වියපත් තැනැත්තකු විසින් බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්‍රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව පොලිස් වසමට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාව අවට ගමකින් වාර්තා වේ.
අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.
නිවසේ යාමට ඒමට නොහැකි වියපත් අයෙකි. රාත්‍රියේ නින්දට යන අවස්ථාවේ දී නිතර නිතර මූත්‍රා කිරීමට එළියට යන නිසාත්, වියපත් බැවින් යාමට අපහසු නිසාත් තම දරුවන් ඔහුට කාමරයේ සිට මූත්‍රා කිරීමට භාජනයක් ලබා දි තිබුණි.
එලෙස මූත්‍රා කරන බඳුන දරු මුණුපුරන් විසින් උදේට ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
ඔහුගේ දියණියක ඉකුත් දා උදේ එම බඳුන ඉවත් කිරීමට තැත් කළත්, පාරේ යන පිරිසක් දැක එකී බඳුන ඉස්තෝප්පුවේ කොනක තැබුවේ පසුව ඉවත් කිරීම සඳහාය.
ඇය වෙනත් ගමනක් පිටත්ව ගියේ එකී බඳුන එම ස්ථානයේ තිබියදීම ය.
නිවසින් බැහැරව ගොස් බසය එනතුරා මඟ රැඳී සිටි ඇයට එය සිහිපත් වුණේ ඒ අතරවාරයේය.
එම ස්ථානයේ සෙනඟ සිටි නිසා ඒ බවක් නොකියා අම්මා තම පුතු අමතා එය ව්‍යාංගාර්ථයෙන් විස්තර කළාය.
“පුතේ සීයගෙ පෙට්‍රල් ටික ඉස්තෝප්පුවේ මුල්ලක තිබෙනවා. බල්ලෙක් ඇවිත් පෙරළුවොත් අපරාදේ. ඊට කලින් එය එතැනින් ඉවත් කරන්න ” යැයි කීවාය.
අම්මා පැවසූ දේ පුතු තේරුම් ගත්තේය. ඒ වනවිට නිවසින් බැහැරව සිටි පුතු නිවසට ගොස් එය ඉවත් කරන බව කීය.
එහෙත් ඔහු නිවසට ගොස් බලනවිට එම මූත්‍රා සහිත ප්ලාස්ටික් භාජනය එහි නොතිබුණි.
ඒ ගැන සොයා බැලීමේ දී අම්මා පුතු අමතා පණිවිඩය දෙන ස්ථානයේ සිටි තෙල් අර්බුදය හමුවේ පසු වූ අයෙකු පෙට්‍රල් ගැනීම සඳහා පැමිණ ඇති බවටත්, බෙහෙත් බොන නිසා සීයාගේ පෙට්‍රල් පාටට තිබූ මූත්‍රා ටික දැඩි වෙහෙසක් දරා පැමිණි තැනැත්තා කිසිදු සැකයකින් තොරව රැගෙන ගොස් ඇති බවටත් අනාවරණය වුණා ලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙට්රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන