X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බසයේ රාක්කයෙන් වැටුණූ බෑගය ජනේලයෙන් ඉවතට

බසයේ රාක්කයේ තිබූ බෑගය තමාගේ ඇඟට වැටීමෙන් කේන්ති ගිය පුද්ගලයෙකු එම බෑගය එක්වරම ජනේලයෙන් ඉවතට විසිකිරීමේ පුවතක් මහනුවරින් වාර්තා විය.

පසුගිය දිනක මහනුවර සිට පේරාදෙණිය බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක සෙනග පිරී සිටි බැවින් බසයට නැගි මගියෙකු තම කාර්යාල බෑගය ඉඳගෙන සිටි කිසිවෙකු නොගත් නිසා බස් රථයේ රාක්කයට දමා ඇත. මුල්ගම්පල ප්‍රදේශයේදී එක්වරම බෑගය රාක්කයෙන් වැටී ඇති අතර එය එතැන අසුණේ සිටි තරුණයෙකුගේ ඔඩොක්කුවට වැටී ඇත. අසුනේ සිටි තරුණයාට කේන්ති ගොස් එක්වරම බෑගය ධාවනය වන බස්රියෙන් ඉවතට විසිකොට ඇත.

මෙය දුටු අයිතිකරුට කරකියාගත දෙයක් නොමැතිව එක්වරම බසයේ සීනුව නාදකර බසයෙන් බැසගොස් ඇත. අවට සිටි පුද්ගලයින් අදාළ තරුණයාට දොස් පවරා ඇති අතර තරුණයා පවසා ඇත්තේ තමන්ට පහසුවෙන් බස් රථයේ ගමන් කිරීම අවශ්‍ය බවත් එම සිද්ධිය අනෙක් අයට අදාළ නොමැති බවත්ය.

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල) 



අදහස් (0)

බසයේ රාක්කයෙන් වැටුණූ බෑගය ජනේලයෙන් ඉවතට

ඉමේෂ් Thursday, 26 January 2017 03:05 AM

දියුණු රටවල පොදු ප්‍රවාහන සේවයේ කාටවත් කරදර කරන්න බැහැ. එ් මනුස්සයා සල්ලි ගෙවල ටිකට් අරන් යන්නේ ඇඟට බඩු වැටෙන්න නෙමෙයිනේ. ලංකාව කියන්නේත් දියුණු රටක්නේ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 28 January 2017 02:46 AM

ඉවසීමක් නැති මිනිස්සු! (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Friday, 27 January 2017 06:41 AM

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ බොහෝවිට තමන්ගේ කියා වාහන නැති අය. ඉතිං අපි හැමෝම ඒකිනෙකා ගැන හිතන්න ඕන. (ම)

:       0       0

ජනහිත Friday, 27 January 2017 02:04 AM

මොනවා කිවුවත් අපේ මනුස්සකම කියන එක කොහෙද මන්දා. මම රැකියාව කරන කාලේ කොළඹ මරදානේ ඉඳලා බෑග් දෙකත් අතින් එල්ලන් බදුල්ලට යනකම් ලංගම බසයේ හිටගෙන ගියා. මම කාටවත් කරදර කළෙත් නැහැ, මට කවුරුවත් උදවු කළෙත් නැහැ. ඒ ගැන මගේ අහිතකුත් නැහැ. (නි)

:       0       1

ඩෑම් Thursday, 26 January 2017 08:26 PM

අපි මෙහේ බස්වල කට්ට කන අතරේ මැති ඇමතිවරු කාර් වල විඳින සැප? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 26 January 2017 12:15 PM

හවසට බොන්න ගත්ත ඕල්ඩ් අරක්කු බෝතලය බිඳී තිබුන නිසා මේ තරුණයා කණගාටු වෙන්න ඇති (නි)

:       0       0

බිනරමලී Thursday, 26 January 2017 09:34 AM

අපේ රටේ බස්රථ පදවන රියදුරන්ගේ වංගු ගැනිල්ලට, බස් එක ඇතුලේ ඉන්න මිනිස්සුත් එලියට විසිවෙන එකේ, බෑගයක් බිමට වැටෙන එකත් අහන්න දෙයක්ද.?පිටිගල,,බෑග් එක දන්නේ නැහැනේ ඔයාගේ උපැස් යුවල වටිනා එකක් කියලා...හා..හා.....? (බ)

:       0       0

බුද්දික රොෂාන් Thursday, 26 January 2017 06:48 AM

මම නම් අනිවාර්යයෙන් ගහනවා ඒ වගේ කැත වැඩ වලට. පහසුවෙන් යන්න ඕනෑ නම් කාර් එකක් ගන්න ඕනෑ (නි)

:       0       0

ඉමේෂ් Thursday, 26 January 2017 06:05 AM

කලවාන-රත්නපුර බස් වල යන අය නම් ඔහොමම තමයි පිටිගල. (නි)

:       0       0

සේනක Thursday, 26 January 2017 05:44 AM

ලංකාවේ බහුතරයක් ඔය වගේ මොළේ අමාරුකාරයෝ. නැත්නම් පහසුවට යන්න බස් එකකට නගීද (නි)

:       0       0

අශිකා Thursday, 26 January 2017 04:50 AM

පිටිගල, ඔයා පාවිච්චි කරන කණ්ණාඩිය වටිනා එකක් කියලා කිවුවා නම් ඉවරනේ (නි)

