X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බල්ලා යටකළ බස් රියැදුරුට 50000 ක දඩ කොළයක්

තමා ධාවනය කළ බස් රථයේ බල්ලෙකු වැදී මියයාම නිසා අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත රුපියල් පන් දහසක දඩයක් ගෙවීමට සිදු වූ බස් රියැදුරෙකු පිළිබඳව පසුගියදා ඌව පළාතෙන් අසන්නට ලැබිණි.


සෙනඟ පුරවාගෙන ගිය මේ බස් රථයේ වැදී තිබුණේ බලු පොරයකට ලක් වී දිවගිය දඩාවතේ යන බල්ලෙකි.


මේ සඳහා එම ස්ථානයේදීම දඩ කොළය ලියා ඔහුට බාර දී ඇති අතර මියගිය සුනඛයා වහාම වළ දමන ලෙසටද ඔහුට නියෝග ලැබුණත් විශාල සෙනඟක් රැගෙන ගිය බස් රථය මේ කටයුතු සඳහා නතර කර තැබීමට මගීන් විරෝධතාව පළ කිරීම නිසා ඒ අවට සිටි තරුණ පිරිසකට මියගිය බල්ලාගේ අවසන් කටයුතු චාම් ලෙස සිදුකිරීමට සිදු වුණාලු.

(තිහගොඩ - උපසේන ලියනගම)



අදහස් (0)

බල්ලා යටකළ බස් රියැදුරුට 50000 ක දඩ කොළයක්

ජයතු Thursday, 03 November 2016 05:42 AM

සම්පුර්ණයෙන් අසාධාරන දඩයක්. අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීමට දඩ නිකුත්කිරීම මඟින් නිවැරදිව ගමන් ගන්නා පුද්ගලයාට අසාධාරනයක් සිද්ධවේ (නි)

:       0       0

අබය Tuesday, 01 November 2016 09:34 PM

නිශාන්ත, ආර්ථික වශයෙන් යුරෝපයේ සහ අනෙකුත් දියුණුයි කියා කියන රටවල සතුන්ට කරුණාව දක්වනවාට වඩා මිනිසාගේ අවශ්‍යතාවය වෙනුවෙන් සතුන් හැදීම තමා ඔවුන් කරන්නේ. හරකුන්, බැටළුවන් සහ එළුවන් මිනිසාගේ භක්ෂණය සඳහා මිලියන ගණනින් ඝාතනය කරන අතර උන්ගේ මස් සහ මස් වලින් සාදන නොයෙකුත් විදියේ ආහාර මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවලට අපනයනය කිරීමයි. බල්ලෝ, පූසෝ වැනි සත්තු හුරතල් විදියට හදන නමුත් අතිරික්තයට වනදේ දෙයියෝ තමයි දන්නේ. අපේ රටේ අයාලේ යන සත්තු අපමණ සිටියත් මිනිසුන්ගේ අනුකම්පාව නිසා හිරිහැර විඳිමින් හෝ ජීවත්වෙති. (නි)

:       0       0

අශාන් Wednesday, 02 November 2016 01:29 AM

මේක නම් ඉතාම හොඳ පාඩමක් (නි)

:       0       0

සරත් Wednesday, 02 November 2016 01:39 AM

පොලිසිය ඉතා කාර්යක්ෂමයිනේ (නි)

:       0       0

ජනහිත Wednesday, 02 November 2016 02:28 AM

අබය, මම දන්නා හැටියට දියුණු රටක් වූ ඇමෙරිකාවේ සත්ත්ව හිංසාව බරපතල වැරැද්දක්. අනාථ වූ සතුන් හදාවඩා ගන්න ආයතන තියනවා. අයාලේ යන බල්ලෝ බළල්ලු එහෙ නැහැ. කවුරුහරි ඉන්නවා නම් දැනගන්නත් එක්ක අහගන්න. (නි)

:       0       0

ජනහිත Wednesday, 02 November 2016 02:42 AM

අබය, මෝඩ කතා කියන්න එපා. සත්ත්ව ඝාතනය නවත්වන්න පුලුවන්නම් ලොකු දෙයක්. මිනිසාගේ අවශ්‍යතාවය කියන එක නොවෙයි ඔතන තියෙන්නේ, මිනිසාගේ ජිවනෝපාය කියන එකයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 November 2016 11:50 AM

අහනත් සතුටුයි. කණගාටුව නම් මිනිස්සු අමු අමුවේ මරපු මිනීමරුවෝ තාමත් නිදැල්ලේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 02 November 2016 05:20 PM

මහපාරේ යන බල්ලෝ ගැන කතා කරනවා නම්, ලෝකයේ පළමුවෙනි තැන තියන රට තමයි ශ්‍රී ලංකාව. මහපාරේ මනුස්සයෙක් හොයාගන්න එක මේ කාලේ ලේසි නැහැ. (නි)

:       0       0

නිරූ Thursday, 03 November 2016 05:43 AM

හත් දවසේ දානේ කවදාද දන්නේ නැහැ...

