(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අල්ලපු ගෙදර පුතා නිරෝධායනයට ලක් කර ඇති නිසා ඔහුගේ මව මිදුල අතුගෑමෙන් වළක්වන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දුරකථන ඇමතුමකු ලබාදුන් අසල්වැසියකු පිළිබඳව පෙරේදා 9 වැනිදා උදේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
කොරෝනා ආසාදිතයකුගේ සමීපතයකුවීම නිසා මෙම නිවසේ පුත්‍රයාට නිරෝධායනයට ලක්වන ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව පුතා නිවෙස් සිය කාමරයේ නිරෝධායනය වෙමින් සිට ඇත.
මේ අතර පෙරේදා 9 වැනිදා උදේ එම පුත්‍රයාගේ මව නිවෙසේ මිදුල අතුගාමින් සිටියාය. ඒ දුටු අසල්වැසියකු වහාම මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂකවරයාට ඇමතුමක් ලබාදී මවගේ මිදුල අතුගෑම නවත්වා ගෙතුළට යාමට උපදෙස් දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.
මවගේ මිදුල අතුගෑමෙන් කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් මෙන්ම තර්ජනයක් නොවන බව පැහැදිලි කරදීමට මහජන සෞඛ්‍ය පරීෂකවරයාට සෑහෙන වේලාවක් ගතවූයේ මේ ආරක්ෂාව මීට කලින් පවත්වාගෙන ගියානම් මේ අකාරයට වසංගත තත්ත්වය දුරදිග නොයන බවද සඳහන් කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුුුතුට තහංචි වැටුණ නිවෙසේ මව මිදුල අතුගෑවාම අසල්වැසියාට යකා නැගලා
asanka Tuesday, 11 May 2021 10:54 AM
ලංකාවේ කොරෝනා ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් නම් මිනිසුන්ගේ ඇති නූගත්කමයි.
sampath Tuesday, 11 May 2021 05:52 PM
ලංකාවේ පොලිස් පොත්වලින් භාගයක් තියෙන්නේ අසල්වැසියන්ගේ ප්‍රශ්න තම තමන්ගේ වැඩක් බලා නොගෙන අනුන්ගේ ඒවා සොයන්නේ නැතිව ඉන්නවා නම් මේ රට මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.
Nandana Friday, 14 May 2021 04:27 PM
අල්ලපු ගෙදර අයගේ සැකය සාධාරණයි. පුතාගෙන් අම්මට බෝවෙලා අම්මා මිදුලේ කිවිසුමක් ඇරියා නම් අල්ලපු ගෙදර පැත්තට කොරෝනා නව ප්‍රභේදය යන්න පුළුවන්.