X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පොලිස් ලොක්කාගෙන් කොත්තු බාස්ට පරාටා පාඩමක්

ආපන ශාලා හිමිකරුවකුටයි කොත්තු බාස් කෙනෙකුටයි පරාටයක් දෙපැත්ත පුළුස්සන අයුරු ඉගැන් වූ පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉදිරිපිට ආපන ශාලාවකි. මෙම ආපන ශාලාවේ හිමිකරු තරමක් වයෝවෘද්ධ පුද්ගලයෙකි. ආපන ශාලාව හිමිකරුගේ වයසට සමාන කොත්තු බාස් කෙනෙක් කලක සිට සේවය කරයි. කොත්තු බාස්ට උදේට බිත්තර රොටි පරාටා හා එළවළු රොටි දැමීමට සිදුව තිබේ. සවසට කොත්තු රොටි දැමීම සිදු කරයි.


ඉකුත් දිනක පෙරවරුවේ අසල පිහිටි පොලිසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් උදේ කෑමට ආපන ශාලාවට ගියේය. ආපන ශාලාවේ සිටින වේටර්වරයා පොලිස් පරීක්ෂකවරයාගෙන් ‘‘සර් කන්නේ මොනවාදැ’’ යි විමසීය. පරාට අරන් එන ලෙස පොලිස් පරීක්ෂකවරයා වේටර්වරයාට කීවේය.


අත් දෙක සෝදාගෙන පුටුවක හිඳගත් පොලිස් පරීක්ෂකවරයා වෙත පිඟාන තබා පරාටා පහක් ගෙනත් තබා පරාටා කෑමට පිඟානක් හා ව්‍යාංජන ගෙන ඒමට වේටර්වරයා යළි ගියේය.


පොලිස් පරීක්ෂකවරයා පරාටා පිඟාන දෙස බලා පරාටයක් ගෙන අත් දෙකෙන්ම පරාටය හරවා හරවා මේ පරාටවල එක පැත්තයි පුළුස්සලා තියෙන්නේ අනිත් පැත්ත පුළුස්සලා නෑ කොහොමද කන්නේ යැයි ආපන ශාලා හිමිකරුගෙන් විමසුවේය.


බුලත් විටක්ද සපමින් සිටි ආපන ශාලා හිමිකරු සිනාමුසු මුහුණින් පොලිස් පරීක්ෂකවරයා පෙන්වන පරාටය දෙස බලමින් සිටියේය.
පොලිස් පරීක්ෂකවරයා විසින් එල්ල කරන චෝදනාවලට ආපන ශාලා හිමිකරුගෙන් සතුටුදායක පිළිතුරක් නොමැති අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා පරාටා පුළුස්සමින් සිටි කොත්තු බාස් ගෙන්වාගෙන පරාටය ඇයි එක පැත්තක් පමණක් පුළුස්සා ඇත්තේ යැයි විමසීය.


‘‘නෑ සර් පරාටයේ දෙපැත්තම පුළුස්සලා තියෙන්නේ’’.


‘නෑ නෑ දෙපැත්ත පුළුස්සලා නෑ බං යමන් මම පරාටයක දෙපැත්ත පුළුස්සන හැටි පෙන්වන්න’ යැයි පවසා පොලිස් පරීක්ෂකවරයා පරාටා පුළුස්සමින් තිබුණු තැටිය අසලට කොත්තු බාස් රැගෙන ගියේය.


පසුව පරාටා පුළුස්සන තැටිය අසල මේසය මත තිබුණු පිටි බෝලයක් ගෙන පරාටයක් සකසා තැටියට දමා එක පැත්තක් පිළිස්සීමෙන් පසුව සෙසු පැත්ත ද පුළුස්සන අයුරු පෙන්නුවේය.


‘‘තේරුම් ගත්තා සර් තේරුම් ගත්තා මම මෙච්චර කල් පරාටයක එක පැත්තයි තමයි පිළිස්සුවේ ගෑස් සිලින්ඩරයකුත් සර් රුපියල් 4200 ක් විතර වෙනවානේ. ගෑස් සිලින්ඩරය ඉක්මනට ඉවර වුනාම ලොක්කා මට දොස් කියනවා. ඒ හින්දා මම පරාටයක එක පැත්තයි පිළිස්සුවේ. ඒක මම පිළිගන්නවා. ගෑස් සිලින්ඩරය ඉක්මනට ඉවර වුණාම ලොක්කා මට බනිනවා පරාටය හරියට පිළිස්සුනේ නැති නම් සර් මට දොස් කියනවා. කවුරු කියන කතාව ද මම අහන්නේ කියලා තේරෙන්නේ නෑ’’ යැයි වේටර්වරයා පොලිස් පරීක්ෂකවරයා හමුවේ හිස නමා පවසා තිබුණු බව වාර්තා වෙයි.

 

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (1)

පොලිස් ලොක්කාගෙන් කොත්තු බාස්ට පරාටා පාඩමක්

sampath Monday, 24 October 2022 03:31 PM

පොලීසියේ නිලධාරියා නිල ඇඳුමින් කොහොමද පරාටා කන්න ගියේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site