(දූනගහ බටේපොල විජයසිරි)
වත්තේ පොල් කැඞීමට පොල් පැසී ඇති දැයි බලන්නට යැවූ පණිවුඩකරුවා පොල් කඩා විකිණීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
දිවුලපිටියට නුදුරු ගමක ඉඩමක් නගරවැසියකුට අයත්ය. එම ඉඩමේ ගස්වල පොල් කඩන්නේ ගස් නැගි පොල් කඩන්නකු විසිනි. පොල් කඩන්නා නගරවැසියා හමුවට ආවේ වත්තේ පොල් පැසී ඇත්නම් කඩමුද කියා අසමිනි.
ඉඩම් හිමියා කීවේ ”ටික දිනකින් වත්තට ගියේ නැහැ. පොල් පැහිලා නම් කඩමු. වත්තට ගිහින් බලල මට පණිවුඩයක් එවන්න” කියාය. ”පොල් පැහිලා නම් පණිවුඩයක් එවන්නම්. නැත්නම් මම ඒ පාරෙන් ගෙදර යන්නම්. මෙහේ එන්නෙ නෑ” පොල් කඩන්නා කීය.
එසේ කියූ පොල් කඩන්නා වත්තට ගොස් පොල් ගස් 5කට නැග පොල් ගෙඩි 55 ක් කැඩුවේය. එය අසල කඩයකට වික්කේ මහත්තයට සල්ලි බේරන්න යන්න හදිසියි කියමිනි.
පොල් ගෙඩි ටික විකුණා ගත් පොල් කඩන්නා මුදල් ද රැුගෙන ගෙදර ගියේ වතුහිමියාට පින් දෙමිනි. පසුදින වතුහිමියා ඉඩමට ආවේ පොල් පැසී ඇතිදැයි බැලීමටය. එවිට ඔහුට පොල් කඩන්නාගේ ක‍්‍රියාව දැන ගත හැකිවිය. ඒත් ඔහු පොලිසි ගියේ නැත. ඔහු කීවේ ”දැන් හොරුත් නැත. බඩුත් නැත. පොලිසි ගියොත් මට පොල් කඩන්නාද නැත” කියමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් පැහිලා දැයි බලන්න යැවූ පණිවුඩකරු පොල් ටික කඩාගෙන ගිහින්
කුමාරි Wednesday, 18 March 2015 02:27 AM
ඒක ඇත්ත. කාවද නැවතත් පොල් ටික කඩන්න ගස් අරින්නේ මිනිහා තරහාකර ගත්තොත්? මොළේ ඇති වතුහිමියා. (නි)
රෙජි-සිඩ්නි Wednesday, 18 March 2015 03:11 AM
හරියටම පොල් ගස් 5 කින් පොල්ගෙඩි 55 ක් කඩා ගත්ත කියල කොහොමද දන ගත්තේ? කව්ද කිවේ ? (ම)
දුමින්ද Wednesday, 18 March 2015 05:24 AM
අපරාදේ කියන්න බැහැ-හොඳ ගස් බාස් (ම)
පිටබැද්දර ජයා Wednesday, 18 March 2015 12:13 PM
අනේ රෙජි, ඔයා නම් ඉන්න ඕනෑ සිඩ්නි වල නෙමෙයි, කසකස්තානේ. මනුස්සයෝ, කඩේ මුදලාලිගෙන් අහගන්න පුළුවන්නේ ! (නි)
බණ්ඩාර Wednesday, 18 March 2015 01:28 PM
පිටබැද්දර ජයෝ, කසකස්තාන් වල ඉන්නේ අමුතු මිනිස්සුද. කඩේ මුදලාලි දන්නේ ගත්තු පොල් ප්‍රමාණය පමණි. මොකද මුදලාලි ගස් ගණන් කරන්න ගියාද. මට පේන විදිහට ඔබ ඉන්න ඕනේ 134 ඩිපෝව ලග කවුරුත් දන්නා රෝහලේ. රෝහල ගැනවත් දන්නවද මන්දා. (හේ)
නිමල් Wednesday, 18 March 2015 09:07 PM
බණ්ඩාර ගස් දිහා බලල පොල් කඩපු ගස් ගැන කියන්න පුළුවන් කියල අමතක වුනාද. පොල් ගෙඩි ගැන මුදලාලිගෙන්. ගස් ගැන පොල් වලු දිහා බලල. (නදී)
අනන් Thursday, 19 March 2015 04:05 AM
ගහ යට ඉඳන් පොල් කඩන්ඩ පුලුවන් විදියේ මැෂිමක් හදපු කෙනෙක් ගැන කාලෙකට ඉස්සර පත්තරේක දාලා තිබුණා වගේ මතකයි. (නදී)
නිමන්ත Thursday, 19 March 2015 07:27 AM
පොල් ගහෙන් ඇහුවා නම් කියනවනේ ඒ පොල් ගහෙන් කීයක් කැඩුවද කියලා. (නදී)
ලලිත් Thursday, 19 March 2015 02:23 PM
මගේ යහලුවෙකුත් ඔය වැඩේම කළා (නදී)
බණ්ඩාර රුසියාව Thursday, 19 March 2015 03:08 PM
නිමල් එක ගහෙන් පොල්වලු දෙකක් තුනක් කඩන වෙලාවල් තියනවා. හරියටම ගස් පහකින් කියල කියන්නේ කොහොමද. අනික පොල් වලු පිටින් කඩේට ගේන හොරා කවුද. (නදී)