මයි දුවයි රහස රැක ගැන තාත්තත් රැක ගන්න. ජය වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site