X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


පොල් ඇහිඳින්න ගිහින් මුහුණ රතුවෙලා

ඔහු ගාලූ පළාතේ ප‍්‍රකට පෞද්ගලික ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. රාජ්‍ය ආයතනයක ප‍්‍රධාන ලිපිකාරිනිය වූ බිරිඳ සමග වැඩට ගියේ යතුරු පැදියෙනි.

පසුගිය දා රාජකාරී කටයුතු රැුසක් තිබුණත් දෙදෙනාම තම මෝටර් රථයෙන් ගමනට පිටත් වූහ.

ගමේ පාර දිගේ යද්දී රියැදුරු සැමියාගේ නෙත ගැටුණේ මොහොතකට පෙර පාර මැදට වැටී ඇති ලොකු පොල් ගෙඩියකි. වාහනයේ වේගය අඩුවූ විට මෙය දුටු බිරිඳ ‘‘එපා යං’’ කීවේ වට පිට බලමිනි. රුපියල් හැටක් කී ඔහු වාහනයෙන් බැස පොල් ගෙඩිය අසලට යත්ම ඉඩම් හිමිකරු වැටෙන් පැනගෙන අවේ ‘‘මහත්තයා  ඕවට අයිතිකාරයෝ ඉන්නවා’’ කියාගෙනය. ඔහුට තරු පෙනිණ.

ආපසු හැරී විත් වාහනයට නැග බිරිඳ දෙස බැලූවෙමි. ‘‘අනේ මෙහෙම ආසාවක්’’ ‘‘අනේ මෙහෙම තන්හාවක්’’ බිරිඳ තාලයට කීවෙන් ඔහුගේ මුහුණ රතු වුණාලූ.



අදහස් (0)

පොල් ඇහිඳින්න ගිහින් මුහුණ රතුවෙලා

ශාන්ති Wednesday, 02 April 2014 11:27 PM

ගොඩක් හිනා වුණා ගුණවර්දනගේ කතාවට. හොඳ බිරිදක් (නි)

:       0       0

ලලි Sunday, 06 April 2014 09:09 PM

හංසිකගේ වචන වලින් ඔයා කවුද කියලා හිතාගන්න එසැණ අපිට අපහසුවක් නැහැ (නි)

:       0       0

අබේසිංහ Saturday, 05 April 2014 01:22 PM

පාරේ තියන පොල් නම් ඇහින්දට කමක් නෑ නේද (දී)

:       0       0

හංසික Saturday, 05 April 2014 02:29 AM

අජිත් අයියා කියන විදිහට දෙන්නම රැකියා කරලා ජීවත් වෙන්න බැරි නිසා සුළුවෙන් රැකියාවක් ලෙසට හොරෙන් පොල් කඩමු කියලා යෝජනා කරනවා ... කවුරු හරි ස්ථීර කළා නම් හොඳයි (නි)

:       0       0

හසන්ති Friday, 04 April 2014 10:22 AM

ඔන්න ඔය සංසිද්දිය නිසා තමයි මේ සමාජය පවතින්නේ (දී)

:       0       0

ශානිකා Friday, 04 April 2014 10:22 AM

ලැජ්ජයි නේ (දී)

:       0       0

අජිත් Friday, 04 April 2014 09:57 AM

දෙන්නම රස්සාවල් කරලා පඩි අරන් ජීවත්වෙන්න අමාරුයි. එතකොට මිනිස්සු පොඩි දෙයක් හරි දැක්කම වාසිය ගැන පමණයි හිතන්නේ ඉතින් මේකට අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 04 April 2014 06:50 AM

පොල්ගෙඩිය කාගේ හරි ඔලු ගෙඩියකට වැටුන නම් ඒකට අයිතිකාරයෙක් නැහැ.(නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 03 April 2014 11:36 PM

මොකද කරන්නේ සංජිව? මම නම් මට්ටු වුණා. මගේ පාසල් ජීවිතය හරිම රසවත් අනෙක් අතට. මගේ පාසල් මිතුරු, මිතුරියන් නිතරම මතකයේ රැ‍ඳෙනවා. (නි)

:       0       0

හංසිකා Thursday, 03 April 2014 09:47 PM

ඒ දවස් වල මල්වතු ඔයේ ජලය අපිරිසිදු කරන කොල්ලෝ හොය හොයා පොලිසිය මෙහෙයුම් කළා. ඔය දැන් ඉන්නේ මෙතන වැරදිකාරයෝ ටික (නි)

:       0       0

සංජීව Thursday, 03 April 2014 05:19 PM

ගුණවර්ධන මහත්තයෝ, මමත් ඔය වැඩේම මල්වතු ඔය ළඟ කරලා තියෙනවා, හැබැයි මම නම් අහු වුණේ නැහැ. (නි)