:       0       0

රිතික් Thursday, 26 January 2017 04:46 AM

මම නම් සෙනඟ පිරුණු බස් වල කවදාවත් යන්නේ නැහැ

:       1       1

හිමාල් Thursday, 26 January 2017 03:27 AM

දවසක් මමත් ඔය වගේ බෑගයක් තියලා වාඩි වුණා. ඒක හදිසියේම ඉස්සරහ සීට් එකේ හිටපු කෙනෙක්ගේ හිසට වැ‍ටුණා. ඒත් මම සිහිකල්පනාවෙන් හිටි නිසා ඔලුවට දශමයක් තියා මම බෑගය අල්ලාගත්තා. (නි)

:       0       0

අහමඩ් Wednesday, 25 January 2017 08:09 AM

පිස්සෙක්. (බ)

:       0       0

පිටිගල Thursday, 26 January 2017 02:53 AM

රාක්කයේ තබන දෙය බිම නොවැටෙන ලෙස තැබීමට තබන්න වගබලා ගතයුතුයි. වාඩිවී බසයේ යන මගීන්ට අනතුරුදායක ලෙස භාණ්ඩ රාක්කයේ නොතැබිය යුතුයි. දවසක් මම රත්නපුර සිට කලවාන දක්වා ගමන් කරන බසයක වාඩිවී සිටියදී එක තරුණියක් රාක්කයේ තැබූ බර යමක් සහිත බෑගය මගේ හිසමතට වැටී මා පැළඳ සිටි වටිනා උපැස් යුවල කැඩී ගියා. මටත් අර තරුණයාට මෙන්ම තරහ ඇතිවුණ නමුත් අන්තිමට කණ්ණාඩියේ කැබලි ටික අනික් මගීන්ගේද සහයෙන් එකතු කරගෙන ගියා. බෑග් එක තැබූ තරුණිය අඩුතරමින් සිදුවූ දෙය ගැන කණගාටුවවත් පළකළේ නැහැ (නි)

:       0       0

දියෝනිස් Thursday, 26 January 2017 01:12 AM

සරණපාල මහත්තයම වෙන්න ඇති වැඩේ දෙන්න ඇත්තේ. දැන් සුදනා වෙන්න හදනවා. වැඩේ හරි නැහැනේ මහත්තයෝ! (නි)

:       0       0

ජනහිත Wednesday, 25 January 2017 11:16 PM

පහසුවෙන් යන්න ඕනෑ නම් තමන්ගේ පුද්ගලික වාහනයක ගියාම ඉවරනේ. මෙය හදිසියේ සිදුවූවක් නිසා අමාරුවෙන් හරි මනුස්සකමට ඉවසා ගන්න තිබුනා. පොදු වාහනවල යනකොට මීටවඩා අකරතැබ්බ වෙනවා. සමහරවිට තම ඇඳුම් අපිරිසිදු වෙනවා මම දැකලා තියනවා. ඇත්තෙන්ම ඒ මඟියා හරි ඉවසිලිවන්තයි. හරි කෙනෙකුට ඕක කළා නම් අත පයවලට බේත් ගන්න කැඩුම් බිඳුම් වෙදෙක් ගාවට ඔහුට යන්න වෙනවා. (නි)

:       0       0

මංජු ශ්‍රී Wednesday, 25 January 2017 10:09 PM

මටත් මේ වගේ දෙයක් පාසල් යන කාලයේ වුණා (නි)

:       0       0

කරූ-කලුතර Wednesday, 25 January 2017 08:18 PM

අනේ අම්මපා සරණපාල කියන කතා! (නි)

:       0       0

සෑම් Wednesday, 25 January 2017 07:59 PM

සරණපාල, මේක බෞද්ධ රටක් වුණාට සරණපාලලා වගේ අබෞද්ධයොත් ඉන්නවනේ. අන්න ඒකයි අවුල.... (නි)

:       0       0

එරන්ද Wednesday, 25 January 2017 05:33 PM

තව ටිකක් ඉවසන්න තිබුනා (නි)

:       0       0

සරත් Wednesday, 25 January 2017 04:33 PM

අන්න හරි මහත්තයා... නියමයි! (නි)

:       0       0

සරණපාල Wednesday, 25 January 2017 01:36 PM

අපේ රට බෞද්ධ රටක්නේ තරහ යන්නේ නැහැ ඔය වග අසමජ්ජාති වැඩ කරන්නේ නැහැ. මේක කාගේ හරි බොරුවක්. (බ)

:       0       0

කරූ Wednesday, 25 January 2017 12:47 PM

මම නම් හිතන්නේ මේ පුද්ගලයා තිරිසනෙක් කියායි. කාර්යාල බෑග්වල කොතරම් වටිනදේවල් රැගෙන යනවද? (බ)

:       0       0

නීලා Wednesday, 25 January 2017 08:35 AM

මම නම් අදහස් කරන්නේ කරපු වැඩේ වැරදියි .කාර්යාලයට යන මහත්මයා බෑග් එක් රාක්කයේ තැබුවේ අතින් අරගෙන යන්න තරමේ අපහසු තත්වයක් බසය තුළ තිබුණු නිසා වෙන්න ඇති. ඒක විසි කරන්න තරම් ඉක්මන් නොවී හිටියානම් තමයි මහත්මා බව තියෙන්නේ.පහසුවෙන් බසයක යන්න ඕනි කියන මානසික තත්වය ඇතිව ලංකාවේ බසයක යන්න පුළුවනිද කියල හිතුවානම් කවදාවත් මේවගේ වැඩක් බෑගය විසිකරපු මහත්තයා නොකරාවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site