X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


පොලිස් ලොක්කා ගණදෙවි නුවණින් ජාං බේරාගනී

(වියලුව වාර්තාකරු)
හිටි හැටියේ ම පහළ වූ ගණදෙවි නුවණ මෙහෙයවා තම නිලයේ ගෞරවයත්, නීතියත්, තම ක්ෂේත්‍රයේම ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අභිමානයත් රැකගත් අපූරු පොලිස් නිලධාරීයකු පිළිබඳ   පුවතකි.


ඔහු ඌව පළාතේ එක්තරා පොලිස්ථානයකට අනුයුක්තව සේවය කරන  පොලිස්  රථ වාහන අංශයට සම්බන්ධ නිලධාරියෙකි.


පසුගිය දිනෙක සහෝදර නිලධාරියකු සමග හෙතෙම මහ මගට බැස්සේ රථ වාහන සම්බන්ධයෙන් වැරදි කරන  අවිනීත රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ අපේක්ෂාවෙනි.


 හිස්වැසුම් නොමැති යතුරුපැදිකරුවන් කීප දෙනකු මෙන්ම අධික වේගයෙන් වාහන පැදවූවෝද, ගමන් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ කීප දෙනකුද  ටික වේලාවකදීම ඔවුන්ට නීතියේ රුහැනට හසුකර ගැනීමට හැකිවූ අතර ඔවුන් කීප දෙනකුටම දඩ කොලද ලියැවිණි.


ඔය අතරේ මාර්ගයේ ගමන් ගත් මැදිවියේ පුද්ගලයකු විසින් ධාවනය කරවූ යතුරුපැදියක් ද මොවුන් විසින් නතර කරනු ලැබුවේ එය පැදවූ පුද්ගලයා හිස් වැස්මක්  නොමැතිව යතුරුපැදිය ධාවනය කරනු දැකීමෙනි.


 මම අහවල් පොලීසියේ අහවලා ගෙදර එහා පැත්තේ. මම මේ එහා පැත්තේ කඬේට යන්න ආව නිසා තමයි හෙල්මට් නොදැම්මේ දුර යන ගමනක් නෙමෙයි.  පොලිස් නිලධාරියාගේ සංඥාවට අවනතව යතුරුපැදිය නතරකළ පුද්ගලයා එහි සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියාට පවසා සිටියේ සිදුවූ වැරැද්ද සාධාරණීකරණය කරමිනි.


 එහෙත් එම වරදම සිදුකළ තවත් කීප දෙනකුම එම ස්ථානයේ සිට සිදුවන්නේ කුමක්දැයි බලා සිටීම නිසා බෙහෙවින් අසරණ වූ රථ වාහන අංශ නිලධාරියා  කරන්නේ කුමක්දැයි කල්පනා කරන්නට වූවේ නීතියත් තම අභීමානයත් පමණක් නොව තම ක්ෂේත්‍රයේම ඉහළ නිලයක් දරන සහෝදර නිලධාරියාගේ නම්බුවද රැකීම තම යුතුකම විය යුතු බව සිතින් මෙනෙහි කරමිනි.


මොහොතක් ගතවෙද්දී   ඔහු එම ස්ථානයේ සිටි තරුණයකුගෙන් හිස්වැස්මක් ඉල්ලාගෙන සාජන් මහත්තය, මේ හෙල්මට් එක දාගෙන ගෙදරට ගිහිල්ල ඔයාගේ හෙල්මට් එක අරන් ඇවිත් කඬේට ගිහින් එන්න යැයි කීවේ සිය ගණ දෙවි නුවණ මෙහෙයවා රැවුලත් කැඳත් යන  දෙකම බේරා ගනිමින්ය.

 



අදහස් (0)

පොලිස් ලොක්කා ගණදෙවි නුවණින් ජාං බේරාගනී

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site