X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පෙම්වතිය ‘පොසිටිව්’ ප්‍රේමය ‘නෙගටිව්’

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පෙම්වතිය කොවිඩ් පොසිටිව් යයි සැකකර ඇය මගහැර සිටියදී එය පෙම්වතියගේ අතටම හසුවී ඔවුන් දෙදෙනාගේ පෙම් පලහිලව්ව නෙගෙටිව් වූ පුවතක් දකුණෙන් අසන්නට ලැබේ.


ඇය සේවය කළ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වැළඳුණි. එහෙත් ඇයට එතෙක් එම රෝගය වැළඳී තිබූ බවට සාධකයක් නොවූයේ කරන ලද ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණවලට අනුවය.


ඔය අතරේදී  සේවය කරමින් සිටියදී හිසේ කැක්කුමක් සමග ඇඟට උණ ගතියක් දැනුණ නිසා ඇයට සිය සේවා ස්ථානයෙන් නිවසට යාමට අවසර ලැබුණි. තමා රැගෙන යාමට ඒ අවස්ථාවේ කිසිදු වාහනයක් ආයතනයේ නොතිබුණු නිසාත් මේ සඳහා  නිවසේ කෙනෙකු නොසිටි නිසාත් තමා සේවය කරන ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා පොකුරක් මතුව ඇති බව සමාජයම දන්නා නිසාත් ඇය තීරණය කළේ සිය පෙම්වතා ගෙන්වාගෙන නිවසට යාමටය.


ඊට හේතු කිහිපයක්ම තිබිණ. දෙන්නා තනිපංගලමේ හමු වූ විට තමා නැතිව ඔහුට ඉන්න බැරි බව නිතරම පැවසීම හා තමන්ට මොනවා හරි වුණොත් ඔහුද මොනවා හරි කර ගන්නා බව පැවසීමය. එමෙන්ම තමන් සමග ඕනෑම වේලාවක මාරයා සමග  වුව යාමටද එන බවත් ඔහු පැවසීය.


මේ නිසාම තමාට ඔහු පණටත් වඩා ආදරය කරනු ඇතැයි සිතූ ඇය තමා හදිසියේම අසනීප වූ බවත් රැගෙන යාමට යතුරුපැදියෙන් එන ලෙසත් ඇය පෙම්වතාට දුරකතන ඇමතුමක්දී කීවාය. රෝග ලක්ෂණ දුරකතනයෙන්ම ඇසූ ඔහු කීවේ තමන් මේ වනවිට දුර ගමනක් ගොස් ඇති බවය. ඒ නිසා ඇය රැගෙන යාමට ඒමට නොහැකි බවය.


ඇත්තටම පෙම්වතා දුර ගමනක් ගොස් ඇතැයි සිතූ ඇයට නිවසට යාම බලවත් ගැටලුවක් විය. රාජකාරි ගමනක් ගොස් ආපසු ආයතනයේ රියක් පැමිණියේ මේ අතරවාරයේදීය. ආයතනයේ වගකිවයුත්තන් එම වාහනයේ දමා ඇය නිවසට යැවීමට තරම් කාරුණිකවූයේ ඇයට කොරෝනා වැළඳී ඇත්දැයි සොයා බැලීමට නගර මධ්‍යයේ තිබෙන රෝහලට ගොස් ඇන්ටිජන් පරීක්ෂාවක්ද කිරීමෙන් අනතුරුවය.


ඇන්ටිජන් පරීක්ෂාවට යන අතරතුර දුර ගමනක් ගියා යයි කී පෙම්වතා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග නගර මධ්‍යයේ සිටින බව දෙවියන් විසින් පෙන්නුවා මෙන් ඇයට දැක ගන්නට ලැබුණි. ඔහු දැකීමෙන් ඇයගේ දෙනෙතට කඳුළු කැට උණා ආවේ මෙහෙම ප්‍රේමවන්තයින්ගෙන් වැඩක් නැතැයි සිතුණු බැවිනි. කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇයට කොරෝනා වැළඳී නැති බවද තහවුරු විය.


පැයක් දෙකක් පමණ ගිය තැනේදී ඔහුගෙන් ඇයට දුරකතන ඇමතුමක් ලැබුණේ නිවසේ සිටියදීය. ඒ අසනීප තත්ත්වය කොහොම දැයි ඇසීමටත් කොරෝනා වැළඳී ඇත්දැයි පරීක්ෂා කළාද යන්න දැන ගැනීමටත්ය. මේ සමගම ඇය කඳුළු සල සලා කීවේ කොරෝනා පරීක්ෂණයෙන් නෙගටිව් වගේම අද ඉඳලා අපේ ප්‍රේමයත් නෙගටිව් බව පවසමින් ඔහු කළ බොරුවද සිහිගන්වමිනි.

 



අදහස් (0)

පෙම්වතිය ‘පොසිටිව්’ ප්‍රේමය ‘නෙගටිව්’

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site