වයඹ පළාතේ උප නගරයක වූ මාළු වෙළෙඳසලකි. උදේ පාන්දර නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට එක් රැස්ව සිටියහ. මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය. සේවකයා ඔහුගේ ඉල්ලීම පරිදි බළ මාළු කිලෝවක් කපා දී ”රුපියල් හාරසිය හැටක් ගෙවන්නැ”යි කීවේය. ඔහු මුදල් පසුම්බියෙන් මුදල් අදින අතරේ මුදලාලි සේවකයාට සමීපවී රහසින් කීවේ මේ අලූතින් ළඟ පොලිසියට පත්ව ආ ස්ථානාධිපති බවකි. සේවකයා සිනාසී ”මහත්තය හාරසියයක් ගෙව්වම ඇති” කීවේය. ”ඉතිං රුපියල් හැටක් පාඩුයිනෙ” ස්ථානාධිපති කියත්ම මුදලාලිද කීවේ ”නෑ... නෑ... ඇති” කියාය. එවිට පොලිස් ස්ථානාධිපති මාළු මිලදී ගැනීමට ආ පිරිස දෙස බලා ”ඔය ගොල්ලත් බළ මාළු ගන්නවනම් කිලෝවකට රුපියල් හාරසීයට වඩා ගෙවන්න එපා. පන්සීය නම් රුපියල් දෙසියයි හරිද?” කීවෙන් මුදලාලිට දෙවියන් සිහිවුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් අනුහසින් බළ මාළු මිල බසී
බන්දුල Sunday, 05 August 2012 07:47 PM
අපි සැමදා විශ්වාස කරන ලංකාදීපය සැමදා බැබළේවා! (නි)
බණ්ඩාර Saturday, 04 August 2012 07:38 AM
ඔහු හොද මිනිසෙක්..!!(නු)
ප්‍රසාද් Saturday, 04 August 2012 08:35 AM
වයඹ පළාතේ මිනිස්සු කොහොමත් හොඳයි. (ත)
රොහාන් නානායක්කාර Saturday, 04 August 2012 09:31 AM
අපේ අය තමයි පොලීසියට ජරාව කවන්නේ. (ත)
අකිල Saturday, 04 August 2012 09:38 AM
බලාගෙන යනකොට පොලීසියෙ අයත් හොදයිනේ. (ත)
සම්පත් Saturday, 04 August 2012 11:00 AM
මොවන කලත් මට නම් හිතෙන්නේ පොලීසිය චී කියලා තමයි. (ත)
ලක්ෂ්මන් Saturday, 04 August 2012 04:55 PM
මුදලාලිත් මෝල් ගහක් ගැන හිතලා බලයි වගේ. (නි)
නීලා Sunday, 05 August 2012 07:14 AM
දැන් ඉතිං මුදලාලි මාලු ටික නොමිළයේම ගෙදරටම ගෙනත් දේවිනේ. (නි)
පාලිත අබේරත්න Sunday, 05 August 2012 11:49 AM
සල්ලි දීලා මාළු ගන්න මහත්වරුතෝ පොලීසියේ ඉන්නවා නේද? (ත)
බමුණුආරච්චි Saturday, 04 August 2012 07:37 AM
මුදලාලි රුවටිලා.. මෙයා ටෙලිනාට්‍යයක රගපානගමන් ඇවිල්ල තියෙන්නෙ.. නැත්නම් අපේ පොලිසිවල ඉන්නවද මෙහෙම අය..??
