(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
පෙරවරු පස්වරු මාරුවීමකින් නියමිත බස් ගාස්තුව මෙන් දෙගුණයක් මුදල් වියදම් කරගෙන අම්පාරේ සිට කොළඹට පැමිණීමට සිසුන් පිරිසකට සිදුවූ පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.
කොළඹ ප්‍රදේශයේ උසස් අධ්‍යාපනයේ නිරත සිසුහු පිරිසක් පසුගිය දිනක නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ. සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථවලින් මෙම සංචාරය සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ ආර්ථික වශයෙන් කිසියම් වාසියක් එමගින් ලැබෙතැයි බලාපොරොත්තුවෙනි.
ප්‍රදේශයේ සංචාරය නිමකළ පිරිස පසුදින කොළඹ බලා පැමිණීමට බස් රථයක ආසන වෙන් කරවා ගැනීමට තීරණය කළහ. ඒ අනුව එක් සිසුවෙක් ගොස් පෞද්ගලික බස් රථයක ආසන දොළහක් වෙන්කරවා ගත්තේය. ඒ පසුදින පෙරවරු 9.45ට අම්පාරෙන් පිටත්වීමේ අටියෙනි. ඒ සඳහා වැයවූ මුදල රුපියල් 6360කි.
එදින රාත්‍රිය අම්පාරේ මිතුරකුගේ නිවසේ ගත කළ සිසු පිරිස පසුදින පෙරවරු නවය පමණ වන විට බස් නැවතුම්පොළට පැමිණියහ. තමන් ආසන වෙන්කරවා ගත් ටිකට් පත් කොන්දොස්තරවරයාට පෙන්වූ සිසුහු බසයට නැගීමට සූදානම් වූහ.
වහාම ඔවුන් බසයට නැගීම නතර කළ කොන්දොස්තරවරයා පවසා ඇත්තේ එම ටිකට්පත් නිකුත් කර ඇත්තේ පස්වරු 9.45ට එනම් පෙරදින රාත්‍රී 9.45ට පිටත්වූ බස් රථයට බැවින් පෙරවරු 9.45 බසයේ ආසන කලින් වෙන් කිරීම් නොකරන බැවින් මෙම බස් රියෙන් ගමන් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. අසරණ වූ සිසුන් එම ටිකට්පත්වලට ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ පසු ඊළඟට පැමිණි ලංගම බස් රියෙන් කොළඹ බලා පැමිණියේලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙරවරු පස්වරු මාරුවී සිසු පිරිසකට ඇබැද්දියක්