X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


පුතුගේ පළමු උපන් දිනේට අම්මාගෙන් අපූරු තෑග්ගක්

මෙය දකුණු පළාතේ සිදුවීමකි. තම කුඩා පුතුගේ උපන් දිනය ඉහළින්ම සැමරීමට දෙමව්පියෝ තීරණය කළහ. ඥාති මිත‍්‍රාදීන්ට ආරාධනය කර උදව්වට නැගණියද ගෙන්වා ගත් දරුවාගේ මව එළවළු පිළියෙළ කිරීම නැගණියට සහ අන් අයට පවරා මස් මාළු කැපීමේ කාර්යය තමාම භාරගත්තාය. ලොකු මාළු කුට්ටියක් පිහියෙන් කැපූ ඇය කුකුළු මස්ද කපන්නට වූවාය. මස් ශීතකරණයේ තැබීම නිසා කැපීමට අපහසු වූ බැවින් ”මන්නා පිහියක්” භාවිත කිරීමට සිදුවිය. කුකුළකු කැබලිවලට කැපූ ඇය තවත් කුකුළකු රැගෙන පිහිය ඔසවා වේගයෙන් ගැසුවාය. අවාසනාවකි. පහර වැරදී ඇයගේ වම් අතේ මාපටඟිල්ලේ අග පුරුකේ කොටසක්, නියපොත්තේ කොටසකුත් සමග වෙන්වී ගියේය. වහාම ඇය රෝහලකට ගෙන ගිය අතර සිද්ධිය දුටු ඇයගේ නැන්දනිය අනතුරට මුහුණ පෑ අයගේ නැගණිය අමතා ”දුවේ මසුත් කාලා හමාරයි නොවැ”යි පැවසුවාය. පැය කිහිපයකට පසු අවශ්‍ය ප‍්‍රතිකාරයෙන් පසුව දරුවාගේ මව නිවෙසට රැගෙන ආවාය. සාදයේ වැඩ කටයුතු අන් අය සූදානම් කර තිබිණි. සියල්ලෝම දිවා ආහාරයට වාඩිවූහ. උපන් දිනය සැමරූ පුතාට බත් කවන ලද්දේ පුංචි අම්මාය. ආහාර අනුභව කරන අතරේ පිඟානේ තිබූ දෙයක් දරුවා පෙන්වීය. එය පරීක්ෂා කැරිණි. දරුවාගේ මවගේ වෙන්වුණු ඇඟිලි කැබැල්ල එය බව දැකගත හැකි විය.



අදහස් (0)

පුතුගේ පළමු උපන් දිනේට අම්මාගෙන් අපූරු තෑග්ගක්

සහන් දසනායක Thursday, 19 July 2012 10:46 PM

නොසැලකිල්ලෙන් වැඩ කරනකොට ඔහොම ටමයි . කොහොමද මේ වගේ දෙයක් හොටෙල් එකක උනානම් එහෙම . පත්තර වල යයි මිනි මස් උයන හොටෙල් එකක් හමුවෙයි කියල ...!!!

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 07:08 AM

දකුණු පළාතෙන් ඇහෙන්න්නේ හරි පුදුම දේවල් මේ දවස් වල.

:       0       0

ෂාන් Thursday, 19 July 2012 07:43 AM

මේක නම් බොරුවක්ද කොහෙද? මොකද අවුරුද්දක පොඩි එකෙකුට ඔච්ච්ච්ර දැනුමක්? (වෙන් කර හදුනාගැනීමට පාට ,සතුන් , මල් , පුද්ගලුන් වැනි දේ ).පොඩි එකෙක් මිරිස් සැර කන්නේ නෑ.ගොඩක් වෙලාවට මස් හෝදලා වගේ දෙන්නේ.මේ කතාවේ හැටියට පුංචි අම්මගේ ඉදන් මේ මුළු පවුල අන්ධයි.

:       0       0

රුවන් ගමරාළේ Thursday, 19 July 2012 09:30 AM

කතාව නම් හොදයි. හැබැයි අස්වාභාවිකයි.

:       0       0

ගිහාන් Thursday, 19 July 2012 08:57 AM

කිරිඅප්පට බල්ලෝ පැනපි කිවුවලු

:       0       0

පණ්ඩිත් Thursday, 19 July 2012 10:29 AM

බොරු ප්‍රබන්දයක්ද මන්දා

:       0       0

විලියන් Thursday, 19 July 2012 09:54 AM

බොරු එපා හොදද?

:       0       0

ඉන්දික Thursday, 19 July 2012 10:51 AM

වැඩේ ඇත්ත වගේ කියල තියෙනවා

:       0       0

කුසල් හාමු Thursday, 19 July 2012 03:51 PM

උපන් දිනය දවසේත් සතුන් මරා ගෙන මස් කෑම හොඳද ඒ අහිංසක සතුනුත් ජීවත් වෙන්න ආසයි. උපන් දිනේට පැළයක් රෝපණය කරන්න පුළුවන් නම් ආගමික කටයුතු වල යෙදෙන්න පුළුවන් නම් ඔයිට වඩා කොපමණ හොඳද

:       0       0

වික්මල් Thursday, 19 July 2012 07:26 PM

අද කාලෙ හැටි....

