එය ආසන 60 ඉක්ම වූ බස්රථයකි. ගමෙන් නගරයට ඇදෙන්නේ හිමිදිරියේය. සෑම බස් නැවතුම්පොළකින්ම හත්අට දෙනකු ගොඩවන අතර ඇතැමෙක් මෙහි අසුන් ‘සමාගම්’ වශයෙන් බෙදාගෙන සිටියහ. ඉදිරි අසුන්වල මෑතකදී දැන හඳුනාගත් ගැහැනුන් හා පිරිමින්ද මැද අසුන්වල නව යොවුන් තරුණියන් ද පිටුපස අසුන්වල මේ සියලූ දෙනා මුසුවූ අට දෙනෙක් පමණ වූ කණ්ඩායමකින්ද සෑදී සිටියහ. සැමදා බස්රියේ යන්නන් හැරුණු කොට අලූතින් ගොඩවන්නන්ට ඔවුන්ගේ කිට්ටුවන්ත කමක් නොවීය. විවිධ වර්ණවලින් යුත් සාරිවලින් තරුණියන් සැරසී සිටි අතර තරුණයෝද ඊට ගැළපෙන වැදගත් කමක් ආරෝපණය කොටගෙන සිටියහ. බස්රථය ඉදිරි ප්‍රධාන නැවතුම් පොළකට ළඟා විය. පිරිසක් බැසීමට සිටි අතර මගීන් විශාල පිරිසක් බස්රථයට ගොඩවීමට ද සිටියේය. පිටුපස අසුනේ එක් අයකු නැගිට්ටේය. එම ස්ථානයෙහි වාඩිවීමට මැදිවියේ කාන්තාවක් සුදානම් වූවාය. නමුත් පසුපස කල්ලිය ඊට ඉඩ නොදුන්නේය. තරුණියන් පිරිස ඒ තැනට කල්ලියට ගැළපෙන තරුණයකු වාඩිකරවා ගත්තේය. සිද්ධිය දුටුවේ පසෙක වෙනත් අසුනක වාඩි වී සිටි සරමක් බැනියමක් හැඳ සිටි මැදවියේ පුද්ගලයෙකි. සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි කාන්තාව දෙස ඔහු ඕනෑ කමින් බැලූවේය. ”එන්න නෝනා මෙතැනින් වාඩිවෙන්න. මම දැනුයි දැක්කේ. නෝනාට පින් සිද්ධ වෙන්න මට දැන් ඇවිදින්න පුළුවන්. හිටගෙන ඉන්නත් පුළුවන්. නෝනා මොකද අද බසයේ.” ඔහු හුන් තැනින් නැගිට ආසනය දුන්නත් ඇය ඔහු නැවතත් වාඩි කරවූයේය. ”නෑ නෑ ඔයා වාඩි වෙන්න මට තව දුරයි නේ. අද වාහනයේ පොඩි ලෙඩක් වුණා. ඒ නිසයි බසයේ ආවේ.” බස්රථය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක් අසල නැවැත්වීය. ඇය එතැනින් බැස ගියාය. ”ඔය ළමයි දන්නවාද? ඒ නෝනා මේ ඉස්පිරිතාලේ අහවල් වාට්ටුව භාර දොස්තර නෝනා. ඇය හින්දයි මම අද දෙපයින් ඇවිදල යන්නේ.” වැඩිහිටියා එසේ කියද්දී පසුපස අසුනේ තරුණයෝ කිහිප දෙනෙක් ලජ්ජාවෙන් ඇඹුරුණහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බසය බදු ගත්තාට අපූරු පාඩමක්
කෝලිත Thursday, 23 February 2012 08:31 PM
මිනිස්සුන්ගේ මනුස්සකම් ටිකටික අති වෙනවා.