X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බයිට් එකට අමු මස් කාලා

වැටුප් දිනයේ තරුණයන් කිහිප දෙනෙක් මත්පැන් බෝතල්ද ඇතැතිව පැමිණියේ මිතුරකුගේ නිවෙසකටය. නිවෙසේ මිතුරා මත්පැන් නොබොන්නෙකි. ඔහු ඇමතූ මිතුරෙක්, “අපි බයිට් ගෙනාවා. බයිට් මදි වුණොත් මේ මස් ටික හදලා දීපන්” යැයි පවසමින් හරක් මස් කිලෝවක් ඔහු අත තැබීය. “හරි මචන්” මිතුරා පැවැසීය. මත්පැන් බෝතල් එකින් එක හිස්වන විට ඔවුහු ගීත ගැයීමටද පටන් ගත්හ. පැරණි ගීතයක් නව පද යොදා අයෙක් ගායනා කළේය.


ගෙනා බයිට් ශීඝ්‍රයෙන් ඉවර වන්නට වූයෙන් නිවසේ මිතුරාට කතා කළ අයෙක් “ඉක්මනට මස් ටික පොඩි කෑලි වලට කපලා හදලා ගනින්. ඇඬෙන්න මිරිස් දාපන් සුදු” යැයි කීය. කුස්සියට ගිය මිතුරා මස් සිහින්ව කපා මිරිස් බෝතලෙන් බාගයක්ද බැදපු තුණපහද යහමින් දමා මිශ්‍රකර පසෙක තැබීය. ඔහුට පෙම්වතියගෙන් දුර කතන ඇමතුමක් ලැබුණෙන් එළියට පැමිණි ඔහු පිළිතුරු දෙන්නට විය.


විනාඩි දහයක් ගතවිය. බයිට් රැගෙන යෑමට මිතුරෙක් පැමිණෙමින් කුස්සියේ පිසීමට සකස් කර තිබූ අමු මස් පිඟානකට දමාගෙන, කෑල්ලක රස බැලීය. “එළකිරි” යැයි කියාගත් ඔහු මස් බඳුන මිතුරන් අසල තැබීය. දුරකථන සංවාදය නිමාවී පැමිණ මිතුරාට පිසීමට තිබූ මස් දක්නට නොලැබුණෙන් වහා මිතුරන් අසලට පැමිණීයේය. ඔහු දුටුවේ අමුමස් බුදමින් ගීත ගායනා කරන මිතුරන්ය. කියන්න කිසි දෙයක් නොවුයෙන් ඔහු වහාම එතැනින් ඉවතට පැමිණියේය.



අදහස් (0)

බයිට් එකට අමු මස් කාලා

මහේෂ් ඩුබායි Monday, 29 August 2016 08:16 AM

අපොයි දෙවියනේ.... කොච්චර බිව්වත් අමු හරක් මස් කන්න පුළුවන්ද? අනේ මෙහෙමත් අවසිහියෙන් ඉන්න මිනිස්සු? (බ)

:       0       0

අසෝකා Monday, 29 August 2016 09:42 AM

කොච්චාර එපා කිව්වත් සිහිය නැතිවෙනකම් බීලා මොනවා කියනවද කරනවද දන්නේ නැහැ. පහු වෙනිදට නැගිට ගන්නත් බැහැ. පොලිසියෙන් හරි ඉස්පිරිතාලේ හරි හිටියොත් එකත් විදවන්නේ ගෙදර ඉන්න ගෑනියි දරුවොයි. අනේ මෙහෙම කෑදර කමක්.(හේ)

:       0       0

ජයරත්න Monday, 29 August 2016 09:48 AM

මොන තරම් බීව්වත් අමු මස් අඳුනගන්න බැරි තරමට බොනවා කියලා කවදාවත් මම නම් අහලා නැහැ , මුන් යක්කු ටිකක්ද කොහෙද ? (හේ)

:       0       0

ධම්ම Monday, 29 August 2016 09:58 AM

ඉතියෝපියාවේ ජනතාවගේ උදේ ආහාරය බොහෝවිට මිරිස්කුඩු සමග මම එහි කලක් ජීවත් වූ නිසා මේ ගැන හොඳින් දනිමි. (ර)

:       0       0

අචිර Monday, 29 August 2016 01:18 PM

බිව්වට පස්සේ ධර්මිෂ්ට ටෝක් වලංගු නැහේ (අ)

:       0       0

චාමර Monday, 29 August 2016 06:15 PM

ඉතියෝපියාවේ ජීවත්වෙන අය ගොඩක් වෙලාවට කන්නේ අමු හරක් මස් කියලා මම අහලා තියෙනවා

:       0       0

බමුණුසිංහ Monday, 29 August 2016 10:49 PM

එ් කියන්නේ අමුමස් රසද? (නි)

:       0       0

සරත් Tuesday, 30 August 2016 03:07 AM

අමුමස්වල රස කෙසේ වෙතත් ඉතියෝපියාවේ ඉන්නෙනම් ධාවන ශුරයෝ (බ)

:       0       0

ලක්ෂි Wednesday, 31 August 2016 07:01 AM

ධම්ම ඔබ කියනදේ අැත්ත මම අප්‍රිකාවේ ඉඳිද්දි අමු මස් කන අය දැකල තියෙනව.එ් වගේම හරකුන්ගේ කුර, හරක්හම සහ කුකුළන්ගේ කකුල් හරිම ජනප්‍රිය කෑමක්. (බ)

:       0       0

නුවන් Thursday, 01 September 2016 09:55 AM

නියම පදමට හැදුවොත් අමුමස් වුණත් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

අරුණ Thursday, 01 September 2016 11:27 AM

සුරාව මොනතරම් මිනිසුන්ගේ සිහිය විකෘති කරනවද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site