:       0       0

ආසි Thursday, 03 April 2014 03:57 PM

වත්තේ අයිතිකාරයාට හොඳ දෙකක් කියලා පොල් ගෙඩිය අරගෙන යන්න තිබුණෙ. මොකද තව ඩිංගක් පහු වුණා නම් වාහනේ උඩට නේ වැටෙන්නේ. අනුන් ගැන නොහිතන වතු අයිතිකාරයොන්ට කවුරුවත් පාඩමක් උගන්වන්නේ නැහැනේ. (ස)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 10:43 AM

හිතල කරපු දෙයක්යෑ? බැනලා වැඩක් තීයේද? "හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද........"......... තණ්හාය ජායති ශෝකෝ. (නි)

:       0       0

රෝයි Wednesday, 02 April 2014 10:37 PM

ඔකේ අනිත් පැත්ත වෙන්න ඇති ඇත්තටම සිද්ධ උනේ (දී)

:       0       0

චන්දි Wednesday, 02 April 2014 10:13 PM

දම්ම නිකන් බන කියන්න එපා වැරදි කරන විට වරද පෙන්නලා දෙන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ.එතකොට පිරිමි කරන වැරදි කව්ද හරිගස්සන්නේ (දී)

:       0       0

නාමලී Wednesday, 02 April 2014 06:39 PM

පිරිමි කෙනාට හොඳටම ලැජ්ජා හිතෙන්න ඇති නේද? (නි)

:       0       0

ධම්ම Wednesday, 02 April 2014 06:22 PM

ස්වාමියා සමච්චලයට ලක් කරන ගැහැණිය හොඳ බිරිඳක් නොවේ. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 05:41 PM

ගුණවර්ධන අයියාගේ කතාවට හිනා වගේම, අපේ පාසැල් කාලය මතක් වුණා. ස්තුතියි ඔබට. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 02 April 2014 03:41 PM

පොල් විස්තරය දැක්කම මට වෙච්ච දෙයක් කියන්නට හිතුණා.පාසැල් යන කාලේ දවසක් ස්කුල් කට් කරලා තවත් යාලුවෝ දෙන්නෙක් එක්කර ගෙන ගියා කුරුම්බා කඩන්නට (අනුරාධපුරයේ මල්වතු ඔය අසල) මම ගහට නැග්ග නැග්ග විතරයි මම දැක්ක වත්තේ අයිතිකාරයා දුවගෙන එනවා. ඇවිත් මගේ යාළුවන්ට බැනගෙන, බැනගෙන ගියා. මම ගැහෙනවා. මට කිව්වා උඹ ගහෙනේ ඉන්නේ එක කුරුම්බයක් කඩන්න එපා. කඩපිය පොල් කියලා. ඉතින් මම පොල් ගෙඩි අටක්, දහයක් විතර කැඩුවා. දැන් බැහැපිය කිව්වා. මම බැස්සට පස්සේ අපිට කියනවා උඹලට තිබහත් ඇතිනේ මල්වතු ඔයෙන් වතුර ටිකක් බිලා පලයල්ලා කියලා. අපිව එලව ගත්තා. ඉතින් මොන කුරුම්බද ? පොල් ගස් දැක්කහම වෙච්ච දේ මතක් වෙනවා. (ස)

:       0       0

චන්දි Wednesday, 02 April 2014 02:07 PM

දවසක් අපිටත් ඔය වගේ දෙයක් වුණා. එදා නම් එකක් නෙමෙයි දෙකක්ම තිබුණා. ආවේ නැද්ද අයිතිකාරී හොඳ වචන දෙක තුනක් කිව්වා මහත්තයාගේ අතේ තිබ්බ ගෙඩි දෙක ඉබේම බිමට වැටුණා .එදයින් පස්සේ පොල්වතු පහුකර ගෙන යනකොට මහත්තයා හයියෙන් යනවා. (ස)

:       0       0

සුනේත්‍රා Wednesday, 02 April 2014 01:42 PM

දැන් මේක පත්තරේට කිවුවේ ස්වාමියාද, බිරිඳද, නැත්නම් ඉඩම් හිමිකරුද? (නි)

:       0       0

බ්බ්ස් Wednesday, 02 April 2014 11:57 AM

ඕක කළේ ස්ත්‍රියද? පුරුෂයද ? (ස)

:       0       0

සජී Wednesday, 02 April 2014 11:29 AM

අයියෝ විලි ලැජ්ජාවේ බෑ..... (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 11:16 AM

පාරේ වැටිලා තිබුණත් ඒක අනුන්ගේ දෙයක් කියා හිතන්නේ එහෙමත් කෙනෙක් විතරයි. ඔය වගේ වැටිලා තිබුණු පොල් ගෙඩියක් නිසා මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ජීවිතෙත් නැති කර ගත්තා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site