(මනෝජ් හර්ෂික)
වයඹ පළාතේ ප්‍රසිද්ධ පාසලකි. පාසලේ ප්‍රාථමික අංශයන් සඳහා වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් යෑමට සියලු කටයුතු පාසලේ ඇදුරු මඩුල්ල විසින් සූදානම් කරනු ලැබීය.
කොළඹ නගරය බැලීමට සියලු කටයුතු සූදානම් කර ගත් ගුරුවරුන් මේ සඳහා පෞද්ගලික බස් රථ හතරක් සූදානම් කළහ. සියල්ල සූදානම් කරගත් පරිදි සාර්ථකව සිදු වූ අතර ඉඩ කඩ මද වූවෙන් බංකු කිහිපක් ද එක් බස් රථයකට දැමීමට ද සිදු විය.
පෙර සූදානම් කරගත් පරිදි නැරඹීමට යොදා ගත් සියලු ස්ථාන වේලාසනින් නරඹා අවසන් වුයෙන් දරුවන් මුහුදු වෙරළ නැරඹීමට ගෙන යාමට ගුරුවරු කටයුතු කළහ.
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක් බස් රථයක රියැදුරෙකු හොඳ හැටි මත් පැනින් සප්පායම් විය.
රියැදුරුගේ තත්ත්වය ගැන තේරුම් ගත් ගුරුවරු දරුවන් මෙම බස් රථයේ ගෙනයාම අනතුරකට අත වැනීමක් බව දැන ඔවුන් අනෙක් බස් රථ තුන වෙත ගෙනයාමට කටයුතු කළහ. මේ බව දැනගත් බීමත් රියැදුරු බසයේ වූ බංකු එළියට විසි කරමින් වියරුවෙන් මෙන් මෙසේ කියමින් කෑ ගැසීය. බබාලා නැත්නම් බංකු මොකටද?
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බබාලා නැත්නම් බංකු මොකටද ?
Thusha Wednesday, 09 May 2018 12:44 PM
දරුවන් විතරක් නොවෙයි. වැඩිහිටියන් හෝ කව්රු වුනත් බීමත් රියදුරන් එලවන වාහනවල ගමන් කිරීම, අනතුරුවලට අත වැනීමක් තමයි. (4 වැනි බස් එකේ ගමන් කළ අයට දෙයියන්ගේම පිහිටයි.)