X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


පොඩිත්තන්ගේ කී‍්‍රඩා උළෙලේදී වැඩිහිටියන්ට පාඩමක්

සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත‍්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි.


ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක‍්‍රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට පත් කරවන දර්ශනයක් ද ගෙන දුන්නේය. දුෂ්කර ගම්මානයට දහම් සිසිල බෙදා දුන් දිවයිනේ විචිත‍්‍ර ධර්ම කථික බහුශ‍්‍රැත යතිවරයාණන් වහන්සේ නමට මෙහි විනිශ්චය බාර විය.


දැන් මීටර් සියය පොඩිත්තන් සඳහා විවෘත විය. ක‍්‍රීඩා ලෝලීන් මෙන්ම නරඹන්නෝ හුරේ දමමින් පොඩිත්තන් දිරිමත් කරන්නට පටන් ගත්හ. අම්මලා තාත්තලා දුවේ පුතේ කියා කෑ ගසමින් දරුවන් උනන්දු කළත් පොඩිත්තන් රැුළම පිටිය මැද නතර වී උන්හ. නරඹන්නන්ට ප‍්‍රහේලිකාවකි. සිදුවී ඇත්තේ තවත් සංවේදී දෙයකි. මීටර් සියය තරගයට ඉදිරිපත් වූ 21 දෙනා අතරින් එක් පොඩිත්තෙක් කකුල නොණ්ඩි ගසමින් තරගයට ඉදිරිපත් වීමය.
එක, දෙක, තුන ලබා ගැනීම පසෙක දමා තම සගයා එන තුරු අනිත් පොඩිත්තෝ බලා සිටියහ.


අවසානයේ දී දරුවන් විසිඑක් දෙනාම එකට අත්වැල් බැඳගෙන දිනුම් කණුව අසලට පැමිණියේ ජයග‍්‍රාහක විලාසයෙනි.
කෙසේ නමුත් තරගයේ පළවැනියන් විසිඑක් දෙනකු තරුණේ කුළල් කා ගන්නා වැඩිහිටි සාමාජයට කදිම පාඩමක් උගන්වමිනි.
වස්සාන සමය වෙනුවෙන් දිවයිනේ සෑම විහාරයකම පවත්නා ධර්ම දේශනා මාලාවක දී උගත් විචිත‍්‍ර ධර්ම කථික හිමිනමක විසින් තම ධර්ම දේශනයේ දී මේ සිද්ධිය උවැස උවැසියන්ට දේශනා කළේ සුමධුර විලසිනි.
(රාගම හීන්කෙන්දේ ශීලා ජයසුන්දර)



අදහස් (0)

පොඩිත්තන්ගේ කී‍්‍රඩා උළෙලේදී වැඩිහිටියන්ට පාඩමක්

සලීත් Saturday, 18 October 2014 03:30 AM

මේවා වැඩිහිටි අපට හොඳ අාදර්ශයක්. කෝ අපේ ජාතිවාදී අදහස් දෙන කට්ටිය. (ස)

:       0       0

කාශ්‍යප Saturday, 18 October 2014 04:26 AM

ඉතා අශ්චර්යජනක සිදුවීමක් (නි)

:       0       0

දයා අළහකෝන් Saturday, 18 October 2014 04:43 AM

‍අපේ පොඩි දරුවන් ශ්‍රේෂ්ඨයි! (නි)

:       0       0

කලීල් Saturday, 18 October 2014 06:09 AM

පොඩිත්තන්ගේ ලෝකය ඉතා සුන්දරයි..... (ස)

:       0       0

රෝහන Saturday, 18 October 2014 08:24 AM

ඇස් දෙකට කඳුලක් උනන විරල සිදුවීමක්.(අ)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 18 October 2014 09:14 AM

කාලෙකින් අහන්න හම්බුනා හොඳ පුවතක්. සලිත් ඔයා ජාතිවාදී පිරිස් කියල අදහස් කලේ කව්රු ගැනද? (නදී)

:       0       0

කටුගස්තොට අග්ගදස්සි හිමි Saturday, 18 October 2014 12:28 PM

කුඩා දරුවන්ගේ බොහෙමයක් ක්‍රියා දෙස බැලුවම දැන් කාලේ වැඩිහිටියන්ට ගත හැකි දේ බොහෝමයි (නදී)

:       0       0

තිලක් Saturday, 18 October 2014 01:38 PM

දරුවන්ගේ සිත් වල කුහක කම ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමය නෑ. ඒ අහිංසක සිත් කිලිටි කරන්නේ වැඩිහිටියන් වන අපියි. දරුවන් ඉදිරියේ තියාගෙන අපි කියන කරන දේවල් ඔවුන් ටික ටික ඉගෙන ගන්නවා. එයින් මුළු සමාජයම කිලිටි වෙනවා ඊට පස්සේ අපි අලුත් පරම්පරාවේ ළමයි අපේ කාලේ වගේ නොවෙයි හරි නරකයි කියනවා. ඇත්තෙන්ම එයාල හොඳ වෙන්නෙත් අපිව ආදර්ශයට අරන් නරක වෙන්නෙත් අපිව ආදර්ශයට අරන්. (නදී)

:       0       0

බිම්සර Saturday, 18 October 2014 04:21 PM

නුවර කොල්ලො එහෙම තමයි හලෝ...(අ)

:       0       0

ගයාෂි Sunday, 19 October 2014 03:44 AM

ඇත්තටම හදවතට වදින විදිහේ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

පද්මිණී Sunday, 19 October 2014 12:48 PM

මේ දරුවන් විදහා පෙන්වුයේ ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු ආදර්ශය නේද? අහවල් පළාතේ නම් මෙය මිට වඩා වෙනස් කතාවක් වෙන්ට තිබුනා. බදා ගන්නවට වඩා බෙදා ගැනීම උසස් බව මේ පැටව් ගෙන් ඉගෙන ගත්තොත් හොදයි (නදී)

:       0       0

අජිත් Sunday, 19 October 2014 01:40 PM

අනර්ගයි පුතුනේ. (නදී)

:       0       0

රුවන් Sunday, 19 October 2014 03:42 PM

ඇස් දෙකට කඳුලක් උනන විරල සිදුවීමක් (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 19 October 2014 11:33 PM

කෙනෙක් කරදරයක වැටුනාම ඒ කෙනාට අතදීම මිනිස් ගුණ ධර්මයක්. ඒ දුලා පුතාලා කළදෙයින් අපට ඉගෙනගන්න පුළුවන් එයයි. (නි)

:       0       0

කුමාරි Monday, 20 October 2014 03:31 AM

බොහොම හොඳ දරු පැටවූ ටිකක්. දැන් මොන්ටිසෝරි වල ඉඳල පොඩි උන්ට එකමුතු කමේ අගේ පහදලා දෙන්න ගුරුවරු දැන ගන්න ඕන.එතකොට එකමුතු ගම රටක් වේවි. (ස)(ස)

:       0       0

ජිනේන්ද්‍ර Monday, 20 October 2014 09:34 AM

21 දෙනාම නැවතුනා නම් කලින් සැලසුම් කරන ලද්දක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site