(තිහගොඩ උපසේන ලියනගම)
පුතා මනාලියක රැගෙන ගෙට එනදා අතුරුදන් වූ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ නිල්වලා ගංගාව ආරම්භ වන කඳුකර ප්‍රදේශයේ ගම්මානයකිනි.
එය සැකෙවින් මෙසේය.
තම පුතුට ගැළපෙන විවාහයක් සොයා කපුවන් සමග ඇවිදින මේ පියාට කලින් සඳහන් ප්‍රදේශයේ ප්‍රභූ පවුලක රූමත් දියණියක් ගැන තොරතුරු ලැබිණ. කපුවා සහ පුතා සමඟ එහි ගිය පියාට සැබවින්ම රූමත් දියණිය මුණ ගැසුණු අතර ඇය මව සමග සිටින බවත් මව දැඩි දුකක් විඳ ඇය ලොකු මහත් කොට උගන්වා හොඳ රැකියාවක් ලබා දී ඇති බවත් දැන ගත්තේය.
දරුවා ඇති දැඩි කිරීමට තමා ගත් වෙහෙස ඇය කීවේ කඳුළු පිසමිනි. පියාට ද දැඩි දුකක් ඇති වූයෙන් ඔහු පුතාට කීවේ මේ කටයුත්ත කර ගන්නා ලෙසටය. පසුව දෙපිරිසම ඊට එකඟවී මංගල්‍ය උත්සවය මහ ඉහළින් ගත්හ. මෙහිදී පියා ගෙවල් දෙකේම කටයුතු කළේ මහත් උනන්දුවෙනි.
මධුසමයෙන් පසු මනාලයාගේ නිවසට ජෝඩුව ආදා පියා එහි නොවූයෙන් මනාල පුතා විමතියට පත් වුවත් මව ඔය මනුස්සයගෙ වැඩේ එහෙ මෙහෙ දුවන එකනෙ කීවේ. තවදුරටත් ඒ ගැන නොසොයමිනි.
ඒ අවස්ථාවේ කලබලයට පත් මනාල දුව තම මවට ඇමතුමක් ගත්තාය. කලබල වෙන්න එපා දුවේ. තාත්තා මෙහෙ ඉන්නවා’’ මව කීමෙන් දියණියට “හත් දෙයියනේ’’ කියවුණාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුතාගේ දෙවැනි ගමනදා පියා ලේලියගේ මව සමඟ මදුසමයේ