:       0       0

ගුණවර්ධන Tuesday, 01 November 2016 07:08 PM

මේ වගේ දඬුවමක් දීලා හරි රියදුරන් අවදි කළ එක හොඳයි. නැත්නම් දවසකට කොපමණ සතුන්, මනුෂ්‍යයන් යටවෙනවද වාහන වලට (නි)

:       0       0

චාමික Thursday, 03 November 2016 05:47 AM

අබය, ඔයා යුරෝපීය රටකට ඇවිල්ලා තියෙනවද?

:       0       0

රන්ජිත් Thursday, 03 November 2016 03:06 PM

මාර කතාවක්නේ මේ.(හේ)

:       0       0

රන්ජිත් Thursday, 03 November 2016 03:08 PM

කැනඩාවේ පාරේ ඉන්න සතකුට බ්රේක් ගැහුවොත් ඩොලර් 150 ක් දඩ. (හේ)

:       0       0

රන්ජිත් Thursday, 03 November 2016 03:11 PM

එතකොට මිනිසෙක් බසයට යට වුනොත් (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 03 November 2016 06:07 PM

එතකොට ඔය බල්ලාගේ අයිතිකාරයටද මුදල ලැබෙන්නේ? බල්ලා පාරට දාපු, බලු ස්වාමියාට දඩ කොළ නැද්ද ? (නි)

:       0       0

යොහාන් Thursday, 03 November 2016 08:04 PM

මේක නම් බොහොම හොඳයි (නි)

:       0       0

රන්ජිත් Friday, 04 November 2016 12:24 AM

සතුන්ටත් හිරිහැර නොවන ලෙස කටයුතු කරන එක හොඳයි (නි)

:       0       0

සමීර Friday, 04 November 2016 03:18 PM

දඩ කොලේ කොතනද ඔය රුපියල් පන්දහේ දඩේ තියෙන්නේ ඔහොම දඩයක් ගහන්න පුළුවන් උසාවියට විතරයි (අ)

:       0       0

අබය Tuesday, 01 November 2016 07:17 AM

ලෝකයේ දියුණු රටවල සතුන්ට කියල සුබසාධනයක් නැහැ. ඔවුන් මිනිසාගේ යහපත පමණක් ගැනමයි හිතන්නේ. අපිට මතුපිටින් පෙනෙන දේ අභ්‍යන්තරයේ නැහැ. (නි)

:       0       0

අතුල Monday, 31 October 2016 11:01 PM

රියදුරාට දෙවියන් සිහිවෙන්න ඇති (නි)

:       0       0

චතුරි Tuesday, 01 November 2016 01:09 AM

එතකොට මේ මුදල් සතුන් වෙනුවෙන් වියදම් කරනවද? එළුමස් වෙනුවට බලුමස් විකුණන අයට එහෙම දඬුවම් කරන්නේ නැද්ද? (නි)

:       0       0

ඩේසි Tuesday, 01 November 2016 03:04 AM

අපරීක්ෂාකාරීව බස් එළවන්නන්ට කණේ පහරක් (නි)

:       0       0

සහන් Tuesday, 01 November 2016 03:37 AM

ලෝකයේ බොහොමයක් දියුණු රටවල් වල සතුන්ගේ සුභසාධනය වෙනුවෙන් නීති තිබුනත් ලංකාවේ තත්ත්වය කණගාටුදායී. හිතාමතාම අසරණ සතුන්ව යට කරන රියදුරන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. පොලිසියට ස්තුතියි. (නි)

:       0       0

සුදේශ් Tuesday, 01 November 2016 03:56 AM

හොඳ වැඩේ හැමදාටම මතක හිටින්නම (නි)

:       0       0

හිමාල් Tuesday, 01 November 2016 04:35 AM

දඩ ගහලා තියෙන්නේ අනතුරක් වළක්වා නොගැනීම කියන වරදට. බල්ලාව වළලන්න කියන්න ඇත්තේ මහජන පීඩාවක් නිසා. (නි)

