ඇය එතරම් ගම්බද දිළිඳු තරුණියක වූවාය. මවුපියන් සමග හුදෙකලා ජීවිතයක් ගෙවු ඇයට කිසිදු ආදර සබඳතාවක් නොතිබිණි.
මවුපියෝ ඇයට සුදුසු සහකරුවකු සොයා වෙහෙසුණහ. අවසානයේදී ඇයට විවාහ යෝජනාවක් ගෙනාවේ කපු මහතකුගේ
මාර්ගයෙනි. ඉතාමත් තැන්පත්, විනීත, සංවරශීලී තරුණයකු වූ ඔහුට අකමැති වන්නට මෙම තරුණියට කිසි හේතුවක් තිබුණේ නැත. ඉතා විනීත ගතිපැවතුම් පෙන්නුම් කළ මෙම තරුණයා ඇය වැනි අහිංසක තරුණියක් විවාහ කරගන්නට කැමැති බව පැවැසීය. තරුණියගේ තොරතුරු අසා දැනගත් සැණින් මවුපියන් සමග සාකච්ඡා කොට ඇය දැකගන්නට පැමිණෙන්නට ඔහුට තිබුණේ පුදුමාකාර හදිස්සියකි.
ඇය දකින්නටත් පෙර පටන් ඇයට පුදුමාකාර කැමැත්තක් දැක්වූ ඔහු වහාම නිවාඩු ලබාගෙන ඇය දැක ගන්නට පැමිණියේය. එහෙත් සියල්ල වෙනස් වූයේ එතැන් පටන්ය. තරුණියගේ දුරකථන අංකයට නාඳුනන පුද්ගලයන්ගෙන් ඇමතුම් ගලා එන්නට පටන්ගත්තේ එතැන් පටන්ය. සියලු දෙනාම ඇයට විවාහ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ. මේ පිළිබඳව ඉතා සූක්ෂමව විමසා බැලූ තරුණියට දැන ගත හැකිවූයේ මෙය එම තරුණයාගේ වැඩක් බවයි. පුවත්පත්වල හා කපු මහතුන් ලවා විවාහ කර ගැනීමට යැයි පවසා අහිංසක තරුණියන් රවටා අවසානයේදී තම මිතුරු කල්ලිය අතර එම තරුණියන්ගේ දුරකතන අංක බෙදා දී පහත් සතුටක් ලබාගන්නා අයකු බව පසුව හෙළි විය.
(වැල්ලව ශිවා බණ්ඩාර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඳින්න කියා ඇවිත් තරුණියගේ අංකය හතර වටේටම දීලා
සරණපාල Monday, 04 July 2016 08:44 AM
ඔය පහත් වැඩ කරන සතා පොලීසිය ට අල්ලලා දෙන්න. අහිංසක මිනිසුන්ට වදදෙනවට. (බ)
අසෝකා Monday, 04 July 2016 03:58 PM
හැදී මිටකම දුරයි කියනා ගැහැණු මොලේ.... රව්ටන්නටත් බැරිඋනි මහා උගත් මොලේ. (ර)
පිටබැද්දර ජයා Tuesday, 05 July 2016 09:59 AM
නැගණියේ පරෙස්සමින් මෙවන් වංචා කාරයන් අද හැමතැනම (බ)
සරසි Tuesday, 05 July 2016 01:05 PM
එතකොට දැන් ඉස්සෙල්ලම මනමාලි බලන්න එනකොට වැඩිහිටි කවුරුවත් ඇවිල්ලා නැද්ද ? එහෙම නැතිව තනියම ආවා නම් එතැනින්ම සැකයක් ඇති වෙනවානේ මොලය තිබෙන කෙනෙකුට නම්. (බ)
රෝහණ Wednesday, 06 July 2016 02:51 PM
ඔය වගේ අය පිරිමි ජාතියටම කැළලක්. අනිවාර්යයෙන්ම නිසි දඬුවම් දියයුතුයි (නි)