සිය පෙම්වතිය සොයාගිය පෙම්වතකුට ඇය හමුවීම වෙනුවට රුපියල් දෙදහස් පන්සීයක දඩ මුදලක් ගෙවා ආපසු තම ගම් පළාතට යාමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තාවේ. පෙම්වතා ගල්නෑව අවට ගම්මානයක පදිංචි කරුවෙකි. පෙම්වතිය පොල්පිතිගම නගර සීමාවේය. ලැබෙන විවේකයක දී ඇය හමුවීමට පැමිණෙන ඔහු ඉකුත් දා තවත් අයකුගේ යතුරුපැදියකින් තනියම ඇය සොයා එන ගමනේ දී පොල්පිතිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කර තිබේ. රියැදුරු බලපත‍්‍රය නැත. එනිසා එතැනින් බේරීමට කොතරම් ආයාචනා කළද නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට නොවීය. ඒ අනුව රුපියල් 2500ක දඩ මුදලක් ගෙවා එම රිසිට් පත් යළි පොලිසිය වෙත පෙන්නා යතුරු පැදිය සතු අදාළ ලියකියවිලි භාර ගන්නා විට කාලවේලාවද ඉක්මවා ගොස් තිබුණි. සිදුවූ අකරතැබ්බය හමුවේ අයිතිකරුට යතුරු පැදිය භාරදීමට කියූ වේලාවද පමා වී ඇති බැවින්, පෙම්වතිය හමුවීම පසුවට තබා ගමරට බලා ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතිය සොයාගෙන ඇවිත් දෙදහස් පන්සීයක දඩයකුත් ගෙවා ගිහින්
සමන්ත Thursday, 09 August 2012 09:01 AM
පිස්සු පූසා. (නි)
සජී Wednesday, 08 August 2012 04:56 PM
මේ කතාව නම් ඇත්තටම හොදයි.අනේ පවු කොල්ලා! (නි)
ජයනි Wednesday, 08 August 2012 05:11 PM
මේ කතාව හොදයි. ඒත් තව රස කරලා ලියන්නනේ තිබුණේ. (නි)
ලලිත් - කටාර් Wednesday, 08 August 2012 06:27 PM
ආදරය අන්ධ බව ඔහු තේරුම් ගෙන සිටියා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. (නි)
සුනිල් Wednesday, 08 August 2012 06:30 PM
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා... (නි)
සංජු Wednesday, 08 August 2012 06:49 PM
අනේ පවු. ඔය කාලෙට ඔහොම කටු කන්න වෙනවා තමයි. (නි)
පාලිත Wednesday, 08 August 2012 08:55 PM
ආදරය කරන්න පස්සේ බැරියැ. ලයිසන් ගමුකො ඉස්සෙල්ලම. ලයිසන් නැතිව ලංකාවේ වැඩ අමාරුයි. (නි)
අමන්ද Wednesday, 08 August 2012 09:19 PM
ඇත්තට මෙහෙම දෙයක් වුණහම හිනාවෙලා නම් වැඩක් නැහැ. (නි)
අමිල කටුනායක Thursday, 09 August 2012 05:24 AM
ඊයේ පෙරෙයිදා අපේ ඇමතිතුමෙක් හිස් ආවරණ නැතුව බයිසිකලයේ ගියා. ඔන්න අල්ලනවා නම් අල්ලන්න කට්ටිය. (නි)
අමර Thursday, 09 August 2012 08:33 AM
මොනවා කරන්නද ඔහොම තමයි මුලදි....(ස)
රුවන් Thursday, 09 August 2012 08:32 AM
හොදින් ඉන්න..(ස)
දයා-සවුදි Wednesday, 08 August 2012 03:50 PM
බොහෝ කෘරයි අහෝ ලොව ධර්මේ මිළ කළේ ඇයිද ඔබේ ප්‍රේමේ? (නි)
විජේපාල Thursday, 09 August 2012 11:29 AM
දඩකොලය ගෙවලා බයිසිකලය අරන් ගියාද? නමුත් රියදුරු බලපත්‍රයක් නැතිව අරන් යන්න දුන්නේ පොලිසියෙන්ද?..(නු)
ප්‍රියදර්ශන Thursday, 09 August 2012 01:41 PM
'යන්නම් රාළහාමි' කියලා රාළහාමිට කීයක් හරි දුන්නා නම් ඉවරනේ. (නි)
හේමචන්ද්‍ර Saturday, 11 August 2012 09:47 AM
හැබෑම පෙම්වතෙක් (අ)
ලීලාරත්න Saturday, 11 August 2012 07:19 PM
හැමෝටම පාඩමක් ඕක (දී)