:       0       0

ගිරිගොරිස් අප්පුහාමි Thursday, 19 July 2012 06:19 AM

රජ කෙප්පයක්

:       0       0

වෙනුර Friday, 20 July 2012 08:39 AM

අප්‍රියෙල් 1 වෙනිදාට නෙමෙයි නේද?

:       0       0

නිමල් සිරිවර්දන Friday, 20 July 2012 08:06 PM

අන්තිමේදී අම්මගේ මසුත් කන්න උනානේ ... අනේ අපොයි (දී)

:       0       0

නිලු Sunday, 22 July 2012 06:48 AM

කවුද මේ කතාව ලිවුවේ ඇත්තටම? (නි)

:       0       0

ලහිරු Sunday, 22 July 2012 12:48 PM

ළමයට අමතක නොවන දවසක්. අම්මගේ මසුත් ඉව්වනේ (දී)

:       0       0

ලහිරු ලක්මාල් සුබරත්න Sunday, 22 July 2012 12:48 PM

මිනි මසුත් කාලද (දී)

:       0       0

මාර්ලන් Monday, 23 July 2012 08:03 AM

පොඩි එකා රහස් පොලිසියේ වෙන්න ඇති, ඇගිලි කෑ‍ලි අදුර ගත්තේ. (නි)

:       0       0

සමන්ත Wednesday, 25 July 2012 08:27 PM

මමනම් හිතන්නේ හැමදේටම මුල නොසැලකිල්ල...(ස)

:       0       0

මනම්පේරි Wednesday, 25 July 2012 08:27 PM

මමනම් හිතන්නේ නොසැලකිල්ලෙන් වැඩකර නිසා තමයි මේ සෑම විපතක්ම......(ස)

:       0       0

සුමන මනන්දුව Wednesday, 18 July 2012 02:03 PM

මේකනම් ලොකු බොරුවක් .

:       0       0

ලක්මාලි Wednesday, 18 July 2012 10:49 AM

මගේ දෙයියනේ...

:       0       0

දයා,saudi Wednesday, 18 July 2012 10:13 AM

අනතුරක්... අහඹු සිදුවීමක්.... මස් මාලු කෑමත් එපා වෙනවා නේද? කණගාටුයි.

:       0       0

වරුණ Wednesday, 18 July 2012 10:28 AM

මස් හෝදලා නෙමෙයිද හදලා තියෙන්නේ? හේදුවා නම් ඇගිල්ල අහු වෙනවනේ.කමක් නැහැ ඉතිං.දෙකම මස්නේ.

:       0       0

පුංචා Wednesday, 18 July 2012 11:16 AM

මේකනම් වෙන්න බෑ...

:       0       0

ගාලු කොලුවා Wednesday, 18 July 2012 11:17 AM

දැන්වත් අහිංසක සත්තුන්ගේ මළකුණු කන්නේ නැතුව හිටියොත් ඒකත් මදෑ

:       0       0

හේරත් Wednesday, 18 July 2012 11:29 AM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා.තමන්ගේ දරුවගේ උපන්දිනේට කරන්න ඕනේ හොද ආදර්ශමත් වැඩක් නේද?

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 11:47 AM

මෙයාගේ බොරුද කොහෙද?

:       0       0

මධූ Wednesday, 18 July 2012 12:23 PM

මට නම් හිතාගන්න බැරි කොහොමද පුතාටම හම්බ වුණේ? මතක් වෙද්දිත් අප්පිරියයි.

:       0       0

විජේ Wednesday, 18 July 2012 02:01 PM

ඕක පට්ටපල් බොරුවක්

:       0       0

නයනා Wednesday, 18 July 2012 10:10 AM

අනේ..............අනේ.....?

:       0       0

සුසිල් Wednesday, 18 July 2012 03:31 PM

ඇත්තමද මේ ???

:       0       0

නිශාන්ත Wednesday, 18 July 2012 05:55 PM

පළමු උපන්දිනේට මස්ද කට්ටියට දෙන්න හැදුවේ.....

:       0       0

පොතේගුරා Wednesday, 18 July 2012 05:53 PM

පිළිගන්නත් අමාරු සිදුවීමක්...අනේ මන්දා.....

:       0       0

සේනානායක Wednesday, 18 July 2012 11:51 PM

අවුරුද්දක දරුවෙකු කොහොමද ඇගිලි අදුනා ගන්නේ?

:       0       0

සුදත් Wednesday, 18 July 2012 11:55 PM

දෙයියෝ සාක්කි! මෙහෙමත් කතා...!

:       0       0

UAE කොල්ලෝ Thursday, 19 July 2012 12:19 AM

එහෙම වෙන්න පුලුවන් වුණත්, පොඩි එකාටම ඇගිල්ල හම්බ වෙච්ච එකනම් පිළිගන්න බැහැ.

:       0       0

මාමා Thursday, 19 July 2012 01:05 AM

පරිස්සමින් වැඩකල යුතුය....

:       0       0

ජගත් චන්දන Thursday, 19 July 2012 01:24 AM

ලංකාවෙ අයට මේවා ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site