:       0       0

රම්සාන් නිසාම් Tuesday, 01 November 2016 06:21 AM

මේක පිස්සු වැඩක් .... බල්ලා බේරන්න ගිහින් බසය පෙරලීමට හෝ අනතුරකට ලක්වීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවුවහොත් එ්කට වග කියන්නේ කවුද? අපිත් ලංකාවේ වාහන එලවනවා, දඩාවතේ යන බල්ලන් හා අයාලේ යන හරක් වගේම සම හරක් මිනිසුන්ගෙන් බේරී ගෙදර යන එකේ අමාරුව අපිට තමා දන්නේ .....(බ)

:       0       0

කිර්ති Tuesday, 01 November 2016 06:38 AM

දැන් පොලිස් කාරයෝ පාර අයිනේ ඉන්න බල්ලෝ පාරට එලවිද දන්නේ නෑ වාහන වල හැප්පුනම ලොකු දඩයක් ගහනවා කියල හොද ගානක් කඩා ගන්න.(බ)

:       0       0

සෑම් Monday, 31 October 2016 09:14 PM

බල්ලෙක් මැරුව එක වරදක් හැටියට සළකා දඬුවම් කළා නම් ඒ බල්ලාගේ ආදාහනය සිදු කළයුත්තේ (අයිතිකරුවෙකු ඉදිරිපත් නොවෙනවා නම් ) රජයෙනුයි. ඒ කියන්නේ පොලිසියෙනුයි. මේ සිද්ධිය උසාවියකට ගෙන ගියා නම් පොලිසිය අවඥාවට ලක්වෙනවා (නි)

:       0       0

හේමාල් Tuesday, 01 November 2016 08:37 AM

බල්ලෝ හරක් පාරට එවන අයටත් දඬුවම් දෙන්න. දඩාවතේ යන බල්ලන් හා අයාලේ යන හරක් නිසා මිනිස්සු ගොඩක් අමාරුවේ වැටෙනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 01 November 2016 09:28 AM

ලංකාවෙත් සත්ව හිංසන පනතක් තියෙනවා. නමුත් එක කොච්චර ක්‍රියාශීලිද කියල දන්නේ නැහැ. නමුත් මේක බොහොම හොඳ ආදර්ශවත් දෙයක්. සතෙක්ට වුණත් ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි කියලා හැමෝටම අවබෝධයක් තියෙන්න ඕනෑ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 01 November 2016 09:34 AM

කැකිල්ලේ තීන්දුවක්. සත්වයින් ආයාලේ යවන අයට දඬුවම් කරන්න. බොහෝ රියදුරන් අනතුරු කරගන්නේත්, මෝටර් සයිකල්කරුවන්ට අනතුරු වන්නේත් මේ වරදින් (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 01 November 2016 11:18 AM

දඩාවතේ යන බල්ලන් රකින්න ගිහිල්ලා බස් එකේ යන මිනිසුන්ට පාරේ යන අනික් වාහන වලට අනතුරක් වුණොත් වගකීම පොලිසිය බාරගන්නවද. මිනිස්සු බේරගන්න බල්ලෝ එකෙක් නොවෙයි 10 වුණත් මම මරාදානවා. බල්ලන් බේරාගන්න ගිහිල්ල රියදුරන් කොපමණ අනතුරු කර තිබෙනවද. (නි)

:       0       0

අරුණ Tuesday, 01 November 2016 11:56 AM

කොහොමද රු 5000.00 තීරණය කලේ? කොහේ තියෙන නීති පොතක්ද? නිවට, නුගත් මිනිස්සු දුටුවම, නිල ඇඳුම් කාරයෝ හරි ඉහල යනවා! (අ)

:       0       0

නිශාන්ත Tuesday, 01 November 2016 04:33 PM

අභය හිතන් ඉන්නේ මැදපෙරදිග කියන්නේ ලෝකයේ දියුණු රටවල් කියල. (අ)

:       0       0

සෙලනිකස් Tuesday, 01 November 2016 06:09 PM

අබය, මොකක්ද ඔබ ඔය කියන දියුණු රට? අපි දන්නා තරමට නම් දියුණු රටවල ආවට ගියාට සතුන් ඇතිකරන්නත් බැහැ. කොටින්ම දිගු කාලයකට බල්ලෙක්ව ගෙදර දාලා කොහෙවත් යන්නත් බැහැ. බල්ලෙක් අරගෙන පාරේ යනකොට ඌ පාරේ දාන දේ පවා අයිතිකරු ඉවත් කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site