නුවන් Saturday, 11 August 2012 11:05 PM
මේවාත් අද කාලේ ප්‍රශ්නද අනේ? (නි)
මෙල්වි Sunday, 12 August 2012 04:22 PM
මේක ලොකු දෙයක් නෙමෙයිනේ. (නි)
මංගල Monday, 13 August 2012 10:25 AM
පුදුමයි දඩ කොලයක් දුන්නා. (නි)
රෝහණ Tuesday, 14 August 2012 04:24 PM
පොඩි මිනිස්සුන්ව අමාරුවෙ දානවා..!!(නු)
මනෝජ් Wednesday, 15 August 2012 08:12 AM
පවට පින දෙන්න බැහැයිලුනේ. (නි)
නුවන් Wednesday, 15 August 2012 08:18 AM
මමයි මගෙ ගෑනු ළමයයි බස් එකේ කතා කරකර යද්දි මිනිස්සු බලාගෙන ඉන්නවා නිකන් කන්න වගේ.දෙන්න හිතෙනවා මැරෙන්න එකක්. වෙන අය කොයිතරම් නරක විදියට ගියත් බලන්නෙ නැහැ. මට තේරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා? (නි)
කොබා - ජපානය Wednesday, 08 August 2012 11:43 AM
මොකක්ද මේකෙන් පාඨක අපට දෙන ආදර්ශය , පෙම්වතිය හමුවෙන්න යනකොට ලයිසන් නැත්නම් , බස් එකේ යන්න. - දෙයියෝ සාක්කි. (දී)
හරීන් Wednesday, 08 August 2012 09:39 AM
හොද වැඩේ, බලපත්‍ර නැතුව එළවනවට. (නි)
ප්‍රවීන් Wednesday, 08 August 2012 09:53 AM
වරදක් කරලනේ දඩ කෑවේ. ඉතින් කරන්න දෙයක් නෑ....(ස)
හසිත Wednesday, 08 August 2012 10:26 AM
කෙල්ල වෙනුවෙන් මන් කන කටු දාන්න ගියොත් වෙනම පත්තරයක් ලියන්න වෙනව(වි)
සන්ජීව Wednesday, 08 August 2012 10:35 AM
මේවා දෙයියෝ සාක්කිද ????(ස)
සරත් Wednesday, 08 August 2012 10:43 AM
අයියො සල්ලි... (දී)
2004 Wednesday, 08 August 2012 11:04 AM
මේක "දෙයියෝ සාක්කි" කියන්න තරම් දෙයක් ද ? (දී)
මල්ලි Wednesday, 08 August 2012 11:10 AM
ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)
චමින්ද Wednesday, 08 August 2012 11:11 AM
පවු.. අහිංසකයා (දී)
සෑම් Wednesday, 08 August 2012 11:30 AM
මේක කියන්න තරම් දෙයක් ද ? (දී)
වරුණ Wednesday, 08 August 2012 11:32 AM
මිනිහෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න කට්ටිය ඕන තරම් ඉන්නවා (දී)
සරත් Wednesday, 08 August 2012 09:34 AM
පොලිසිය පොඩ්ඩක් ෂේප් කර ගත්තා නම් හරිනේ. (නි)
චමින්ද Wednesday, 08 August 2012 11:48 AM
කවුද කියන්නේ මේක හරි නැහැ කියල මාරු කතාව (දී)
ගුණරත්න Wednesday, 08 August 2012 12:00 PM
මොනවද මේ කතා (දී)
සුසිලා Wednesday, 08 August 2012 12:11 PM
නියම කතාව (දී)
ප්‍රවීන් Wednesday, 08 August 2012 12:15 PM
මේ කතාවේ තියෙන වැරැද්ද මොකද්ද (දී)
වරුණ Wednesday, 08 August 2012 12:39 PM
තව ඉස්සරහට ඕක තවත් ගණන් යනවා 5000 වත් වෙයි (දී)
වරුණ Wednesday, 08 August 2012 01:30 PM
මේවගේ දේවල් ඕනෑ තරම් වෙනවා. (නි)
ෂෙහාන් Wednesday, 08 August 2012 02:25 PM
අයියෝ ඕක එච්චර දෙයක්යෑ? (නි)
කුරේ Wednesday, 08 August 2012 03:23 PM
ආදරේ කරන කෙනෙක් නම් මේක කියවලා හිනා වෙන එකක් නැහැ. (නි)
පියල් Wednesday, 08 August 2012 03:36 PM
දවසක් මම ගෑණු ළමයව බලන්න පයින් යද්දිත් ඇල්ලුවනේ පොලිසියෙන්. ඉතිං තවත් මොන කතාද? (නි)