X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


පුතාගේ නම නොදැන සිටි තාත්තාට ඉස්කෝලෙදි හීන්දාඩිය දාලා

සිය පුතු නිවසේ අමතක කර දමා ගිය පාසල් කෑම පෙට්ටිය නැවත ඔහුට දීමට පාසලට ගිය පියකුට වූ අකරතැබ්බක් පිළිබඳව කතා පුවතක් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ පාසලකින් වාර්තා විය. වෙනදා මව කෑම සකසා පෙට්ටියකට දමා පුතාගේ බෑග් එකට ද දමා  දුන්නත් මෙදින කෑම පෙට්ටිය දරුවාගේ බෑග් එකට දැමීමට මවට අමතක වී ඇත. පුතා එය නොදැන පාසල් යන්නට පිටත් විය. පුතා පාසල් ගිය පසු මේසය මත ඇති කෑම පෙට්ටිය දුටු මව ස්වාමියා  අමතා ”අනේ පුතා කෑම එක අමතක කරලා ගිහින්. ඔයාට බැරිද ඒක ඉස්කෝලෙට ගිහින් දෙන්න” යැයි කීවාය. බිරිඳගේ ඉල්ලීමට කැමති වූ ඔහු කෑම පෙට්ටිය පාසලට ගහින් දීමට එකඟ විය. හෙතෙම  කෑම පෙට්ටිය රැගෙන පාසලට ගොසින් පන්ති කාමරයක් අසළ නතර විය. ටික වේලාවකට පසු එතැනට පැමිණි ගුරුවරයෙකු තමා පැමිණියේ කුමකට දැයි පියාගෙන් විමසීය. තම පුතා ගෙදර අමතක කර පැමිණි කෑම පෙට්ටිය පුතාට දෙන්නට පැමිණි බව පියා පැවසුවේය. එවිට ගුරුවරයා ළමයාගේ නම කුමක්දැයි පියාගෙන් ඇසීය. ”මම මහත්තයෝ ළමයාගේ නම නම් දන්නෙ නැහැයි පියා කීය” ගුරුවරයා පුදුමයෙන් මෙන් එහෙනම් පන්තියවත් දන්වාදැයි නැවතත් ඇසීය. පියාගෙන් ලැබුණු පිළිතුර වූයේ නොදන්නා බවය. ඉන් පසුව සිය නුවණ පාවිච්චි කළ ගුරුතුමා පුතාට ගෙදරදී කතා කරන්නේ කුමක් කියා දැයි ඇසීය.  හෙතෙම ගත් කටටම ”කළු පුතා” කියලා යැයි පැවසීය. ගුරුවරයා පන්තියක් ගානේ ගොසින් කළු පුතා කව්දැයි විමසා කෑම පෙට්ටිය පුතාට දුන්නේය.



අදහස් (0)

පුතාගේ නම නොදැන සිටි තාත්තාට ඉස්කෝලෙදි හීන්දාඩිය දාලා

චතුරංග Thursday, 12 January 2012 08:34 AM

දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙයි පියවරුන් දරුවන්ගෙන් ඈත් වෙලා. කථාව ඇත්ත

:       0       0

උපාලි සුදසිංහ Tuesday, 17 January 2012 08:07 AM

අනේ පවු අපි ඉගෙන ගත්තට තාත්තලා ඉගෙනගෙන නැහැනේ

:       0       0

ලලිත් බී Monday, 16 January 2012 08:46 PM

දෙමාපියන් දරුවන්ගෙන් ඈත් වෙලා. දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් වෙලා. ඇත්ත කතාව ඒකයි

:       0       0

විජය Monday, 16 January 2012 03:59 AM

වෙන්න පුලුවන්. මටත් වෙලා තියෙනවා

:       0       0

රත්න Sunday, 15 January 2012 06:30 PM

අද කාලේ තාත්තලාට තියෙන වැඩ රාජකාරී නිසාත් බහුතරයක් නියම නම ගෙදරට භාවිතා නොකිරීමත් තමයි මෙයට හේතුව. පුදුම වෙන්න කරුණක් නැහැ

:       0       0

අමර Friday, 13 January 2012 01:20 PM

පුදුම වෙන්න දෙයක් නෑ. සමහර තාත්තලට ළමයි කී දෙනකු ඉන්නවාද දන්නෙත් නෑ.

:       0       0

තුෂාර Thursday, 12 January 2012 03:02 PM

වෙන්න පුලුවන්. අමතක වීම් ඕනතරම් වෙනවා

:       0       0

Alex Thursday, 12 January 2012 10:04 AM

මේක ඇත්ත වෙන්න පුළුවන්. මගේ තාත්තත් මම පොඩිකාලේ බෙහෙත් ගන්න ගිහින් වෛද්‍යවරයා නම වයස අහනකොට හරියට කියන්න දන්නේ නෑ. මම කවදාවත් පාවිච්චි නොකරන නමේ කෑලි තම කියන්නේ.

:       0       0

සපුමල් Thursday, 12 January 2012 08:58 AM

මේක ‍ඇත්ත වෙන්න පුළුවන් දැන් ඉන්න අයට දාල තියෙන සමහර නම් මතක තියාගැනීම කෙසේවෙතත් ලියල දුන්නත් කියවන්න අමාරුයි...

:       0       0

වෙලගෙදර Wednesday, 11 January 2012 09:52 AM

මහ බොරු කතාවක්

:       0       0

ක්‍රිස්ටි Wednesday, 11 January 2012 09:11 PM

අමාරු නමක් වෙන්න ඇති.

:       0       0

අසන්ක Wednesday, 11 January 2012 07:13 PM

වෙන කාගේ හරි නම ඇහුවනම් ලස්සනට කියයි..

:       0       0

Sujith Dissanayake Wednesday, 11 January 2012 04:57 PM

අපි හිනා  වෙන්න හොඳ නෑ, මම හිතන්නෙ මෙ මනුස්සයා  ඇල්සයිමර්  කියන රෝගී තත්වයෙන් පෙලෙනව

:       0       0

මහේෂ් Wednesday, 11 January 2012 12:54 PM

බොරු කතාවක්

:       0       0

ජීවන්ත Wednesday, 11 January 2012 12:52 PM

මෙවැනි අය ඉන්නවා. මට හමුවෙලා තියෙනවා.

:       0       0

සමන්ත Wednesday, 11 January 2012 12:10 PM

ඒක නම් බොරු කතාවක්

:       0       0

ලියනගේ Wednesday, 11 January 2012 10:33 AM

ඕක ඇත්ත කතාවක් වෙන්න ඇති. මගේ තාත්තාටත් මගේ නම මතක නැහැ. ඉස්කෝලෙදි ටීචර් නම ඇහුවම මගෙ මූණ දිහා බලනවා.

:       0       0

faru Wednesday, 11 January 2012 10:07 AM

ඇත්තද බොරුද

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site