X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පෙර පාසලේ බක්මහ උළෙලට දේශපාලකයාගෙන් කුප්පි ලාම්පු

දකුණු පළාතේ පෙර පාසලක සිංහල අලූත් අවුරුද්ද සඳහා පැවති උත්සවයකට ත්‍යාග ලබා ගැනීම සඳහා සංවිධායකයෝ ගමේ ප‍්‍රභූන් කීප දෙනකු හමුවට ගියහ.
ගමෙහි පදිංචි ග‍්‍රාමීය මට්ටමේ විපක්‍ෂ දේශපාලකයකු හමුවටද මේ කණ්ඩායම ගියේ මේ සඳහා උදවු අපේක්‍ෂාවෙනි. ‘‘මොකක්ද මගෙන් කෙරෙන්න  ඕනෑ’’ දේශපාලකයා ඇසීය. ‘‘තරගාවලියෙන් දිනන දරුවන්ට තෑගි දෙන්නයි බලාපොරොත්තුව, සල්ලි වුණත් කමක් නෑ’’ සංවිධායකවරයෙක් කීය. ‘‘හරි මම කාලීන වැදගත් තෑග්ගක් මේ දරුවන්ට දෙන්නම්. මගෙන් කුප්පි ලාම්පු දහයක් ලියාගන්න’’ ඔහු කීවෙන් සංවිධායක වරු අන්ද මන්ද වූහ. කමක් නෑ  කියාගෙන ඔවුන් එතැනින් ගියත් කුප්පිලාම්පු ගෙන ඒමට ආපසු ඒ නිවෙසට නම් ගියේ නැතිලූ.



අදහස් (0)

පෙර පාසලේ බක්මහ උළෙලට දේශපාලකයාගෙන් කුප්පි ලාම්පු

සනත් Tuesday, 23 April 2013 02:12 PM

ඒක හොදයි දැං විදුලි බිලේ හැටියට..!(නු)

:       0       0

චන්දු Friday, 26 April 2013 11:11 AM

බල්ලා පිදුරු කන්නෙත් නැහැ කනගොනට දෙන්නෙත් නැහැ ඒවගේ තමා විපක්ෂයේ නායකයත්? නායකයාගේ පාරේ යන අයත් ඉන්නවනේ?(නදී)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 04:48 PM

කොහොමත් මොකක් නමුත් ලෙඩක් තියෙනවා (නි)

:       0       0

සෙනරත් Thursday, 25 April 2013 12:14 AM

නරකද සුර්යය කෝෂ දුන්නා නම්? (නි)

:       0       0

හේරත් Wednesday, 24 April 2013 10:48 PM

කසිප්පු ලාම්පු තමයිලු දේශපාලඥයෝ දෙන්නේ. (නි)

:       0       0

අශෝක Wednesday, 24 April 2013 04:20 AM

අයියෝ ,එහෙම නෙමෙයි කරන්න තිබුනේ.එයාට ප්‍රධාන ආරාධිතයා කියලා එයා තෑගි දෙනකොට කුප්පි ලාම්පු පත්තු කරන්න. (නි)

:       0       0

තිලක් Wednesday, 24 April 2013 03:25 AM

වැඩිවුණ විදුලි බිලෙන් ගැළවෙන්න අපි විපක්ෂයට පොඩි තල්ලුවක් දාමු නේද? (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 23 April 2013 06:07 PM

හේරත්, ඔයාට තේරෙන්නේ නැද්ද එයාගේ පටු දේශපාලන අරමුණ පොඩි එවුන්ගේ අවුරුදු උත්සවයෙන් පිරිමහගන්න හදනවා කියලා? (නි)

:       0       0

නන්දලාල් Tuesday, 23 April 2013 05:42 PM

ලොකු මහත්තයාගෙන් චුයින්ගම් එකක් ඉල්ලගෙන කාලා නැවත පෙර පාසල් යන්න අනේ (නි)

:       0       0

සම්පත් Tuesday, 23 April 2013 04:42 PM

භුමි තෙල් දෙන්නේ කොහෙන්ද ? (ස)

:       0       0

චන්දා Tuesday, 23 April 2013 03:46 PM

දකුණු පළාතේ තවත් රසවත් සිදුවීමක්.(ස)

:       0       0

හේරත් Tuesday, 23 April 2013 12:53 AM

රට වෙනුවෙන් වැඩ කරන්න මේ අයවම තෝරා ගන්න. (නි)

:       0       0

නිශේන්ද්‍ර Tuesday, 23 April 2013 01:24 PM

පෙර පාසල් දරුවෙකුට දෙන්න සුදුසු දේ ඔහු දන්නේ නැත. ඒ නිසා දේශපාලකතුමා පෙර පාසල් යැවිය යුතුය. (නි)

:       0       0

අරුණ Tuesday, 23 April 2013 11:39 AM

ඔය කොයි කවුරු ආවත් මහජනතාවට කුප්පි ලාම්පු තමයි.(ස)

:       0       0

හේරත් Tuesday, 23 April 2013 10:46 AM

රජිත්, මේකේ අදහස තේරුම් ගන්න බැරි මෝඩයා කව්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 10:16 AM

අපේ රටට මේ වගේ උදවිය නොවාසනාවන්! (නි)

:       0       0

සරත් Tuesday, 23 April 2013 10:03 AM

කුප්පි ලාම්පු හොදයි දැනට අවු. 20 පෙර නම්. (නි)

:       0       0

දයා Tuesday, 23 April 2013 09:42 AM

එයා කාලීන වශයෙන් කල්පනා කරලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ (නි)

:       0       0

සමන්ති Tuesday, 23 April 2013 07:25 AM

හැබැයි ඒකත් හොද තෑග්ගක් තමයි..!(නු)

:       0       0

ආනන්ද Tuesday, 23 April 2013 03:55 AM

ඔළුව තියෙන උදවිය විපක්ෂයෙත් ඉන්නවා. (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 23 April 2013 02:26 AM

හරකෙක් උන පලියට හැමතැනදිම උම්බෑ කියන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site