(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව බලා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රියක් කුඹුරකට පෙරළී තුවාලකරුවන් ගොඩ ගනිමින් සිටින අවස්ථාවේ එහි ආ කුඹුරු හිමියා තුවාලකරුවන් ගැන නොතකා තම කුඹුරට සිදුව ඇති හානිය තක්සේරු කරන්නට වූ පුවතක් පසුගියදා වාර්තා විය.
කාන්තාවක පැදවූ බව කියන ත්‍රිරෝද රිය හදිසියේ පාලනය කරගත නොහැකිව පාර අයිනේ වූ කුඹුරකට පෙරළී ඇත. පාරේ ගමන් ගත් පිරිසක් මේ බව දැක තුවාලකරුවන් සිටීදැයි බලා එහි සිටියවුන් ගොඩට ගැනීමට කටයුතු කරද්දී එහි ආ කුඹුරු හිමියා ත්‍රිරෝද රියට යට වී ඇති ගොයම ගැන සොයා බලමින් සිදුව ඇති හානිය රුපියල් වලින් ගණනය කරන්නට පටන්ගෙන ඇත.
මේ බව දුටු සහායක පිරිස ඉස්සරවෙලා තුවාලකරුවන් ගැන බලමුයි කියද්දී මට ඒවයින් වැඩක් නැහැ. හෙට අනිද්දා කපන්න තියෙන අමාරුවෙන් හදාගත් ගොයම විනාශ වෙලා. ඒකේ අලාභය ගෙවා අනෙක් වැඩ බලමුයි පවසා ඇත.
මේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස විරෝධය පළ කරද්දී කුඹුරු හිමියා අලාභය අමතක කර පිටව ගිය බවත් මෙම පුද්ගලයා කුඹුරු යායකට හිමිකම් කියන්නෙකු බව දැනගත් බවත් සිද්ධියට මුහුණ දුන් පිරිසේ සිටියෙක් පැවසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙරළුණු රියේ තුවාලකරුවන් ගොඩ ගනිද්දී කුඹුරුහිමියා අලාබය ගණන් බලලා
akila Monday, 24 July 2017 07:10 AM
මේ ගොවියාගේ ක්‍රියාව සාධාරණයි , ත්‍රීවීල් කාරයෝ අද පාරේ යනහැටි දැක්කහම
shantha Monday, 24 July 2017 09:17 AM
කුඹුරු හිමියා වැරදි නැහැ. මොකද දැන් ලංකාවේ අය හිතන්නේ තමන්ගේ බඩකට ගැන විතරයි. ඉස්සර තමයි පරණ විදිහට හිතුවේ. දැන් ලංකාවේ ඔක්කොම අය එකතුවෙලා රට විනාශ කරනවා. අපට ඉස්සර ආවේනික කෑමවර්ග, සිරිත් විරිත් ඔක්කොම වෙනස් කරලා. අනාගත පරපුරේ ලෝකය විනාශ කරලා. කාට කියන්නද මේ අමාරුව? මේ ලඟදි ලංකාවට ඇවිල්ල ආපසු ආවට පස්සේ ටික දවසක් යනවා මගේ හිත හදාගන්න. මොකද මම පරණ ලංකාවට ආදරෙයි...
AselaMonday, 24 July 2017 12:47 PM
ශාන්ත සහ අකිල, ඔයාල කුඹුරු හිමියා ට වඩා පහත් කෙනෙක්. ඕයාලා වගේ කට්ටිය තමයි හදිසි අනතුරක් වුණ වෙලාවට මුදල් පසුම්බි හොරකම් කරන්නේ.
shantha Monday, 24 July 2017 08:49 PM
අනේ අසේල නිදාගෙන ඉඳල නැගිට්ටද? හිතල බලන්න එදා මෙදා ලංකාව කොහොමද කියල. රටටවෙලා තියන එක නොපෙනන ඔයාල වගේ අය තමයි කල දුටු කල වල ඉහගන්නේ. වාහනයකට ආරක්ෂණ ආවරණයක් තියනවා . ඒකෙන් අලාබය ගන්න පුළුවන්. ලංකාවේ අනතුරක් උනාම තුන්වැනි පාර්ශවයට වන අලාබ ගැන කව්රුත් හිතන්නේ නැහැ . අනික ගොවියා දොස්තර කෙනෙක් හෝ නර්ස් කෙනෙක් නම් මේ වැඩේ සාදාරන නොවෙන්න තිබුන
bamunu Tuesday, 25 July 2017 12:49 AM
කුඹුරු හිමිය වැරදි නැත. ඇත්තටම වාහන අනතුරු නිසා පිටස්තරයින්ට සිදුවන පාඩු අලාබ අයකර ගැනීමට අනතුරුවලට බාජනය වන වාහනවල රක්ෂණ නීතිවලට ඇතුලත් කර තිබිය යුතුය. එසේ වෙනවාදැයි මම නොදනිමි. අසේල මිනිහෙක් ඔයාගේ ඇඟේ හැපිලා ඔයේගේ පෝන් එකත් බිම වැටිලා අර මිනිහත් බිම වැටුනොත් ඔය ඉස්සෙල්ල අහුලන්නේ ඔයාගේ පෝන් එකද උස්සන්නේ අර වැටුන මිනිහවද? පෝන් එක නේද? නිකන් කුහක කතා ඕනේ නැහැ හලෝ.
NAPZTER Thursday, 27 July 2017 06:35 AM
අසේල කියල තියෙන්නේ අලාබය ගැන බලන්න කලින් තුවාල වුනු අයව රෝහල් ගත කරන්න ඕනේ කියන එක. ඒකවත් තේරුම් ගන්න බැරි කෙනෙක්ගේ මානසික මට්ටම ගැන කවර කතාද.
ලුම්බිණි Friday, 28 July 2017 03:55 AM
මට පෙනෙන විදියට කුඹුරු හිමියාට වුණ අලාභය කවුරුවත් ගණන් ගන්නේ නැහැ වගෙයි.