X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පොලිසියටම ඇවිල්ලත් දඩයක් කාලා

යතුරුපැදිකරුවකු තම යතුරුපැදියේ පිටුපස ආසනයේ හිස් වැසුම් පැළඳ නොසිටි පුද්ගලයකු වාඩි කර ගෙන ගොස් දඩ කෑ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.


යතුරුපැදිකරුවකු කිසියම් අවශ්‍යතාවයක් සඳහා බේරුවල පොලිසියට ගොස් ඇත. ඔහු සමග යතුරුපැදියේ තවත් අයකු ගමන් කර ඇති අතර ඔහු සමග යතුරුපැදියේ පිටුපස ආසනයේ ගිය පුද්ගලයා හිස් වැසුමක් පැළඳ සිටියේ නැත.


එය දුටු පොලිස් නිලධාරීන් ඒ මොහොතේම හිස් වැසුමක් පැළඳ නොසිටීමේ වරදට දඩ පත්‍රිකාවක් නිකුත් කර දැඩි ලෙස අවවාද කර තිබේ.


පසුව වරද පිළිගත් යතුරුපැදිකරු සහ පිටුපසින් පැමිණි පුද්ගලයා වරදට සමාව අයැද පැමිණි කාරණය පසෙකලා දඩ ගෙවීමට තැපැල් කාර්යාලය වෙත ගොස් ඇත.

(අලුත්ගම විශේෂ - තුසිත කුමාර ද සිල්වා)



අදහස් (0)

පොලිසියටම ඇවිල්ලත් දඩයක් කාලා

අජිත් Tuesday, 26 July 2016 12:55 PM

වැඩේ නම් අන්තිමයි. ඉතින් පොලිසිය ගැන කොහොමද ප්‍රසාදයක් මිනිස්සුන්ගේ හිත්වල ඇතිවන්නේ. (බ)

:       0       0

ශාන්ත Tuesday, 26 July 2016 02:20 PM

මේකේ කිසි වැරැද්දක් පේන්න නැහැ. නිතිය හරියට ක්‍රියාත්මක කරලා. ලංකාවේ මිනිස්සු නිතිය සෙල්ලමකට අරගෙන නිසා මේකේ වැරැද්දක් පෙන්නන හදනවා (බ)

:       0       0

විකී Wednesday, 27 July 2016 12:01 AM

මම ළඟදී ලංකාවේ සති දෙකක් ඉඳලා වාහන පදවා අාවේ. ඉතින් ලංකාවේ පොලිස් රාළහාමිලා ගැන නම් කියලා වැඩක් නැහැ. හරි හොඳයි (නි)

:       0       0

නිමල් Wednesday, 27 July 2016 03:18 AM

ඔය ඔක්කොම නීති සිංහල මිනිසුන්ට විතරයි..අම්පාරේ , මඩකලපුවේ පැත්තේ එකෙක් වත් හෙල්මට් දන්නෑ.(අ)

:       0       0

පිටිගල Wednesday, 27 July 2016 04:26 AM

මම මේසැරේ නිවාඩුවට ගිය වෙලාවේ වුවමනාවකට පැලියගොඩ පොලිසියට ගියා. ගේට්ටුවේ හිටිය රාලහාමි කෙනෙක් මගේ කැප් තොප්පිය ගලවලා ඇතුල් වෙන්න කිව්වා. මල හත්තිලව්වයි මට හිතුනා මොකක්ද මේ වුනේ මට වැරදිලා පන්සලට වත් ආවද කියලා. පස්සේ මම ඇහුවා සපත්තු ගෙන ගියාට කමක් නැද්ද කියලා. අන්තිමට රාලහාමිට තරහ ගියා, මම කිව්වේ තමුසෙට තොප්පිය ගලවන්න කියලා ළඟටත් ආවා. ගුටි කන පොටක් පාදීගෙන එන බව තේරුනා නිසා මම හිනා වෙලා ඇහුවා තොප්පිය ගලවලා ඇතුල් වෙන්නේ පන්සලකට නේ එකයි ඇහුවේ. මේ තමුසෙට ඇතුලට යන්න ඕන නම් ඕක ගලවනවා. කිව්වා .(බ)

:       0       0

සංජීව Wednesday, 27 July 2016 06:49 AM

සමන්තුරේ පැත්තේ කියල වෙන්න ඇති හිතාගෙන යන්න ඇත්තේ .අර හෙල්මෙට් දාන්න ඕනේ නැති ජීවීන් ඉන්නේ .(බ)

:       0       0

අජිත් Saturday, 30 July 2016 01:18 PM

මෙහෙම ඉතින්, පාට කන්නාඩි ගලවල බැලුවොත් නම් හරියට පෙනෙයි කාට කාටත්.(රේ)

:       0       0

රන්ජිත් Thursday, 04 August 2016 01:58 AM

නරක වෙලාව තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site