X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පෙම්වතාගේ පාපැදියේ නැගී තරුණියක් ගම හරහා දුවලා

අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයේදී නිරීක්‍ෂකයන්ගේ ඇස් වසා පෙම්වතාගේ පාපැදියේ සහායෙන් ජය කණුවට ළංවෙන්න උත්සාහ කළ තරගකාරියක තරගයෙක් ඉවත්කළ සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයක පවැති අවුරුදු උත්සවයකදී අසන්නට ලැබුණි.
 විවිධ අංශවලින් සමන්විත අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ කාන්තා තරගයට තරගකාරියන් රැසක් එක්වී ඇත. ගමේ ලඳු  කැලෑවක් හරහා වැටී තිබුණ දුෂ්කර මාවතක් මේ සඳහා තෝරාගෙන තිබිණි.
තරගය ආරම්භ වීමට කලින් තැන තැන නිරීක්‍ෂකයන්ද යොදවා තිබුණු නමුත් අවුරුදු උත්සවය ආසන්න තැනකට පත්කළ නිරීක්‍ෂකයා මදකට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. මේ බව දැනගත් තරගකාරියගේ සහායට ගිය පෙම්වතා තරගකාරිය පාපැදියේ නංවාගෙන එම දුර කොටස නිමාකර තිබේ. කාටත් රහසේ කළ උදවුව නිසා ජයග‍්‍රාහිකවන් දසදෙනා අතරට ඒමටද ඇයට අවස්ථාව උදාවී ඇත.
මේ අතරේ සිද්ධිය දුටු නරඹන්නකු සෙසු තරගකරුවන්ට මේ බව පැවසීම නිසා සංවිධායකින් මැදිහත්වී තරගයේ නීතිරීති උල්ලංඝනය කිරීමේ වරදට ඇය තරගයෙන් ඉවත් කැරිනි.



අදහස් (0)

පෙම්වතාගේ පාපැදියේ නැගී තරුණියක් ගම හරහා දුවලා

හේරත් Wednesday, 17 April 2013 07:40 PM

මම දිනුම් අනේ. අපි දෙන්න කාගේත් ඇස්වහ‍ලා අවුරුදු දා ගමේ ජෝඩු දාලා බයිසිකල් පැද්දා. (නි)

:       0       0

බංගි Sunday, 21 April 2013 06:08 PM

අපරාදේ හොඳ කැළෑ පාරකුත් තිබිලානේ හදිසි වුණේ පළවෙනියා වෙන්න. හැංගිලා ඉදලා අන්තිමයටනේ එන්න තිබුනේ (නි)

:       0       0

හේවාවිකාරණ Saturday, 20 April 2013 09:15 PM

පෙම්වතාට තිබුනේ පෙම්වතිව බසිකලේ දාගෙන යන්න නෙමෙයි. බල්ලෙක් උසි ගන්වලා අරින එකයි. එහෙම කලා නම් පල වෙනි තැනට එන්න තිබුනා.(නදී)

:       0       0

රංජනී Saturday, 20 April 2013 04:21 PM

ආදරය කරන්න මගක් හොයාගන වැරදි නැහැ.(නදී)

:       0       0

අජිත් Saturday, 20 April 2013 10:05 AM

අපේ ගමේ ( සේරුපිට) අවුරුදු උත්සවයේදී අපේ ලොකු මල්ලිත් ඔය වගේ පාපැදියක නැගල ඇවිත් මැරතන් එකේ පළමු ස්ථානය අරන් තෑගිත් ගත්තා. පස්සේ තාත්තාගෙන් හොඳ කනේ පාරකුත් හම්බ උනා.(නදී)

:       0       0

සජී Friday, 19 April 2013 10:08 PM

ගමහරහ දුවලා නෙමෙයි, බයිසිකල් පැදලා. ඒකත් ඩබල් දාලා. (නි)

:       0       0

දයා Thursday, 18 April 2013 01:13 PM

මට පෙනෙන විදියට ‍මේ දෙන්නටත් දවසක ගම හරහා දුවන්න වෙයි (නි)

:       0       0

නෙතුමි Thursday, 18 April 2013 08:27 AM

වැඩේනම් වැරදියි තමා, නමුත් ඒකත් හොඳ වැඩේ තමයි නේද? (නි)

:       0       0

කුමාර Thursday, 18 April 2013 12:00 AM

පෙම්වතියගේ දෙමව්පියෝ දැක්කා නම් ගම හරහාම දුවගෙන යාවි. (නි)

:       0       0

යොහාන් Wednesday, 17 April 2013 10:51 AM

ඇයව තරගයෙන් ඉවත් කලාට පෙම්වතාගෙන් ඉවත් කලේ නැහැනේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 17 April 2013 05:22 PM

කවුරුවත් එයාට තරගයේ නීති පැහැදිලි කරන්න නැතුව ඇති. ඒකයි (නි)

:       0       0

හේමන්ත Wednesday, 17 April 2013 03:38 PM

එයාලගේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සෆ්රි Wednesday, 17 April 2013 03:00 PM

පෙම්වතාගේ බයිසිකලේ නැතිව වෙන බයිසිකලේක නැග්ගනන් වැරදියි. මෙතන වැරැද්දක් නැහැ. (අ)

:       0       0

අරුණ Wednesday, 17 April 2013 12:35 PM

හරිම ආශ්වාදශීලි, නැවුම් ,හාශ්‍යමය සිත් ගන්නා සුළු අවස්ථාවක්.(නදී)

:       0       0

චතූ Wednesday, 17 April 2013 11:31 AM

ඕක තමයි කියන්නේ බොරුවට ආයුෂ නැහැ කියලා.(නදී)

:       0       0

නසුන් Wednesday, 17 April 2013 11:17 AM

ආදරේ වැඩි උනාම එහෙම වෙනවා. ජීවන සටනට දුවන කොටත් ඔයාල දෙන්නම මෙහෙම එකිනෙකට උදව් කරගනීවි කියල මම හිතනවා. සුබ පැතුම්.(නදී)

:       0       0

මොහිදීන් Wednesday, 17 April 2013 11:17 AM

පවුනේ. ලොකු කට්ටිය ෂෝර්ට් කට් ක්‍රම භාවිතා කරද්දී මේ ළමයටත් චාන්ස් එකක් දෙන්න තිබ්බනේ (නි)

:       0       0

චතු Wednesday, 17 April 2013 11:12 AM

‍බොරුවට ආයුෂ නැහැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site