X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


පොලිසියෙන් ගැලවෙන්න නවාතැන් දුන් අයගේ නිවෙසත් ශුද්ධ කරලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අහිංසකයින් අත්අඩංගුවට ගන්නවා යයි කියමින් පොලිසියට බැන බැන සොරකුට පොලිසියෙන් වහන්වීමට සිය නිවසේ ඉඩකඩ ලබාදුන් පුද්ගලයාගේ නිවසද මේ හොරා පැය කිහිපයක් යන්නට මත්තෙන් බිඳ මුදල් හා රන්භාණ්ඩ සොරාගත් පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.


 මේ වනවිට අබලන්ගොඩ හා ඒ අවට නිවාස පහළොවක් පමණ නිවැසියන් නැති අවස්ථාවෙන් බිඳ ඒවායේ තිබූ මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා නම්දරා ඇති හොරෙකි. ඔහු සොරාගෙන ඇති මුදල් හා රන්භාණ්ඩවල  වටිනාකම රුපියල් ලක්‍ෂ පහකට වැඩි මිස අඩුවක් නම් නැහැ. මොහු අත්අඩංගුවට ගැනීමට සෙව්වත් කාලයක් යනතුරුම සොයාගැනීමට නොහැකිවී තිබිණ.


 දිනක් ඔහු සිටින තැනක් පිළිබඳව පොලීසියට තොරතුරක් ලැබුණේය. ඒ අනුව පොලීසිය එනුදුටු ඔහු ගාල කඩාගත්තු හරකෙකු මෙන් ඉතාමත් ජවසම්පන්නව පොලීසියට වඩා වේගයෙන් දිවගොස් අතුරු මාර්ගයකට අවතීර්ණ වී පොලිසියට නොපෙනෙන්නට නාඳුනන නිවසකට දිව ගියේය.


 ඔහු හතිලාගෙන දුවගෙන එනු දුටු නිවැසියා, “මොකද මොකද මේ දුවන්නේ” යයි ඔහුගෙන් ඇසුවේය. අනේ බලන්න කෝ, “මම හෙල්මට් දාගෙන ගියේ නැහැ කියලා මම පස්සෙන් පොලීසිය පැන්නුවා. මම බයිසිකලය මගදාලා පැනලා ආවා” යයි සොරා කීවේය.


 අනේ මෙහෙමත් පොලිසියක් ඉතිං අල්ලන්න පුළුවන් මේවගේ අහිංසකයින් විතරයි. මේ මුළු අම්බලන්ගොඩම ගෙවල් බිඳින හොරා තවම අල්ලගන්න බැරිවුණා යයි නිවැසියා කී විට ඔව් ඒකනම් ඇත්ත තමයි ඌ තාමත් නිදැල්ලේ. පොලිසිය අහිංසක අපි වගේ අය තමයි අල්ලන්න එන්නේ යයි කීවේය.
 හා හා අපේ කුස්සිය පැත්තට වෙලා ඉන්නවා. අද ගෙදරත් කවුරුත් නැහැ. මමත් දැන් වැඩ වගේකට අම්බලන්ගොඩට යනවා. එන්නේ තව පැය දෙකකට විතර පස්සේ. පොලිසිය ගියාට පස්සේ ඉතිං ගෙදර යනවා යයි කියමින් නිවැසියා ගෙදරින් පිටව ගියේය.


 සිය අවශ්‍යතාවන් ඉටුකර ගත් නිවැසියා යළි නිවසට පැමිණ බලනවිට නිවසේ අල්මාරියේ තිබූ මුළු ඇඳුම් ටිකම බිම දමා අල්මාරියේ දොරවල් ඇර තිබුණේය. හනි හනිකට ගොස් බලනවිට අල්මාරියේ තැන්පත් කර තිබූ මුදල් හා රන්භාණ්ඩ නොමැති බව දුටු ඔහුට තරු විසිවී ගියේය. සිය නිවස බිඳ මුදල් හා රන්භාණ්ඩ හොරකම් කළා යැයි කියමින් නිවැසියා පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය.


 මේ පිළිබඳව කවුද සැකකරන්නේ යයි නිවැසියාගෙන් පොලීසිය ප්‍රශ්න කළවිට ඔහු කීවේ, හෙල්මට් නැතිව ගියා කියලා පොලිසියෙන් පන්නනවා කියූ අයෙක් අපේ ගෙදරට ආවා. ඔහුට පොඞ්ඩක් හැංගෙන්න ඉඩදීල මම ගෙදර දොරවල් වහලා ටවුමට ගියා කියාය.


ඔයා අපිටත් බැණ බැණ අහිංසකයෙක් යයි කියලා ගෙවල් බිඳින හොරා ගේ අස්සේ දාගෙන හංගගෙන හිටියට හොඳ දඬුවමක් තමයි ලැබුණේ පොලිසිය කීවිට ඔහුගේ ඉහෙන් කණින් දාඩිය ගැලුවේ  ඉබේටමය.


අනේ මමත් කරලා තියෙන්නේ මහම මහ මෝඩකමක් යයි යටිසිතෙන් කියමින් පොලීසියට සිය නිවස හොරු බින්දා යයි කියමින් පැමිණිල්ලක් කොට යන්න ගියේය. 



අදහස් (0)

පොලිසියෙන් ගැලවෙන්න නවාතැන් දුන් අයගේ නිවෙසත් ශුද්ධ කරලා

තුෂාරි Monday, 16 May 2016 08:23 AM

ඔන්න ලංකාවේ පොලීසියට හොරු අල්ලන්න මහජනතාවගෙන් ලැබෙන සහයෝගයේ තරම. මොහුට හොඳ වැඩේ කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

අබය Tuesday, 17 May 2016 01:44 AM

ද ලේ මිසරාබ්ලේ කතාවේ "ජීන් වැල් ජෝන්" වගේ චරිතයක්...... (නි)

:       0       0

පිටිගල Tuesday, 17 May 2016 03:28 AM

පොලිසියට දුන්න සහයෝගය නම් අපූරුයි. (ම)

:       0       0

සමන් Thursday, 19 May 2016 05:24 AM

හොරු අල්ලලා දුන්නාට පසුව කාලයාගේ ඇවෑමෙන් හොරාගෙන් එන රිටර්න් එක කල්පනා වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site