(ගල්ගමුව නිහාල් ජයවීර)
දුරකතර ගෙවා පැමිණ මදු විතෙන් මත්ව රෑ ජාමේ අනියම් පෙම්වතියගේ පහස විඳීමට ඇගේ නිවසට ගිය අනංගයකුට ඇය පිටුපෑම නිසා ආපසු පැමිණීමට සිදුව ඇති බවත් ඒ එන අතරමගදී ප්‍රහාරයකට හා කොල්ලකෑමට ගොදුරුවී රෝහල් ගත කිරීමට වූ සිද්ධියක් ගල්ගමුව පොලිස්ථානයෙන් දැන ගැනීමට ලැබෙයි.
හේ නිට්ටඹුව වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අනියම් සබඳතාවක් පවත්වන පෙම්වතියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමක වෙසෙයි. කලෙක සිට පවත්වන සබඳතාවක් නිසා ඇය සොයා ඔහු ගල්ගමුව ප්‍රදේශයට පැමිණියේය. දිවා කාලයේ ඇගේ නිවසට ගොස් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින විට රාත්‍රි කාලයේදී පැමිණෙන ලෙස ඇගෙන් ඔහුට ආරාධනයක් ලැබුණි.
එදින දිවාකල වෙනදාට වඩා දිගුබව ඔහුට දැනුනෙන් ගමේ කීප දෙනකු සමඟ එක්වී මත්පැන් පානය කළේය. රාත්‍රිය කිට්ටු වන බවවත් නොදැනිණි. සිය ප්‍රියාවියගේ ඇරයුම ඔහුට සිහිපත් විය. වහා ලක ලෑස්ති වී එතැන සිටි සගයකුද කැටුව හේ බමන මතින් යුතුව පෙම්බරියගේ නිවසට ගියේය. කණමදයෙකු සේ පැමිණ ඇති බව දුටු ඇය ඔහු ප්‍රතික්ෂේප කළාය.
සගයාද කැටුව ආපසු පාරට බැස්සේය. මඳ දුරක් පැමිණෙනවිට ගුටි වරුසාවකි. ඔහුට මතක එපමණකි. මහ රෑ අවදි වී බලනවිට ශරීරයේ තුවාලය. සන්තකයේ තිබූ රුපියල් 1,60,000ක මුදලක් ජාතික හැඳුනුම්පත රියැදුරු බලපත්‍රය, ජංගම දුරකතන දෙකක් අතුරුදන්වී ඇති බව ඔහු දැන ගත්තේය.
මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකොට සැකකරුවන් තිදෙනකු ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
ගල්ගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා මහතා ඇතුළු පිරිසක් විමර්ශන කටයුතු සිදු කළහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතිය සොයා ගිය ‘බඹරා’ රිදෙන්නම කාලා: ලක්ෂ එකහමාරක බඩුත් අතුරුදන්