ප්‍රභාත් Sunday, 05 August 2012 09:14 PM
මේක හොදයිද? නරකයිද? (නි)
නදී Monday, 06 August 2012 06:26 AM
මේකනේ කියන්නේ මිනිසුන් අතර දෙවියන් වගේ අයත් ඉන්නවා කියලා. (ත)
හරීන් Monday, 06 August 2012 10:03 AM
ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)
කපිල Tuesday, 07 August 2012 05:07 PM
ලැල්ලට මාළු දෙන්නේ පොලිසියෙන් ද දන්නේ නැහැ (අ)
කපිල Tuesday, 07 August 2012 05:07 PM
ලෑල්ලට මාලු දාන්නෙ පොලිසියෙන්ද දන්නෙ නැහැ...!!!(නු)
ලාල් -මාලදිවයින Wednesday, 08 August 2012 07:52 AM
පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක් හොද මිනිසෙක් .(වි)
නිශාන්ත Wednesday, 08 August 2012 08:25 AM
අනේ බොරු. (නි)
චමින්ද Thursday, 09 August 2012 02:23 PM
ඕඅයිසී මහත්තයා හිංදි චිත්‍රපට එහෙම බලලා ඇති නේද? වැඩිය අනං මනං කරන්න යන්න එපා.. කලිං අය හිටපු විදියට ඉන්න.. නැත්නං අපරාදෙ ප්‍රශ්න ඇති වෙනවා..!!(නු)
ක්‍රිෂාන්ත Friday, 03 August 2012 01:32 PM
මේක ඇත්තටම ලංකාවේ වුණු දෙයක්ද? (නි)
ජූඩ් යොහාන් Friday, 03 August 2012 10:14 AM
මුදලාලි ලඟ බාල මාළු කපන පිහිය තිබුණේ නැද්ද? (ත)
ලියනගේ Friday, 03 August 2012 10:22 AM
නියම පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක්. (නි)
ලාල් Friday, 03 August 2012 10:56 AM
ගොඩක් හොදයි. සුභපැතුම්. (ත)
ප්‍රවීන් Friday, 03 August 2012 11:10 AM
" මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය." මේ වගේ අය ඉන්වද ඇත්තටම අපේ පොලීසියේ......(ස)
පිනා Friday, 03 August 2012 11:14 AM
පොලීසියේ මෙහෙම අය ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. (ත)
මංඡල බිරුට් Friday, 03 August 2012 11:17 AM
ඒ මහත්තයා පස්සේ ගියානම් අනික් බඩුත් අඩුවට ගන්ඩ තිබුනා. (ත)
සජී Friday, 03 August 2012 11:33 AM
අනේ පොලීසිය අනුහසින් අනික් බඩුවල මිලත් අඩුවෙනවානම්.
සරත් Friday, 03 August 2012 11:34 AM
ඉතාමත් හොදයි. (ත)
දිසානායක Friday, 03 August 2012 10:07 AM
ඔබේ රාජකාරී කාලය තුලදීත් මෙලෙසම අසරණයන් පීඩනයට ලක් කරන්නන්ට විරැද්ධව කටයුතු කරන්න.ඔබට සුහ අනාගතයක් පතමි!!!(ස)
ෆාරු Friday, 03 August 2012 01:50 PM
අනේ බොරු...කපපු බල මාළු කිලෝ එකක් රු.700 කටත් වැඩියි....(ස)
ෂෙරීෆ් Friday, 03 August 2012 04:02 PM
ස්ථානාධිපතිතුමා තාම අළුත් නිසයි සල්ලි දීලා මාලු ගත්තේ. පහු වෙද්දී බලන්නකෝ. මාලු වෙළෙන්දාට දෙවියන්ගේම පිහිටයි. (නි)
ගාමිණී -කුවේට් Friday, 03 August 2012 04:22 PM
මේ තැනැත්තා පොලීසියෙ වෙන්න බැහැ.මොකද මේ කාලෙ පොලීසියෙ උදවියගෙ ආදායමේ හැටියට ඔය මාළු කිලෝවක්,සහල් කිලෝ 4-5ක්, එලවළු කිලෝ 2-3ක් එහෙම මිළදි ගන්නෙ නැහැ. ජීප් රිය පිරෙන්න අරගන්නවා මිසක්. සමහරවිට විශ්‍රාම ගිය රාළහාමි කෙනෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ. (නි)
සන්ජු Friday, 03 August 2012 04:36 PM
අනේ පව් මුදලාලි..(ස)
නිමල් Friday, 03 August 2012 04:38 PM
මේක නම් ලංකාවේ එකක් වෙන්න බැහැ. මාලු,මස් සල්ලි දීලා ගන්න පොලිසියේ මහත්වරු ඉන්නවද ලංකාවේ? (නි)
අමිල කටුනායක Friday, 03 August 2012 09:34 PM
ගාණ හරි. මොකද, අරන් ගිය මාලු කුණු වෙලා. (නි)
මහී Friday, 03 August 2012 11:48 PM
"ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවට.." (නි)